ඇපල් සමාගම සිය පළමු Foldable iPhone ස්මාට් ෆෝන් දුරකතනය එළිදක්වා ඇත.

මෙය iPhone Duo ලෙස නම් කර ඇත. මෙය පොතක් මෙන් දෙපසට නැමිය හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

දිගහැරිය විට කුඩා iPad එකක ආකාරයක් ගන්නා අතර, නැමූ විට සාමාන්‍ය iPhone එකකට වඩා පළලින් යුත් දුරකථනයක් ලෙස භාවිත කළ හැකිය.
ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ටියුස් සිය ධුරයේ වැඩ භාරගෙන දෙවැනි සතියේදී මෙම නව iPhone දුරකතනය හඳුන්වාදීම විශේෂත්වයකි.

මෙය ඇපල් සමාගමේ මෙතෙක් හඳුන්වා දී ඇති විශාලතම සහ මිල අධිකම iPhone මාදිලිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකා වෙළෙඳපොළේ මෙහි ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 1,999 ක් වන අතර, ඉහළම මාදිලියේ මිල ඩොලර් 3,200ක් දක්වා ඉහළ යන බව පැවැසයි. එක්සත් රාජධානියේ මෙහි ආරම්භක මිල පවුම් 1,999 කි.