ලන්ඩන්හිදීය (රොයිටර්)
යුග දිවියට එළැඹි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකෙල් ඔවුන්ගේ මධුසමය දින කිහිපයකට ප්‍රමාද කර තිබේ.
රාජකීය කාර්ය කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙලෙස මධුසමය ප්‍රමාද කර තිබේ. එයින් පළමුවැන්න හැරී කුමරුන්ගේ පියාගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන් සංවිධානය කර තිබෙන විශේෂ සාදයයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරුගේ 70 වැනි උපන්දිනය නොවැම්බර් 14 වැනි දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ එළිමහන් සාදයක් සංවිධානය කර තිබේ. බකිංහැම් මාලිගයේ එළිමහනේදී මෙම උපන්දිනය සාදය මැයි 22 වැනිදා පැවැත්වේ.
මෙම රාජකීය සාදය හැරී කුමරුන් සහ මේගන් මාකෙල්, සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරියා ලෙසින් සහභාගී වන පළමු නිල රාජකීය උත්සවය ද වනු ඇත. චාල්ස් කුමරුගේ බාල පුතු වන හැරී කුමරු බ්‍රිතාන්‍යය රාජකීය කිරුළේ හයවැනි උරුමක්කරුය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් දිනය නොවැම්බර් 14 නේද? ඉතිං දැන්ම මොකද මධුසමය කල්දමලා තියෙන්නේ? පව් අහිංසක කොල්ලා. මදැයි, කාලාන්තරයක් බලන් හිටියා...
මේ පුවතේ හැටියට නොවැම්බර් 14 දක්වා මධුසමය කල්දාලද?
එහෙමයි කියලා මේ අයට අලුතෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.
මේ රටවල්වල සමහරුන් ළමයින් හම්බවුනාටත් පස්සේ කසාද බැඳලා ඊටපස්සේ මධුසමයට යනවා!!! මේ අයත් එහෙම අයද දන්නේ නැහැ.
පුදුමය නම් මෙපමණ සම්ප්‍රදායික රැජිනත් මේකට අනුමැතිය දීපු එකනේ. ඔය රජ පවුල පිළිබද තිබුන පොඩි සැලකිල්ලත් දැන් මට නැත
අපේ අය නම් උපන්දිනේ කල්දානවා.
අතීතය කල් දැමිය හැකිද?