මඩකළපුව - කොළඹ දුම්රියට ගල් ගැසීමෙන් මගියකුට තුවාල මඩකලපුවේ සිට කොළඹ දක්වා ගමන් ගත් මීනගයා දුම්රියට සඳුදා(17) මඩකලපුව තිරායිමඩුවේ දී ගඩොල් ප්‍රහාරයක් සිදුව ඇතැයි ද මගියෙකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි. 18 April 2017
මෝරා සපා කෑමෙන් දිය මත ලිස්සා ගිය තරුණිය මරුට බටහිර ඕස්ට්‍රේලියාවේ සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන එස්පරන්ස්හි දී සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි 17 හැවිරිදි තරුණියක මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ. 18 April 2017
කොළඹ කුණු කරදියානට මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය. 18 April 2017
කුණු කන්දේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන ඇමති පාඨලී කියයි මැයි පළමු වැනිදා (1) සිට නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම තහනම් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නියෝගයක් නිකුත් කරන ලදි. මෙම නියෝගය නිකුත් කරමින් විශේෂ කරුණු පැහැදිළි කිරීමක් කළ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ දශක දෙකක් තිස්සේ දිග්ගැසෙන කුණු ප්රශ්නය විසඳන්න බලධාරීන් මැදිහත් වූ සෑම අවස්ථාවකම එය වැළකී ගියේ දේශපාලන සහ ජනතා විරෝධතා නිසා බවයි. 18 April 2017
ඇමරිකානු නාවික හමුදා ගැන චීනයත් රුසියාවත් තොරතුරු සොයති ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් උතුරු කොරියාවට අයත් මුහුද දෙසට එවා ඇති නාවික හමුදා බලඇණිය පළවා හැරීම සඳහා චීනය සහ රුසියාව බුද්ධි තොරතුරු එක්රැස් කරන යාත්‍රා යවා ඇතැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තා කරයි. 18 April 2017
අනුර සේනානායක 27දා දක්වා තවදුරටත් රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය. 18 April 2017
කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස් සොයා මෙහෙයුම් දිගටම මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස් සොයා අද (18) දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 April 2017
හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි සාලියවැව - නීලබැම්ම ප්‍රදේශයේ තිබී හිස නැති මළ සිරුරක් හමු වු බව සාලියවැව පොලීසිය කියයි. එම ස්ථානයේ තිබී පොලිස් කොස්තාපල් වරයකුගේ හැදුනුම්පතක් හා පිස්තෝලයක් හමුවී ඇති බවද පොලිසිය පවසයි. 18 April 2017
ප්‍රාදේශීය සභා ලේකම්ට කැත්තකින් කොටන්න ගිය රියදුරු අත්අඩංගුවට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සභාව තුළදී කැත්තකින් පහර දීමට උත්සාහ කළ බව කියන එම සභාවේම සේවය කරන අනියම් ආදේශක රිය සහායකවරයෙකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි. 18 April 2017
උතුරු කොරියාවෙන් හිතුවක්කාර ප්‍රකාශයක් ජාත්‍යන්තර විවේචන කොතරම් එල්ල වුවද ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර යුදමය අර්බුදකාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවද ඉදිරියටත් මිසයිල අත්හදා බලන බව උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 18 April 2017
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 16.5 ක ණයක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කුවේට් ඩිනාර් මිලියන 5ක් (ආසන්න වශයෙන් ඇ.එ.ජ.ඩොලර් මිලියන 16.5ක) වූ අතිරේක ණය මුදලක් පිරිනැමීමට අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) පියවර ගෙන ඇත. 17 April 2017
ජෙලිග්නයිට් කූරු 55ක් කින්නියාහිදී අත්අඩංගුවට නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී අද (17) කින්නියා ප්‍රදේශයේදී ජෙලිග්නයිට් කූරු කිලෝග්‍රෑම් 7.425 ක් (කූරු 55ක්) සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී. 17 April 2017
මවගේ මරණයෙන් කම්පනයට පත් හැරී කුමරු පහර දීමට පෙළඹෙයි වසර විස්සකට පෙර මියගිය තම මවගේ අභාවයෙන් ඇති වූ ශෝකය පාලනය කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගත් බව බ්‍රිතාන්‍ය හැරී කුමරු ලන්ඩන් නුවර ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට ප්‍රකාශ කළේය. 17 April 2017
දින 11 කදී ලංගමට කෝටි 72 ක ආදායමක් මෙවර සිංහල අවුරුද්ද නිමිත්තෙන් ගමන් බිමන් ගිය මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය දින 11දී රුපියල් මිලියන 721 ක (රුපියල් කෝටි 72.1 ක්) ආදායමක් ලබා ඇතැයි එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.චන්ද්‍රසිරි මහතා පවසයි. 17 April 2017
ගැටුම බේරීමට ගිය පොලිස් සැරයන් පිහි පහර කා රෝහලේ බණ්ඩාරගම, රයිගම පැවැති සංගීත සංදර්ශනයක දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය බණ්ඩාරගම පොලිසියේ සැරයන්වරයකු පිහි ප්‍රහාරයකට ලක්ව හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. 17 April 2017
‘කුණු කන්දට කඹ ඇද්දේ රටේ අැමැතිවරු‘ - ඉසුර දේවප්‍රිය මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත්කිරීම සඳහා තමන් ගෙන ආ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දුන්නේ නම් පසුගිය දා සිදුවූ මහා විනාශය සිදුවන්නේ නැතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 17 April 2017
කුණු කන්ද නායයාමෙන් මියගිය ගණන 30 ට නගී මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව අද(17) පස්වරුව වනවිට 30 දක්වා ඉහළ ගොස් ඇතැයි හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි. අද දිනය තුළ තවත් මළ සිරුරු 3ක් සොයාගෙන තිබූ බවත් ඉන් දෙදෙනකු කාන්තාවන් වන අතර එක් අයකු පිරිමි පුද්ගලයකු වේ. 17 April 2017
විදුලි ඉංජිනේරුවන්ගෙන් ජනතාව ගලවා ගන්න‘යි ජනපතිගෙන් ඉල්ලයි විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ දුෂ්ඨ චක්‍රයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික හා පාරිසරික අයිතිවාසිකම් සඳහා වූ ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 17 April 2017
කුණු කන්ද නායයාමෙන් මියගිය අයකුට ලක්ෂයක් බැගින් වන්දි මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසයි. සිදුවූ දේපළ හානි තක්සේරු කර රුපියල් ලක්ෂ 25 දක්වා උපරිම වන්දියක් ලබාදීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 April 2017
මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ඇමති සාගල - පොලිස්පති පිටව යති මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට අද (17) පෙරවරුවේ එහි ගිය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියමින් විරෝධය පළ කළහ. 17 April 2017
විදුලි ජනන යන්ත්‍රය හදන්න දින 5 ක් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරෙහි විදුලි ජනන යන්ත්‍රයේ අද (17) පෙරවරුවේ ඇතිවූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට දින 5ක් පමණ ගතවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 17 April 2017
36 වැනි වරටත් පිල්ලයාන් රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් වැඩ බලන විනිසුරු එම්.අයි.එම්.රිස්වි මහතා නියෝග කළේය. සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා රිමාන්ඩ් ගත කරනු ලැබුවේ 36 වැනි වතාවට යි. 17 April 2017
ශ්‍රී ලංකාවේ ගෘහ සේවයටත් නීති පද්ධතියක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයින් සේවක පිරිසක් ලෙස රජය පිළි නොගැනීම නිසා මෙන්ම ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය සදහා කිසිදු නීතියක් නොමැති වීම නිසා දේශීය ගෘහ සේවකයින් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ගෘහස්ථ කම්කරු සංගමය ප්‍රකාශ කරයි. ගෘහ සේවකයින්ට අවම වැටුපක් නැති බවත් නිසි සේවා වේලාවක් නැති බවත් එම සංගමයේ සභාපතිනි රාජගෝපාල් සත්යවානී මහත්මිය පවසයි. 17 April 2017
පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් ගාස්තු දීමනාව වැඩි කරන්නයි ඉල්ලයි පළාත් සභා මන්ත්‍රීවරුන්ට දෙන තැපැල් ගාස්තු දීමනාවඉහළ දමන ලෙස සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිහාල් ෆාරුක් මහතා පළාත් සභා රැස්වීමේදී ඉල්ලා සිටියේ ය. 17 April 2017
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු දැමීම මැයි 1 දා සිට තහනම් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් වෙත කුණු බැහැර කිරීම මැයි 1 වැනි දා සිට තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇත. යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍ය වන්නේ නම් එම ආයතන සතු ප්‍රතිපාදනවලින් භූමියක් ලබාගැනීමට සිදුවන බව ද එම අධිකාරිය පවසයි. 17 April 2017
මාදුරුඔය වනයත් චීනයට විකුණන්න සැරසෙයි මාදුරුඔය ජාතික උද්‍යානයෙන් අක්කර 54,250 ක භූමි ප්‍රමාණයක් චිනයට දිමට කටයුතු කරමින් සිටින බව ප්රදේශවාසිහු කියති. දේශිය කාර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති ඇති කිරිම සදහා මෙම ඉඩම් චිනයට ලබා දිමට කටයුතු කර ඇති බවත් අක්කර 43,250 ක් උක් වගාව සඳහාත් ඉතිරිය ගව පාලනය සඳහාත් වෙන් කර ඇතැයි කියති. 17 April 2017
රටේ සෑම පුරවැසියෙක්ම ලක්ෂ 4 ක් ණයයි - සජීත් ප්‍රේමදාස මේ රටේ සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ හතරක් පමණ ණය වී ඇතැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තිස්සමහාරාම තිස්සපුර සිරිජයගම නිවාස ව්‍යාපෘතිය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය. 17 April 2017
මිලියන 70 ක රන් අබරණ රේගුවේදී අසුවෙයි රුපියල් මිලියන 70ක නිම කරන ලද රන් ආභරණ කිලෝ 10ක් විදේශ මත්පැන් බෝතල් බහාලුමක දමාගෙන පැමිණි ලාංකිකයකු කටුනායක ගුවන්තොටුපළේදි අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි. 17 April 2017
පොහෝ දින ආගමික වැඩසටහන්වලට ප්‍රමිතියක් පොහෝ දිනයන්හී සිදු කරන ආගමික වැඩසටහන්වල ප්‍රමිතිය පිළිබඳ විධිවිධාන ඇතුළත් කර චක්‍ර ලේඛයක් දිවයිනේ සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සහ විහාරාධීපති හිමිවරුන් වෙත යොමු කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. 17 April 2017
නොරොච්චෝලේ විදුලි උත්පාදන යන්ත්‍රයක දෝෂයක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රoයක දෝෂයක් හටගෙන ඇත.මින් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නැතැයි විදුලිබල මණ්ඩලය කියයි. 17 April 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026