මුල් පදිංචිකරුවන්ගේ නිජබිම උදුරාගත් දේශපාලනඥයන්ට ඉල්ලමක් වූ කුණු කන්ද ‘‘මගේ සටන නිමා වුණා. මගේ දරුවො තුන් දෙනෙක් යට වෙලා. බිරිඳ හොඳටම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මට ඇඳි වත විතරයි ඉතුරු වුණේ. මම ගමක් වෙනුවෙන් සටන් කළේ. ඇයි මට මෙහෙම වුණේ? ගමක් වෙනුවෙන් සටන් කළ මට අන්තිමට උරුම වුණේ මෙච්චරයි. මං ආයේ කවුරුන් වෙනුවෙන් සටන් කරන්නද? අපි මේවා හැමදාම කිව්වා. මේ ටික වෙනවා කියලයි කිව්වේ. ඇයි මේක තේරුම් ගත්තේ නැත්තේ?“ 16 April 2017
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම අසාර්ථක වෙයි උතුරු කොරියාව විසින් කරන ලද මිසයිල අත්හදාබැලීමකදී මිසයිලය ගුවන් ගත කළ සැණෙකින් පුපුරා ගොස් තිබේ. උතුරු කොරියාව විසින් මෙම මිසයිල අත්හදාබැලීම කරන ලද්දේ උතුරු කොරියානුවන්ගේ යුද්ධායුධ රැස්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා දකුණු කොරියාවට ළඟා වීමට පැය කිහිපයක් තිබියදීය. 16 April 2017
මීතොටමුල්ලේ මිය ගිය ගණන 27 ක් - අතුරුදන් ගණන අවිනිශ්චිතයි මෙතෙක් හඳුනා ගත් මළ සිරුරු ගණන අනුව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියේ මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව තහවුරු මීතොටමුල්ල කුණුකන්ද පාමුල ඛේදවාචකයෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් ඇතැයි යුද හමුදාව කියයි. අද රාත්‍රී 9.20 වන විට මිය ගිය 26 දෙනකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් පුද්ගලයකුගේ කකුලක් පමණක් සොයාගෙන තිබේ. 16 April 2017
සාජාහිදී කාන්තාවක් මරා දැම්මාට ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාජා පොලීසිය විසින් ශ්‍රී ලාංකිකයෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මෙලෙස අත්අඩංගුවට පත් වුයේ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. 16 April 2017
අක්කත් මල්ලීත් මාඔයේ මෝය කටට බිලි වයික්කාල ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින මාඔයේ මෝයකටේ අද සවස 4.00 ට පමණ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 16 April 2017
චිත්‍රපට අධ්යක්ෂ ටී. අර්ජුන් දිවි සිනමාවෙන් සමුගනී සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු වු ටී.අර්ජුන් මහතා (75) අභාවප්‍රාප්ත විය.ඔහු අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට අතර කලියුග කාලේ, වසන්තයේ දවසක් සහ සාරා ද වේ . මේ අතරින් වසන්තයේ දවසක් චිත්‍රපටය ඉමහත් ජනප්‍රියත්වයට පත්වු අතර එය ජනාධිපති සම්මාන 8 කින් ද ගෞරවයට පාත්රවිය. 16 April 2017
කොළඹ අවට ඩෙංගු රෝගීන් 30,000 ක් කොළඹ හා ආසන්න නගර සියල්ලකම රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල් ද ඩෙංගු හා ඩෙංගු යැයි සැක කරන රෝගීන් ගෙන් පිරී ගොස් ඇතැයි ලංකාදීප කළ සොයා බැලීමකදී අනාවරණය විය. 16 April 2017
කුණු කන්ද අවට අවදානම් කලාපයක් මීතොටමුල්ල කූණු කන්දේ ඛේදවාචකය සිදු වූ ප්‍රදේශය අවට අවදානම් කළාපයක් ලෙස නම් කොට එම ප්‍රදේශයේ ගෙවල් 130 ක පමණ පදිංචිකරුවන් තාවකාලිකව ඉවත්කිරිමට උපදෙස් දුන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. 16 April 2017
විශේෂ බස් සේවා අද සිට ඇරඹෙයි අවුරුදු උත්සවය සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවාවන් අද(16) සිට ආරම්භ වූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය කියයි. 16 April 2017
කුණු කන්ද නායයාමට පරිසර සංරක්ෂණ භාරයෙන් චෝදනා පත්‍රයක් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධීයට බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ අධීකාරිය,මධ්‍යම පරිසර අධිකාරිය හා කොළඹ මහ නගර සභාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු යැයි පරිසර සංරක්ෂණ භාරය චෝදනා කරයි. 16 April 2017
කුණු කන්ද නායයෑමෙන් මියගිය 23 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න අධිකරණ නියෝග කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මියගිය පුද්ගලයින් 23 දෙනා සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ දේහයන් පවුලේ ඥතීන්ට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය වැල්ලම්පිටිය පොලිසියට අද (16) නියම කළාය. 16 April 2017
මීතොටමුල්ල සිදුවීම පිළිබඳ විපක්ෂ නායක සොව පළකරයි මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවූ අවසනාවන්ත සිදු වීමෙන් තම හිතවතුන්ගේ ජීවිත අහිමි වීමෙන් ශෝකයට පත් සියලූම පවුල්වලට ශෝකය පළ කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා පවසයි. 16 April 2017
ප්‍රතිචක්‍රිකරණය මගින් සම්පතක් කරගත හැකි කසළ අපට විපතක් වෙලා - ජවිපෙ ලොව බොහෝ රටවල් ප්‍රතිචක්‍රීකරණ කි‍්‍රියාවලියක් මඟින් සම්පතක් කර ගන්නා කසළ ශ්‍රී ලංකාවට විපතක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි. 16 April 2017
කුරු ගඟේ ජීව අත්බෝම්බයක් සිරිපා අඩවියෙ සිට ගලා බසිනා කුරු ගඟේ රජනාවක වළේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් එහි දිය නෑමට ගිය පාසල් ළමයින් පිරිසකට හමුවී ඇතැයි කුරුවිට පොලිසිය කියයි. 16 April 2017
රුපියල් බිලියනයක රන් අබරණ කඩිනමින් අයිතිකරුවන් වෙතට එල්ටීටීඊ ත්රස්තයින්ගේ බාරයේ තිබී හා යුද සමයේ දී අතහැර දැමූ නිවාසවල තිබී සොයාගත් රුපියල් බිලියනයක් පමණ වටිනා රත්රන් භාණ්ඩ හා අනෙකුත් ආභරණ නැවත ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි. 16 April 2017
පාර්ලිමේන්තුවේ සිදුවූයේ යයි කියන දූෂණ වංචා විමර්ශන නැවැත්වූ හේතුව විමසයි පාර්ලිමෙන්තුවේ සිදුවී ඇති බව කියන දුෂණ සහ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ආරම්භ කර තිබු පරීක්ෂණ කටයුතු නැවැත්වීමට හේතුව කුමක්ද? යන්න තමන්ට දැනුම් දෙන ලෙස එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා කොමිසමෙන් විමසීමක් කොට ඇතැයි වාර්තා වේ. 16 April 2017
පේරාදෙණිය සරසවිය 18 දා යළි ඇරෙයි වසංගත උණ රෝගයක් හේතුවෙන් පසුගිය 4 වැනි දා සිට දින නියමයක් නොමැතිව වසා දැමු පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රේල් 18 වැනි දා නැවත අධ්‍යනය කටයුතු සදහා විවෘත වන බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා පවසයි. 16 April 2017
වාහන පිපිරවීමට ගන්නා කිලෝ 15 ක පීඩන බෝම්බයක් වවුනියාවෙන් හමුවෙයි වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පීඩින බෝම්බයක් හමු වූ බව වවුනියාව පොලසිය කියයි. 16 April 2017
මියගිය ගණන 21 ක්- මළ සිරුරු ගමට ගෙන ආ යුතු යයි කියමින් ඥාතීහු විරෝධය දක්වති මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් මිය ගිය ගණන 20 දක්වා ඉහළ ගොස් ඇත.තුවාල ලැබූ 11 දෙනෙක් මේ වන විට රෝහල් ගත කරනු ලැබ සිටිති. අතුරුදන් වූ ගණන පිළිබඳ කිසිදු වගකිව යුතු ආයතනයක් මේ වන තෙක් ප්‍රකාශයක් කර නැත. 16 April 2017
දේපොළ සොරා ගන්නට පැමිණි 23ක් අත්අඩංගුවට මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් අවතැන්වූවන්ගේ දේපොළ සොරා ගන්නට උත්සාහ කළැයි සැකපිට 23 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මීතොටමුල්ල පොලිසිය කියයි. හානි වූ නිවාස අසලට නිකරුණේ පැමිණීමෙන් වලකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි. 15 April 2017
කුණුකන්ද පාමුල ඛේදවාචකය ‘අනේ මහත්තයෝ මට ඇතුළට යන්න දෙන්න. මගේ පවුලම ඉවරයි. ඇයි මට යන්න දෙන්නේ නැත්තේ? අපිට ඇතුළට යන්න දෙන්න.‘ මීතොටමුල්ලේ ප්රදේශවාසියෙක් හැඬූ කඳුලෙන් එම ඉල්ලීම කළේ යුද හමුදා සාමාජිකයන් පිරිසකගෙනි. ඒ සිංහල දෙමළ අලුත් අවුරුදු දා රාත්‍රියේ ය. 15 April 2017
මත්පැන් විසවීමෙන් 30 හැවිරිදි පියා මියයයි මිතුරකුගේ නිවසක පැවැති අවුරුදු සාදයක දී ජීවිතයේ මුල්වරට මත්පැන් පානය කළ බව කියන 30 හැවිරිදි එක්දරු පියෙකු මධ්‍යසාර විෂවීමෙන් මියගොස් ඇතැයි කරාපිටිය රෝහලේ දී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තහවුරු වී ඇත. 15 April 2017
අවදානම් කලාපයෙන් පිරිස් ඉවත් කෙරෙයි කොලොන්නාව කුණු කන්ද කඩා වැටීම නිසා විපතට පත්වූවන් සොයාගැනීමේ මෙහෙයුම් කෙරෙමින් පවතින අතරම අවදානමට මුහුණ දී සිටින පිරිස් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුතුද කෙරෙමින් පවතී. කුණු කන්දේ විශාල කොටසක් දිරායාම හේතුවෙන් තල්ලු වී පැමිණීම නිසා ඇතැම් නිවෙස් කොයි මොහොතේ හෝ බිමට ඇදවැටීමේ අවදානමකට ලක්ව තිබේ. 15 April 2017
මරණ සංඛ්‍යාව 15 ට නගී-දේශපාලනඥයන්ට විරෝධය මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් සිදුවූ සිදුවූ මරණ සංඛ්‍යාව අද දහවල් 12.00 වන විට 15 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. තවත් විශාල පිරිසක් අතුරුදන් යයි වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් දිගටම කෙරේ. සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. 15 April 2017
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මරන හයක් මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් 17 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත්, ඉන් හය දෙනකු මිය ගිය බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ‘ලකාදීපයට‘ පැවසීය. 14 April 2017
පොලිසිය - හමුදාව අඳුරේම සෝදිසි මෙහෙයුම් කරති මීතොමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග එහි ගිය ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීහු යටවූවන් සොයා වෙහෙසෙති. 14 April 2017
ධාවනය වෙමින් තිබූ බසයේ රෝදය ගැලවී වීසිවෙයි හනුවර සිට හැටන් බලා ධාවනය වු පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයක රෝදය ගලහ මංහන්දියේ දී අද (14) ගැලවී ගියේය. රෝගය ගැලවී ගියත් බසය මීටර් 50ක් පමණ දුරට ගොස් නැවතිණි. 14 April 2017
මිතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිමෙන් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් මිතොමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග එම පුදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත. කුණු කන්ද කඩා වැටීම නිසා ගෙවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් යටවී ඇතැයිද වාර්තාවේ. 14 April 2017
වැල්ලම්පිටියේ කුණු කන්ද කඩා වැටෙයි වැල්ලම්පිටිය කුණු කන්දේ කොටසක් කඩා වැටී ඇතැයි වරතාවේ. 14 April 2017
කරුවලගස්වැව සුළඟින් නිවාස 46 කට හානි පුත්තලම -අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 10 කණුව සහ 12 කණුව අතර ප්රාදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් එම ප්‍රදේශයේ මාර්ගය දෙපස නිවාස 46ක ට අළාබ හානි සිදුවී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 14 April 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026