(රංජන් කස්තුරි)
ඊ.ටී .අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඇමෙරිකා ඩොලර් මිලියන75 ක මුදලකට ( ආසන්න වශයෙන් රුපියල් මිලියන 11833 කට) විකිණිමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී තිබේ.
ඊටී අයි ෆිනෑස් ලිමිටඩ් ආයතනය මුහුණ දී ඇති මූල්‍ය දුරිවලතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ආයතනයේ පරිපාලන හා උප පරිපාලන සමාගම්වල අයිතියට සහ ආයෝජන දේපල විකිණිමට අවසර ලබා දුන් බව මහ බැංකුව සඳහන් කරයි.
එම මුදලින් තැන්පතුකරුවන්ට සියයට 10 ක මුදලක් රුපියල් මිලියන 4750 ක් ජුනි මස 05 වැනිදා සිට ගෙවීමටද මහබැංකුව උපදෙස් දී තිබේ.
එම ගෙවීම් පිළිබඳ සැලැස්මක් තැන්පතුකරුවන්ට ඉදිරිපත් කිරීමටද නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර රාජ්‍ය බැංකු තියෙද්දී මේකේ දාලා කරගත්ත දේ...
මේ සිද්ධියේදි මහ බැංකුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ. හරි හමන් අධීක්ෂණයක් කරා නම් ඔහොම දෙයක් වෙන්නේ නැහැනේ...
දුගී දුප්පත් මිනිස්සුන්ට උකසට සල්ලි පොලියට දීලා තමයි මේ බැංකු ඇතිවුනේ.ඕවා යාදෙන්නේ නැහැ.
මහ බැංකුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ..ඉතිරි 90% ගැන තීරණය කුමක්ද?
ඇතැම් නාලිකාවල උදේට උදේට ගේන වාලම්පුරිය ගෙනැල්ලා සල්ලි දෙන්න තිබ්බනේ...
මහා බැංකුවේ පුද්ගලික මුල්‍ය ආයතන නිරීක්ෂණ අංශය නිදි වැදිලද ඉන්නේ කියලා අහන්න වෙලා නේ. පින් පඩි ගන්නවා වෙන්න ඇති මාසෙකට වරක්
මමත් හිතනවා මහ බැංකුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ කියල. මහා බැංකුව තිබෙන්නේ මේ වගේ ආයතන කඩා වැටෙන්න ඉස්සරවෙලා උපදෙස් දීලා අමාරු තත්වයෙන් ගොඩ ගන්න.