වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 235 ක් වෙනිසියුලාව කැලැඹූ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය ගණන 235 පසු කළේය. තුවාල ලැබූ ගණන 4,300 ක් බව පැවැසිණි. නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් බිමට සමතලා වී ඇති බවත්, ඒවායේ සුන්බුන් අතරේ තවත් දහස් ගණනක් සිරවී සිටින බවත් පැවැසෙයි. 26 June 2026
ජනපති ට්‍රම්ප් නේටෝ ප්‍රධානියාට දොස් නගයි ඉරානය සමග ගැටුමේ දී, ඇමෙරිකාවට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට දොස් නගා ඇත. ට්‍රම්ප් මෙසේ දොස් නැගුවේ, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් හමුවී සාකච්ඡා කරද්දීය. 25 June 2026
කමේනීගේ අවමංගල්‍යයට මෝදිට ඇරැයුම් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දී, ඝාතනය කළ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ අවමංගල්‍යය ඉදිරි දින කීපයේ දී පැවැත්වීමට නියමිත බවත්, ඊට සහභාගී වන්නැයි ඉරාන රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ඇරැයුම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 25 June 2026
පාකිස්තාන හමුදාපති මරන්න හදලා ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, ස්විට්සර්ලන්තයේ පැවැති සාමකතා අතරතුරේ, ඊට සහභාගී වුණු පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ බුද්ධි අංශ ඒජන්තවරුන් උත්සාහ ගත් බවත්, පාකිස්තාන බුද්ධි අංශ ඒජන්තවරුන් මැදිහත් වී එම උත්සාහය ව්‍යර්ථ කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 25 June 2026
බොර තෙල් මිල පහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවත් පහළ ගියේ ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න වෙමිනි. ඒ අනුව, ඩබ්ලිව්ටීඅයි ඉන්ධන බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 70.05ක් ලෙස සටහන් වුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 73.32 ක් යනුවෙනි. 25 June 2026
වෙනිසියුලාවට භූමිකම්පා ප්‍රබල භූමිකම්පා දෙකකින් සහ අතුරු භූමිකම්පා මාලාවකින් ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව කැලඹුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවලින් මියගිය ගණන 39 ක් බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. 25 June 2026
ජනපති ට්‍රම්ප්ගේ යුද බලතල කප්පාදු කෙරේ ඉරානය සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් කරන ආකාරයේ විශේෂ පනත් කෙටුම්පතක් ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 24 June 2026
ඉරාන ජනපති පාකිස්තාන අගමැති-හමුදාපති හමුවෙයි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණි ඉරාන ජනාධිපති මෂූඩ් පෙසෙෂ්කියන්ට පාකිස්තාන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඉරාන ජනාධිපතිවරයා පාකිස්තානයට පැමිණියේ, ඇමෙරිකාව සහ ඉරානය පාකිස්තානයේ මැදිහත් වීමෙන් ඇතිකරගත් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. 24 June 2026
දැඩි උණුසුම බ්‍රිතාන්‍ය පාසල් වසයි යුරෝපා රටවල් රැසක් දැඩි උණුසුම් කාලගුණයකින් පීඩා විඳින බවත්, දැඩි උණුසුම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පාසල් සිය ගණනක් වසා දැමීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කළ බවත් මාධ්‍ය වාර්තා කළේය. 24 June 2026
මලයාලම් නළු මමූතිට පද්ම භූෂණ සම්මානය ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන්, විවිධ ක්ෂේත්රවල කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ඉන්දියානුවන් ඇගයීමට ලක් කරන, ‘පද්ම’ සම්මාන උළෙල නවදිල්ලියේදී පැවැත්විණි. ඒ, ඉන්දීය ජනාධිපතිනී දෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම අවස්ථාවට සහභාගී විය. 24 June 2026
ඉරාන ජනපති පාකිස්තානයේ ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්, පාකිස්තානය බලා ගියේය. ඒ, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවී සාකච්ඡා කිරීමේ අරමුණින්ය. 23 June 2026
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මැදපෙරදිග සංචාරයක් අරඹයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැදපෙරදිග රටවල සංචාරයක නියැලෙයි. ධවල මන්දිරය වාර්තා කළේ රූබියෝ,සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමිරේට්ස්, ඕමාන්, කුවේට් සහ බහරේන් යන රටවල සංචාරය කරන බවය. 23 June 2026
කොංගෝවේ ඉබෝලා රෝගීන් දහස ඉක්මවයි කොංගෝවේ ඉබෝලා උණ වයිරසය ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බවත්, ඊයේ (22) වෙද්දී, ඉබෝලා ආසාදිතයන් ගණන 1,048 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 23 June 2026
කවුරු ගියත් ලැරී එතැනමයි ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසින් පසුගිය වසර 10 ක කාලය ඇතුළත නික්ම යන හය වැනි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීර් ස්ටාර්මර් ය. 23 June 2026
උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් බවත්, උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් යැයිනිල වශයෙන් නම් කළ යුතු බවත් එරට නායක කිම් ජොන් උන් පවසයි. 23 June 2026
බ්‍රිතාන්‍ය අගමැති ගෙදර යයි තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව කීර් ස්ටාර්මර් පවසයි. ස්ටාර්මර් මෙසේ පැවැසුවේ ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පවත්වමිනි. 22 June 2026
කටාර් ගෑස් කම්හලක පිපිරීමකින් 54 කට තුවාල කටාර් රාජ්‍යයේ, රාස් ලෆාන් කාර්මික කලාපයේ, ‘බර්සාන්’ නමැති ප්‍රධාන ස්වභාවික වායු අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් 54 දෙනකු තුවාල ලැබූ බවත්, 18 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය පැවැසීය. 22 June 2026
හිස්කබලෙන් බද්ධ වූ නිවුන් දැරියන් වෙන් කෙරේ උපන් දා සිට මාස 19 ක් හිස්කබලෙන් බද්ධ වී සිටි නයිජීරියානු ජාතික නිවුන් දැරියන් දෙදෙනකු සැත්කම් මාලාවකින් පසු සාර්ථකව වෙන් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබේ. මෙම සංකීර්ණ සැත්නම් සිදු කර ඇත්තේ කෘතිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගනිමින් වීම ද විශේෂත්වයකි. 22 June 2026
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු අගවීමක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සාම සාකච්ඡා සඳහා සහභාගී වන ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු එරට පාර්ලිමේන්තු කතා නායක මොහොමඩ් බාගර් ගලිබාෆ් අතර දැඩි අනතුරු ඇඟවීම් හුවමාරු වී ඇතැයි පැවැසෙයි. 22 June 2026
ඇමරිකා ඉරාන දින 60ක එකඟතාවක් දීර්ඝ කාලීන මතභේදයකට තුඩු දී ඇති න්‍යෂ්ටික ගැටලු සහ පැනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා, දින 60 ක ඒකාබද්ධ මාර්ග සිතියමකට එකඟ වීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය පියවර ගෙන ඇත. 22 June 2026
ඇමෙරිකා ඉරාන ප්‍රගතිය හොඳයි ඇමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවල පළමු දිනයේදීම, ‘සාර්ථක ප්‍රගතියක්’ අත්කර ගැනීමට දෙපාර්ශවය සමත්ව ඇතැයි මෙම අර්බුදයට මැදිහත් වී සිටින මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන පාකිස්තානය සහ කටාර් රාජ්‍යය පවසයි. 22 June 2026
ඉන්දී්‍ය අධ්‍යාපන ඇමැතිට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, ඉන්දියාවේ ‘කැරපොතු ජනතා පක්ෂය’ නමින් හැඳින්වෙන දේශපාලන බලවේගයේ තරුණ ක්‍රියාකාරීන්, පොලිස් නියෝග පවා නොතකමින්, නවදිල්ලි අගනුවර සාමකාමී විරෝධතාවක් ආරම්භ කර ඇත. 22 June 2026
ප්‍රංශයේ ජාතික සංගීත උළෙලේ මත්පැන් තහනමක් ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන ජාතික සංගීත උළෙල ආරම්භ වී ඇති බවත්, මෙවර උළෙලට මත්පැන් තහනම් බවත් බලධාරීහු පවසති. මෙය බොහෝ දෙනාගේ දොම්නසට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ. 22 June 2026
බ්‍රිතාන්‍ය අගමැතිට ධුරයෙන් යන්න වෙනවා - ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි. 22 June 2026
දකුණු අප්‍රිකාවට අරමුදල් දෙන්නේ නෑ දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, සුදු ජාතික අප්‍රිකානු ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා දකුණු අප්‍රිකානු රජය අපොහොසත්වීම හේතුවෙනි. අදාළ චෝදනාව දකුණු අප්‍රිකාව විසින් ප්‍රතික්ෂේප කරයි. 21 June 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද මැදපෙරදිග කලාපයේ යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අද (21) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වෙයි. 21 June 2026
චීන විදෙස් ඇමති ඉන්දියාවේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙට (ජූනි 22) සහ 23 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන බ්‍රික්ස් සාමාජික රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය. 21 June 2026
නයිජර් රාජ්‍යයේ වෙඩි තැබීමක් අප්‍රිකාවට අයත් නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා. 21 June 2026
චීනයේ රොබෝවෙක් හිඟමනේ විවිධාකාරයේ මානවරූපි (මනුෂ්‍යයන්ට සමාන ලෙස හිසක්, අත පය සහ සිරුරුක් ඇති) රොබෝවරුන් චීනයේ දකින්න ලැබේ. චීනයේ එවැනි එක් රොබෝවකු මහ මඟ සිඟමනේ යෙදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය (වයිරල්) වී ඇත. 20 June 2026
පාකිස්තානයේ ඉන්ධන මිල පහළට පාකිස්තානයේ ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව, පැට්රල් ලීටරයක මිල රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇති බව වාර්තා වේ. 20 June 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 hours ago