(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ දරුවන් අතර පැතිරියන වෛරස් උණ රෝගය පිළිබද හා දැනට මෙම රෝගි තත්වයට ලක්විමෙන් දකුණු පළාතේ සියලුම රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබන රොගින් ගැන සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා පළාත් සෞඛ්‍ය ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත උපදෙස් ලබා දි ඇත.
උණ රෝගය වැළදිමෙන් දැනට ප්‍රථිකාර ලබන නේවාසික රෝගින් ගැන දත්ත ලබාගෙන එහි තොරතුර වසංගත රෝග ඒකකයට දන්වා පාසල් වැසිම ගැන මෙන්ම ඉදිරි කටයුතු ගැන උපදෙස් ලබාගන්නා ලෙස ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දි තිබේ.
දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්විමේ දි. වෛරස් උණ රෝගය පිළිබද මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. විජේසුරිය මහතා විසින් පියවරගෙන ඇත.
මෙහිදි මන්ත්‍රිවරුන් මෙම උණ රෝගය ගැන මෙන්ම එය වලක්වා ගැනිමට ගෙන ඇති පියවරවල් කුඩා දරුවන් මියයාම ගැන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ.
මේ ගැන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි විජේසුරිය මහතාගෙන් අප කළ විමසුමකදි මේසේ කිවේය.
වෛරස් උණ රෝගය ගැන පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට මා කටයුතු කළා..රටට ආදරය කරන පුරවැසියෙකු විදියට රාජ්‍ය සේවකයෙකු විදියට තමයි මම තින්දු තිරණ ගන්නේ කියලා කිවා. මේ ගැන වැරදි ප්‍රචාර තුලින් රටට වන හානිය ගැන මම පැහැදිලි කළා. මෙකි වෛරසය සුළග මගින් තමයි බෝවෙන්නේ වලක්වා ගැනිම තමයි කළයුත්තේ.
මේ සදහා එන්නතක් පවා නැහැ. ලෝකයේ වෙනත් රටවලද මෙම වෛරස් උණ පැතිරෙනවා. මෙම වෛරස් උණ වැළදිමෙන්දරුවන් හතයි මියගොස් තියෙන්නේ අප්‍රෙල් මාසයේ මුල ඉදලා තමයි මෙම වෛරස් තත්වය ඇති වුණේ.
දැනට මෙකි වෛරස් උණෙන් රෝගින් 350ක් විතර නේවාසික ප්‍රථිකර ගන්නවා .
මේ කාලය තුල 800ක් විතර ප්‍රථිකාර අරන් තියෙනවා. කුඩා දරුවන් 100ක් විතර සිටින බවද පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරම්පරික හෙළ වෙදකම් කරලා මේ ලෙඩ්ඩු මරුනනම් ඔය බටහිර වෛද්‍යවරු රෙදි ගලෝගෙන කෑ ගහයි….වයිරසයේ නම අහයි, කොහොමද දන්නේ අහයි, ලෙඩේට කියන නම අහයි, එයාල ලගට ගෙනවානම් බේරගන්න තිබුණ කියයි ....නමුත් පාරම්පරික හෙළ වෙදකමේ මේ වගේ වෛරස නසන බෙහෙත් අනන්තවත් තියෙනවා, ඕවට නම් කියන්න ඒ මිනුස්සු දන්නේ නැහැ..නමුත් වෛරසය නසන බෙහෙත් දීල ලෙඩේ හොදකරන්න දන්නවා ….මේ රෝගීන්ව වෙදගමට රැගෙනයන්න.
වාර්තා හද හද ඉන්න වෙලාවේ ලෙඩෙකුට බෙහෙත් කලානම් ඒක බොහෝ වටිනවා.
මේ වෙලාව බරපතල කාරණයකට සිත් යොමු කරන්න ඕනේ මිසක් වාර්තා හදහද ඉන්න වෙලාවක් නෙමේ. ඇමතිට ඕනේ නම් කෙනෙක් දාල කරගන්න. අනිත් අයට ලෙඩේට මුල හොයල ප්‍රතිකාර කරන්න ඉඩ දෙන්න. කද තිබුනට මොලේ නැහැ වගේ.
යම්කිසි ප්‍රශ්නයකට සාර්ථක පිලිතුරක් ලබා ගන්න ඒ ප්රශ්නය හොදින් අධනය කළ යුතුයි.ඒ සදහා ප්‍රශ්නයට අදාල සංඛයා දත්ත හා වෙනත් තොරතුරු එක් රැස් කල යුතුයී.එය වරදක් නොවේ නමුත් ප්රශ්නය වන්නේ මෙම වෛරස් උන පැතිරෙන්නේ අප්‍රේල් මුල් සතියේ සිට නම් දැන් මැයි මාසයේ මැද වෙනකම් මේ සම්බන්ධයෙන් සොයා නොබැලුවේ ඇයිද යන්නයයි. විශේෂයෙන්ම දකුණේ මහා ඇමතිවරයා ඇතුළු අමාතය මණ්ඩලය ජනතාවට කරුනු කිව යුතුයී.ඒ වෙනුවට දකුණු පළාත් සභාවේ අධයාපන ඇමතිවරයා මියගිය රෝගින්ගේ සංඛයාව සොයමින් දේශපාලන වාසි ගන්න පහත් උත්සාහයක නිරත වෙනවා.
හරි වාර්තාව හැදුව කියමුකෝ? කියවල තේරුම් ගන්න කීදෙනෙකුට පුලුවන්ද? තව වාර්තාවේ එන යෝජනා ක්‍රියාත්මක කරන්න ගිහිල්ල කීදෙනෙකුට ගානක් හොයාගන්න පුළුවන් වෙයිද කියල වෙනම වාර්තාවක් හදන්න වෙයි වගේ.