( සුමතිපාල දීයගහගේ )
සෞඛ්‍ය ඇමති රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් රණවිරුවන්ට අපහාසවන අන්දමින් කරන කරන ලද ප්‍රකාශයට විරෝධය පල කිරිම සදහා හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම
මන්ත්‍රීවරුන් අද (22) පැවති හබරාදුව ප්‍රාදේශීය සභා රැස්වීමට අත්වල කලුපටි බැද ගෙන පැමිණියහ.
ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ සහ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් ඇතුලු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රිවරියන් පහළොස් දෙනාම අත්වල කලුපටි බැද ගෙන රාජිත සේනාරත්න
මහතාගේ ප්‍රකාශයට විරෝධය පල කරමින් රැස්වීමට සහභාගී වුහ.
ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි සභා රැස්වීම පැවැත්වුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට තමන්ගේ බුදලයක් කියල හිතාගෙන, මේ වගේ ප්‍රකාශ කරන මේ වගේ දේශපාලකයන්ට අඩුම තරමින් මෙහෙමවත් විරෝධතාවයක් දක්වන එක ඉතාම හොද වැඩක්. මොවුන්ට ලැබිය යුත්තේ මරණ දඩුවම.
යුද්ධයේ නිමාව දුටු හමුදාපති වරයෙක් කුදලාගෙන යනකොට කළුපටි හොයාගන්න බැරිවෙන්න ඇති මගේ හිතේ.
වැස්සට පාරක යන්න බැහැ මුන් බොරු සෝබන වැඩ.......කොංක්‍රීට් කරපු පාරවල් දවස් කිහිපයකින් කැඩිලා...........