ට්‍රම්ප්ගේ ඒබ්‍රහම් ගිවිසුමට කසක්ස්තානයත් එක්වෙයි
යුදෙව් ඊශ්‍රායලය සමඟ යහපත් සබදතා ඇතිකර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඇතිකරගත් ඒබ්‍රහම් ගිවිසුමට, මුස්ලිම් බහුතරයක් වෙසෙන කසක්ස්තානය ද සිට එක් විය. මේ බව නිවේදනය කළේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ය. ඒ, ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.