
මහ ව්‍යසනයක් සිදුකළ නේපාල ගංවතුර හේතුවෙන් මියගිය ගණන 270 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
1,500කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවත් මරණ සංඛ්‍යාව තව තනත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයට උතුරින් පිහිටි රාසුවා ප්‍රදේශය මෙම හදිසි ගංවතුර තත්ත්වය බලපෑ අතර, ගම්මාන රැසක් ජලයෙන් යටවී මාර්ග සහ යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුවිය.
ගංගාව ආරම්භයේ ටිබෙටයට අයත් ප්‍රදේශයක භූ චලනයක් හේතුවෙන් සිදුවුණු ග්ලැසියර කඩා වැටීමත් සමග පස්, මඩ සහ ජලය ගංගාව දිගේ පහළට පැමිණෙද්දී මෙම ගංවතුර තත්ත්වය හටගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd