අමදෝරු අමරජීව
ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැය දෙකක් ප්‍රමාද විමට විරෝධය දැක්වු ප්‍රාදේශීය සභා සභාපතිවරු පස් දෙනෙක් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පිරිසක් අමාත්‍යවරයා පැමිණිමට සුළු මොහොතකට පෙර සභාව වර්ජනය කර පිටව ගියහ.
මෙම රැස්විම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වුණි. පස්වරු 02.00 තිබූ රැස්විමට අමාත්‍යාවරයා පැමිණියේ පස්වරු හතර පසුවීමෙන් පසුවය. ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ ගෝමරන්කඩවල, පදවි ශ්‍රී පුර හා කන්තලේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු පිටව යද්දි එය අනුගමනය කරමින් කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපති (මුස්ලිම් කොංග්‍රසය) අයිනිය පිල්ලේ මුබාරක්, තඹලගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති (එක්සත් ජනතා නිදහස් සන්ධාන) ඒ.බි.සුබියාන් යන මහත්වරු ද පිටව ගියහ.
ඒ අනුව එම විරෝධයට එක්වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු කිහිප දෙනෙක්ද ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ උප සභාපතිනි එස්.නෙරංජලා සරෝජනි, තඹලගමුව ප්‍රාදේශිය සභාවේ උප සභාපති චම්පික බණ්ඩාර යන මහත්ම මහත්මීහුද නැගිට ගියහ.
වෙලාවට පටන්ගන්න බැරි රැස්විම් වලට අප ඉන්නේ කොහොමද අපට තව වැඩ තියනවා යැයි පවසමින් ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ සභාපති එල්.බි.චන්දන විජිත කුමාර මහතා සිය විරෝධය මාධ්‍යවේදින් ප්‍රකාශ කළේය.
නමුත් දෙමල ජාතික සන්ධාන ප්‍රාදේශිය සභා සභාපතිවරු තිදෙනා හා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරු දෙදෙනා ඇතුලු එම පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම් සභාවේ රැදි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ..!
මේ මොරසූරන වැස්සේ කොළඹ ඉඳල ත්රිකුනාමලේට යන්න පැය 8 ක් වත් යනවා. අලුත් ගම්සභාපතිලට ඉවසීම ගොඩක් අඩුයිවගෙ පෙනෙන්නේ.
ඇමතිට පකෂව කියනවා නොවේ. මේගොල්ලෝ ලංකාවේද ජීවත්වෙන්නේ? මහා පාරවල්වල වාහන තදබදය ගැන දන්නේ නැද්ද? ගංවතුර හැම තැනම. ඇමති කොළඹ සිට අවනම් කොපමණ තැනක ගංවතුරින් යටවෙලා තියෙන්න ඇතිද?පොදු ජනයා හැමදාම වාහන තද බදය හින්ද වෙලාවට වැඩ කරගන්න බැරිව දුක් විඳිනවද? හරියට වෙලාවට වැඩ කරන උදවිය වගේ. හැබැයි හොර මැර කම් කරන එක නම් වෙලාවට කරයි. බොරු සෝබන.
එහෙම ප්‍රමාද වෙයි කියල හිතනවානම් ගමන කලින් පටන් ගන්න ඕනේ. ඔය වගේ මෝඩ,තකතීරු කතා කියන්න එපා. ඔයාල වගේ අය ඉන්නකන් අපේ රට හැමදාම ඔහොම ම තියේවි!
තාම පට කන්නාඩි වලින් ජාතික ප්‍රශ්න බලන එකයි නරක වැඩේ
හොඳ වැඩේ. මොකද ගංවතුර සහ වෙන ප්‍රශ්න තියෙනවනම් ටිකක් කලින් යන්න ඕනේ. පොඩි ළමයෙක් නෙවේනේ.
පුංචි ආණ්ඩුවේ වෙලාවට කලාවට වැඩ කරන මහත්වරුනි. මෙහෙත් හරි වැස්ස.