ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
ඉහළ දැමූ බස් ගාස්තුවලට අනුව ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් අයකලැයි උරණවී කොළඹ සිට ගාල්ල හරහා උඩුගම බලා ධාවනය වෙමින් තිබූ උඩුගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයාට පාසැල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අක්මීමන දී පහරදී ඇතැයි පොලිසිය කියයි.
ඔහු අත තිබූ රුපියල් විසි එක් දහසක මුදලක් පැහැර ගත් බවට ද කොන්දොස්තරවරයා පොලිසියට පැමිණිලි කර ඇත.
පහරකෑ කොන්දොස්තර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
බස් ගාස්තු වැඩි කිරීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යක්කල සිට නුගේගොඩට සිටිබි බස් එකේ රු.63.00යි. ( 17 රූට් එක මහනුවර පානදුර) පෞද්ගලික බස් එකේ රු.80.00යි. (17 රූට් එක නිට්ටබුව පානදුර ) මෙහෙම ගත්තේ මගෙන් ගාස්තු වැඩි උනාට පස්සේ එකම දවසේ.ඇයි මේ ගණන් දෙකක් ගන්නේ?
කොන්දොස්තරට ගැහුවඑක වැරදියි. ගහන්න ඕන ඩ්‍රයිවර්ට නැත්නම් බස් අයිතිකාරයට. මොකද කොන්දෙක් සොයාගන්න ලේසියි.
ඇත්තටම මුන්ට ගහාලමදි මරන්න ඔනි මේ කරන වැඩවලට,මොකද අසරණ මිනිස්සුන්ගේ සල්ලි තමයි ගාසා කන්නේ .මේ යාහාපාලනයේ ආණ්ඩුව කරන වැඩ නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ.එක්කො නිතියක් ගෙන්න ඔනි ,නැත්නම් යාහාපාලන ආණ්ඩුව ගෙදර යන්න ඕනි.
ඕක තමා අපේ වරද ගහන්න ඕන ය කරන්න ඕන දේ කරලා කුට්ටියත් අරගෙන සේප විදිනවා. අහක ඉන්න අසරණ අය ගුටි කනවා.
කැබිනට් අනුමැතිය නැතුව කොහොමද ඒක කරන්නේ . මේ නීති විරෝධී වැඩක් කොහොමත් මේ ආණ්ඩුවත් නිතිවිරෝධීයිනේ. කොන්දොස්තරලට බයේ ගාස්තු වැඩි කර. කොන්ද පන නැති නායකයෝ දෙන්නෙක් ආණ්ඩුව කරනකොට ඔහොම තමයි.
මේවා ප්‍රවාහන අමාත්‍යංශයේ වැරදි… කෝ පරීක්ෂකවරු? ඔවුන්ට වැටුප් ගෙවන්නේ ගෙදර ඉන්නවටද? පරීක්ෂකවරු දාල නිතරම බස් පරීක්ෂා කරලා ටිකට් දීල නැත්නම් හෝ වේදීන් ගාස්තු අයකිරීම් කරලා තියනවනම් දඩ නියමකලනම් මේවා හරියට වෙනවා.