ඉරාන හමුදාව අතට පත් වුණු ඇමෙරිකන් නාවික හමුදාවට අයත් නියමුවන් රහිත ‘ඩයිව් එල් ඩී’ නමැති ඩ්‍රෝන සම්බැරීනයක්, ප්‍රතිනිර්මාණය කිරීමට ඉරාන හමුදාව සමත් වී ඇත.

ඉරාන හමුදාව අතට පත්වුණු මෙම සබ්මැරීනය ඔත්තු නිරීක්ෂණයට යොදා ගන්නා එකකි. දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක මෙම ඩ්‍රෝන සබ්මැරීනයට දින කීපයක් සාගරයේ මෙහෙයුම්වල නියැලිය හැකි බව පැවැසෙයි.

ඉරාන හමුදාවේ තාක්ෂණික විශේෂඥයන් සහ ඉන්ජිනේරුවන් එක් වී, එහි තාක්ෂණය අවබෝධ කරගෙන ඉරාන අමුද්‍රව්‍ය භාවිතයට ගනිමින් නව සබ්මැරීනය නිර්මාණය කර ඇති බව පැවැසෙයි.