සමහර වෙලාවට ජනපති බලතලත් ඕනෑ - ඇමති රාජිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම්වලට යටත් නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසිය. 1977 වසරේ සිට තමා විධායක ජනාධිපති බලතලවලට එරෙහිව කටයුතු කළ පුද්ගලයකු වුව ද ජනාධිපති බල තල තිබිය යුතු යැයි ඇතැම් අවස්ථාවල සිතෙන බව ද සේනාරත්න මහතා කිවේය. 11 April 2017
පේරාදෙණිය නවකවධ සිද්ධියේ සිසුහු යළි රිමාන්ඩ් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11) නියෝග කළේය. 11 April 2017
අලුත් අවුරුදු ලිත් ලක්ෂ 2 ක් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ගබඩාවල මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද නැකැත් සීට්ටුව හා අනෙකුත් තොරතුරු ඇතුළත් ලිත් ලක්ෂ දෙකක් පමණ මුද්‍රණය කළද ඒවා බෙදාහැරීමට නොහැකිව නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ගබඩා කර ඇතැයි වාර්තාවේ. 11 April 2017
දයාසිරි පඬුවස්නුවරට, ධර්මසිරි බිංගිරියට කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ. 11 April 2017
බගවන්තලාවේ ඉල්ලම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ පහත් බිමක ඇළ මාර්ගයක් කැපිමේදී මතුවු වටිනා මැණික් ඉල්ලම් තොගයක් බගවන්තලාව පොලිසිය මැදිහත් විමෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදි තිබේ. 11 April 2017
ධිවර අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ - මහින්ද අමරවීර මෙච්චර කාලයක් ආණ්ඩු තිබුණා.අමාත්‍යංශ තිබුණා,ඒවට ඇමැතිවරු පත්වුණා.හැබැයි ජාතික ප්‍රතිපත්තියි කියලා හදන ඒවා ආණ්ඩු මාරුවෙන කොට විතරක් නෙමේ ඇමැති වරයා මාරුවෙන කොටත් වෙනස් වුණා.මේ රට වෙනුවෙන් ගනු ලබන ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරු මාරුවෙන මාරුවෙන වේලාවට වෙනස් වෙන්න ගත්තොත් රටට තියා මේ ජනතාවටවත් කිසිදු ප්‍රතිපලයක් වෙන්නේ නෑ. 11 April 2017
ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 11 April 2017
රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන කිසිම දෙයක් ස්ථිර නැති ලෝකයක රජයේ සේවය ස්ථිර කියල හිතාගෙන අපේ තරුණ තරුණියන් ඉල්ලනවා කාර්යාල කාර්ය සහායක තනතුරක් හරි දෙන්න කියලා. මේ තමයි අපේ සමාජය අද හැඩ ගැහිලා තියෙන හැටි. නමුත් හොඳ ව්‍යපාරයක් කරගෙන, හොඳ ව්‍යවසායකයෙක් වෙලා ඊට වඩා යමක් උපයන්න පුළුවන් බවත් රටට සේවයක් කරන්න පුළුවන් බවත් අපේ අය තේරුම් නොගැනීම කණගාටුවක්.’’ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අඟහරුවාදා (11) ගාල්ලේ දී කීවේය. 11 April 2017
ජාතික සම්පත් විනාශ වේ නම් මහා සංඝරත්නය එකමුතු විය යුතුයි - කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි අතිතයේ දී රටට යම් විපතක් වන විට මහා සංඝරත්නය එකමුතුව එය වළක්වා ගැනිමට පෙරමුණ ගත්තාක් මෙන් වර්තමානයේද රටේ ඡාතික සම්පත් වලට යම් විපතක් වන විට මහා සංඝරත්නය එකමුතුව පෙරමුණ ගත යුතු යයි ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ඡි. එල්. පීරිස් මහතා හමුවේ පැවැසුහ. 10 April 2017
සුදු වෑන් රියකින් පැමිණ කැකිරාවේ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිහින් කැකිරාව ඉපලෝගම ව්‍යාපාරිකයකු(38) ඉරිදා (09) පෙරවරුවේ සුදුපැහැති වෑන් රථයකින් හා කැබ්රථයකින් පැමිණී සන්නද්ද පිරිසක් විසින් පැහැරගෙන යාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹූ බව ඉපලෝගම පොලිසිය කියයි. උදෑසන 7ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් සුදුපැහැති වෑන් රථයකින් තම නිවසට පැමිණී බව පැහැරගැනීමට ලක්වූ බව කියන පුද්ගලයාගේ බිරිය පවසයි. 10 April 2017
හියාරේ රක්ෂිතයේ හොර මත්පැන් නිෂ්පාදනාගාර 07 ක් වටලයි ගාල්ල හියාරේ රක්ෂිතයේ අනවසර මත්පැන් නිෂ්පාදනාගාර 07 ක් වටලා රුපියල් ලක්ෂ 10 වටිනා මත්පැන් මිලි ලීටර 81,400ක් සහ ගොඩා මිලි ලීටර 350,000ක් සමග සැකකරුවන් 08 දෙනෙක් ගාල්ල සුරාබදු ස්ථානය හා දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලෑබූහ. 10 April 2017
පෙම් යුවළට පහර දී මුදල්, ජංගම දුරකතනය පැහැරගනිති පෙම් යුවලකට පහරදී රුපියල් 10,000 ක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන හතර දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. එම තරුණියටද සැකකරුවන් අඩත්තේට්ටම් කර ඇති බවටද අනාවරණය වී ඇත. 10 April 2017
ගංජා වැටලීමට ගිය සුරාබදු නිලධාරීන්ට ගම්වැසියෝ පහර දෙති මහියංගන කෙසෙල්පොත ප්‍රදේශයේදි ගංජා වැටලිමකට ගිය සුරාබදු නිලධාරින් පිරිසකට අද (10) කෙසෙල්පොත ගම්මානයේ වැසියන් පිරිසක් පහර දී තිබේ. සුරාබදු පරික්ෂකවරයකු හා සුරාබදු නියාමකවරයකු තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද මහියංගන පොලිසිය පවසයි. 10 April 2017
බර්ටි විජේසිංහ සමුගනී ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර ලංකා කණ්ඩායමේ සිටි අග්‍රගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ බර්ටි විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. විජේසිංහ මහතා මියයන විට 96 වැනි වියේ පසුවිය. 10 April 2017
වෙනත් රැකියාවක නිරත නම් අර්ථ සාධක අරමුදල පමාවෙයි සේවක අර්ථසාධක අරමුදල ලබා ගැනීමට නිසි වයස සපුරා තිබුණත් විශ්‍රාම ගෙන වෙනත් රැකියාවක නිරත වන්නේ නම් අර්ථසාධක අරමුදල ලබා ගැනීමේ අයදුම්පත් භාර නොගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 10 April 2017
මාර්තු මාසයේදී සංචාරකයන් පැමිණීමේ 2.5% ක බැස්මක් පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2.5 %කින් අඩුවී ඇතැයි ලංකා සංචාරක අධිකාරිය සඳහන් කරයි. ඉකුත් මාසයේ විදෙස් සංචාරකයින් 188,076 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත සටහනකින් වාර්තා වේ. 10 April 2017
මහාධිකරණ විනිසුරු රාමනාදනන් කන්නන් ඉවත් කරන්න ජනපතිට තවත් ඉල්ලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා නීතීය හමුවේ බලරහිත අන්දමට පත් කරන ලද මඩකලපු මහාධිකරණ විනිසුරු රාමනාදනන් කන්නන් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 10 April 2017
සිංගප්පූරුව හා ඩුබායි වගේ අපිත් එක්ව ඉදිරියට යා යුතුයි - කතානායක ලෝකය පුරා තැනින් තැන බෝම්බ ශබ්ද ඇසෙමින් පවතින අවස්ථාවක අපේ රටේ ඉතාමත් සන්සුන් දේශපාලන වාතාවරණයක් ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. 10 April 2017
රජරට වකුගඩු රෝගයේත් මධ්‍යම ඇමරිකාවේ තත්ත්වයේත් සමානතා මධ්‍යම ඇමරිකානු කළාපයේ පැතිර යන වකුගඩු රෝගය හා ශ්‍රී ලංකාවේ රජරට ඇතුළු ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු රෝගය සමාන ලක්ෂණ සහිත එකම රෝගයක් බවට තහවුරු වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. 10 April 2017
මර්සලින් ජයකොඩි පියතුමන්ලා දහසක් අද ඕනෑවෙලා තියෙනවා - ජනපති “ගීතයක්, නවකතාවක්, නාට්‍යයක්, චිත්‍රපටයක්, විවිධ ප්‍රසංගයක් මේ සියල්ල ගත් විට ආගමක්, භාෂාවක්, ජාතියක් වර්ණයක් නොමැතිව සමස්ත මානව සමාජයම ඒ තුළට එක්වෙනවා. ඒ හඬට ආකර්ෂණීය වෙනවා“ 10 April 2017
දිගාමඩුල්ල මන්ත්‍රී පිරිසක් සමග විරෝධතාවක පළාත් පාලන ජන්දය පවත්වන ලෙසත් බඩු මිල අඩු කරන ලෙසත්, දේශපාලන පළි ගැනිම් නතර කරන ලෙසත් හා ජාතික සමිපත් විකිණිම නතර කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අද(10) අම්පාර ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක් කළහ. 10 April 2017
ජාවාරම්කරුවෝ නරි ඔය දෙපස වනය වනසති නවගත්තේගම සිට ගලා බසිනා නරි ඔය දෙපස වසර සිය ගණනක් පැරණි ගස් කැපු ජාවාරම්කරුවන් හඳුනාගෙන තිබුණද ඔවුන් සදහා නිතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම ජාවාරම්කරුවන් විසින් නරි ඔය දෙපස තිබු මී ,කුඹුක් , ඇතුළු වසර සිය ගණනක් පැරණි ගස් කපා දමනු ලැබ ඇත. 10 April 2017
බ්ලූම් ජාත්‍යන්තර පාසලට ඉතාලියේදී මුල්තැන ඉතාලියේ ‘සියැක් සී ගයිඩා‘ තරගාවලියේ ඉතාලියේ සියලූම ජාත්යංන්තර පාසල් අතරින් පරපාසථම ස්ථානය දිනාගැනීමට ශ්රීන ලාංකික පාසලක් වන බ්ලූම් ජාත්යනන්තර පාසල සමත් විය. 10 April 2017
මහනුවර මැයි රැළියට පොලිතින්, අරක්කු නෑ - මහින්ද අමරවිර පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි. 10 April 2017
රිදීගම සෆාරි උද්‍යානය අලුත් අවුරුදු දිනවලත් විවෘතයි අම්බලන්තොට රිදීගම සෆාරි උද්‍යානය අලුත් අවුරුදු දිනවල ද සංචාරකයන් වෙනුවෙන් සියලු පහසුකම් සහිතව විවෘතව පවතින බව එහි අධ්‍යක්ෂක කසුන් හේමන්ත අමරසිංහ මහතා පවසයි. 10 April 2017
තැපැල් සීමා පුළුල් කරන්න සබරගමුවෙන් යෝජනාවක් රජයේ තැපැල් කාර්යාලවල ලිපි බෙදීමේ සීමාවන් වසර විස්සකට වැඩිකාලයක් තිස්සේ පුළුල් නොවීමෙන් අලූතින් බිහිවූ ගම්මාන වලට ලිපි නොබෙදෙන නිසා එම ලිපි බෙදීමේ සීමාවන් පුළුල් කරන ලෙස මධ්‍යම රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමින් සබරගමු පළාත් සභාව යෝජනාවක් ඒකමතිකව සම්මත කළේය. 10 April 2017
පොලිස් අණ නොතකා ගිය ත්‍රිරෝද රියට වෙඩි තබා සිව් දෙනෙක් අත්අඩංගුවට පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ බව කියන ති‍්‍රරෝද රථයක් ලූහුබැද එයට වෙඩි තබා එහි සිටි තරුණයන් සිව් දෙනෙකු අද (10) අලූයම අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 10 April 2017
බෝයගනේ අනතුරින් තුනක් මරුට කොළඹ-කුරුණෑගල- බෝයගනේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් එකම පවුලේ පියා දියණිය සහ තවත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 10 April 2017
ලාදුරු රෝගය නැවතත් හිස ඔසවන ලකුණු ලාදුරු රෝගය මෙරට තුළ නැවතත් හිස ඔසවන බව අන්තර් ආගමික සාමපදනමේ සභාපති ඩබ්ලිව් තිලකරත්න පියතුමා පවසයි. ලංකාවේ ලාදුරු රෝගය සම්පුර්ණයෙන්ම මර්ධනය කර ඇති බව ලෝක සොඛ්‍ය සංවිධානය 1983 දී ප්‍රකාශ කර ඇතත් මේ වන විට ලංකාවේ ලාදුරු රෝගීන් 2000 ට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති තිලකරත්න පියතුමා කියයි. 10 April 2017
ඉන්දු - ලංකා මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කරන්න ඉන්දියාවෙන් ඉල්ලීමක් තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම වැළැක්වීමට ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාර වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කරයි. 10 April 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026