( එච්. චන්දන )
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය දුම්රිය හරස් මාර්ගයේ සංඥා කුටියේ විදුලිය , විදුලි බලමණ්ඩලය විසින් කපා දැමීම නිසා එම දුම්රිය ගේට්ටු නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් රියදුරන් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවද දැඩි අපහසුතාවට පත්ව තිබේ.
දිර්ඝ කාලයක් නිසි පරිදි විදුලි බිල් පත් අදාල මුදල් ගෙවීම පැහැර හැරීම නිසා 2018 / 03 / 05 වන දින මෙම සංඥා කුටියේ විදුලිය කපා දමා , මීටරය පවා ගලවාගෙන ගෙන ගොස් තිබේ.
මේ නිසා දුම්රිය හරස් මාර්ග රේල් ගේට්ටුව ස්වයංක්‍රීව නිසි පරිදි ක්‍රියාත්මක වීම නැවතී ඇති අතර , හිරු කෝෂ හරහා ලැබෙන විදුලියෙන් ඉතා අඩු දීප්තියකින් රතු එළියත් , කුඩා හඩකුත් නිකුත් වන අතර එය ගේට්ටු කරු අනෙත් කුටිය ගොස් අතින් දැමිය යුතුවේ. කොයි මෙහොතේ අනතුරක් සිදු වේදැයි බියෙන් පසු වන බව ප්‍රදේශවාසීහුද පවසති.
මේ පිළිබදව බංගදෙනිය දුම්රිය ස්ථානයේ කාර්යාලය පිහිටා ඇති මෙය භාර ඇති නිළධාරිවරයා වන සංඥ හා විදුලි පරීක්ෂක ලසන්ත අනුරාධ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සදහන් කලේ මේ පිළිබදව කොළඹ කාර්යාලයට දැනුවත් කර ඇති බවයි.
තිල්අඩිය දුම්රිය ගේට්ටුව අසල පිටවට රවුම් මාර්ගය වූ ප්‍රධාන අතුරු මාර්ගයකින්ද නිරන්තවම ප්‍රධාන මාර්ගයට වාහන එන තුම්මං හන්දියක් වු ස්ථානයකි.
මගී දුම්රියට අමතරව පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශලාවට අමු ද්‍රව්‍ය රැගෙන යන දුම්රියන්ද දිවා රාත්‍රි යේ මෙම දුම්ර්ය හරස් මාර්ගය හරහා ගමන් කරයි.
මෙම ස්ථානයේ විශාල අනතුරක් සිදුවීමට පෙර මේ පිළිබඳ අදාල දුම්රිය බළධාරීන් කටයතු කරන්නේ නම් යහපත් බව ප්‍රදේශවාසීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ ඇස් ඇරෙන්නේ දරුණු අනතුරක් වී ජීවිත ගානක් නැති වුනාමයි.
අනතුරක් වුනායින් පස්සේ කට්ටිය මීටරේ අරන් ඇවිත් හයි කරාවි....
රාජ්‍ය මුදල් වියදම් කරන්න ඕනේ... මෙන්න මෙවැනි ස්ථාන වලටයි. එහෙම නැතුව මැරුණු අයගේ සොහොන් ස්මාරක තනන්න නොවෙයි.
ඔච්චර දුම්රිය සංඛ්‍යාවක් දුවන මගක, විදුලි බිල්පත් ගෙවන්න බැරි තරමටම දුම්රිය දෙපාර්තමේන්තුව බංකොලොත් වෙලාද? එක කෝච්චියකින් පමණක් ලැබෙන ආදායමෙන් විතරක් මස ගණනක විදුලි බිල් ගාස්තු ගෙවීමට පුළුවන් බව මගේ හැඟීමයි! අවාසනාවකට මෙන් මෙතැන ජීවිත හෝ වෙනත් අලාභ හානි සිදු උනොත්, දුම්රිය දෙපාර්තමේන්තුව වසර ගණනක විදුලි බිල්පත් වෙනුවෙන් ගෙවිය යුතු මුදලටත් වඩා අතිවිශාල මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතු බව එහි සිටින මහමොළ කාරයන්ට නොතේරීම ජාතියේ අභාග්‍යයක් නොවේද?
විදුලි බල මණ්ඩලයේ ඉන්නේ මෝඩයෝද? මේකට මාසෙකටම විදුලිය යුනිට් 20ක් යනවා ඇති. ඒ කියන්නේ රුපියල් 100ක් විතර. මෙවැනි ජනතාවගේ ආරක්ෂාවට පවත්වාගෙන යන රජයේ ආයතන වලට දඬුවම් කිරීම ජාතික අපරාධයකි.
මෙන්න අළුත් වතාවක්, ලංකාවේ පරිපාල සේවයේ ඉන්න අනුවණ කට්ටිය වගකිවයුතු ගොන් වැඩක්... අත්‍යාවශ්‍ය රජයේ සේවාවක් විය යුතු දුම්රිය හරස් පාරේ සංඥා පුවරු සිග්නල්ස් විසන්ධි වෙන විදිහට ලයිට් කපපු සේවකයෝ, කලමණාකරු සහ ඉංජිනේරුවා තවම දන්නේ නැතිද? මෙහෙම රටක්... !!!