(සුජිත් හේවාජුලිගේ)
ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ඇමැතිවරයා යවා තිබූ විසිදෙනාගේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් 14 කට අඩුකර යවා තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපතිවරයා මේ ලැයිස්තුවෙන් නම් හයක්ම ඉවත් කර ඇත්තේ තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේදීවත් මෙතරම් විශාල පිරිසක් ජිනීවා සමුළුවට එකවර ගෙන ගොස් නැතැයි පවසමින් යැයිද දැනගන්නට තිබේ.
ජිනීවා යෑම සඳහා ඇමැතිවරයා නම් කළ විසි දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් පිරිසකි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පැවැසුවේ මේ සිද්ධිය සත්‍යයක් බවය.
විස්සේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් දාහතරට අඩු කර එවා ඇතැයි ද ඔහු කීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා සමුළුව අදින් (21) ඇරැඹෙන අතර එය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ සමුළුවට සහභාගිවීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද පෙරේදා (19) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳල හිටලා හරි මේවගේ වැඩත් කරනවා මෙයා
රාජිත රට යන්න ඇත්තේ කොටින්ගෙන් සන්තෝසම් ගන්න බව පැහැදිලියි. ආයෙමත් මේ රට එන්න එපා. මුළු රටම ශාප කරනවා.
රටේ සල්ලි නාස්ති කරන අමනයින් තමයි.
ජනපති ගැන කව්ද නොදන්නේ? ආවේ හිටං ගුවන් තොටුපළ වහලා හොරු, මිනීමරුවෝ හිරේ දාන්න අල්ලපු අය වැඩිකමටයි පහළ ගියේ එජාපයේ. රාජිතගේ විස්ස දාහතරට අඩු කලේ මේ වෙලාවේ රටේ රාජිතට තියන අප්‍රසාදය ජනපතිටත් දැනිලද..? එහෙමත් නැතිනම් කලක සිට පවතින කන්න දීපු අත හපා කන පුරුද්දක්ද?
100ක් වත් නොවුණු නිසා අපිට හිතට මදි. කිසි ගැම්මක් නැහැ !!!
ජිනීවා නෙවෙයි ලන්ඩන් යන්න ඉල්ලන්න.
ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී මෙහෙම කියයි. රාජිත ඔයා කැමති විස්සක් නම් කරලා එවන්න. මම දාහතරක් තෝරන්නම් කියලා ජනාධිපතිතුමා මට කිව්වා. එහෙම නැතිව විස්සක් අරන් ජිනිවා යන්න මට පිස්සු නැහැ.
රාජිත ඇමැති ආපසු පැමිණි පසු ජනපතිට ධුරය අහිමි වනු ඇත..
හා !! හා !! ජිනීවා ගියාම පාටි දාන්න එහේ ඉන්න විශේෂිත කට්ටියගෙන් ආරාධනා ලැබිලා වගේ. පහුගිය ටිකේ එක තමා මෙයා ඒගොල්ලන්ගේ සපෝර්ට් එකට කථා කලේ. කුට්ටිය හොඳට ලැබෙයි වගේ. බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ...
අරාජිතය වුනත් මගේ නම රාජිතයා.. කෙබර කට නිසා අරාජිත වුනේයා.. දැන් මක්කරන්නද මම වෙමි වසලයා.. උත්සහ ගන්නවා වහගන්නට කට නැතේයා..
මේවා බයිලා. රාජිත කියනවා මම 20ක් එවන්නම් ඔයා 14ට කපන්න කියලා. ජනාධිපතිට නැතිවෙලා තියෙන ගරුත්වය ගන්න හදන හැටියි මේ...
ඇයි අපට බැරි මේකට කිසියම් ප්‍රතිපත්තියක් හදන්න. මොකක් හරි ක්‍රමවේදයක් හැදුවම එතකොට කවුරුත් එය අනුගමය කරාවි.
අන්න හොඳ වැඩක්.
තව දෙකකුත් කැපුවා නම් තමයි හොඳ... හැබැයි ප්‍රභාකරන් දිනුවා නම් මෙයා එතැන කැබිනට් එකටත් රිංගනවා අපිව පාවා දීලා. එතැනදී මැතිතුමා කියලා නවතින්න් නැත. හලෝ මේ අයව ගොනාට අැන්දුවාට දෙමළුන්ව ගොනාට අන්දන්න බැරිවේවි !!!
රට විනාශ වෙලා තියෙන්නේ මේ වගේ අය නිසා තමයි.
කරන්න තිබුණේ විස්ස නෙවෙයි වෙන එකක්... මොකද මෙයා සිංහලයෙක් නෙවෙයිනේ...
මෙය ලංකාවට එන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. අපිට බොරු බේගල් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කට ඇරියොත් බොරු වරුසාවයි. දෙවිවරු ඉන්නවා නම් මෙයාට නැවත ලංකාවට යහතින් එන්න සලස්වන්න නරකයි. රට විනාශය ඇදගෙන යන්නේ මේ අය තමයි.
14 නෙමේ ඕකට එක්කෙනෙක් ගියා නම් ඇති. රට ආර්ථික ආගාධයක ඉන්න වෙලාවේ තව සල්ලි කාබාසිනියා කරන වැඩ මේවා....
අපේ කරුමෙට තමයි මේ වගේ දේශපාලකයෝ ඡන්දෙන් පරාද වෙලත් කොහොම හරි රිංගාගෙන රටේ සල්ලි කාබාසිනියා කරන්නේ...
ඉස්සර ෆ්ලිට් එකක් පුරවලා.... ටෙලි නාට්‍ය නිළියොත් එක්ක සවාරි ගහද්දි මේ වගේ කැපිලි කතා කියන්න කව්රුත් හිටියේ නැහැනේ.. එහෙම වුණා නම් අර එයාර් ලංකා එක, කෝටි ගණනින් බංකොලොත් වුණු එක නතර වෙන්න තිබුණා. දැන් 14දෙනෙකුත් වැඩිය කියන එක අගය කරන්න ඕනෑ. රට ගැන හිතන අයට මාගේ ප්‍රණාමය!!!.