(සුජිත් හේවාජුලිගේ)
විධියක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
යෝජනාව බාර දීමෙන් පසුව එය සභාගත කර විවාදය සඳහා කඩිනම් දිනයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බදව හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ... රතු මලයලාත් එහෙනම් ඉන්නවා බොලේ... අපි නම් හිතුවේ ඇලවල් දිගේ, වෙලාවල් දිගේ කබරගොයින් හොයනවා කියලා තලගොයින්ට අන්දවන්න.
ගෝඨාභය මහත්තයා එයි කියලා දැම්මම බය වෙලා වගේ...
ජනාධිපතිවරණයට බය පක්ෂයක් තමයි ජවිපෙ. අපේ අගමැතිතුමත්... මේ යෝජනාව පිටුපස ඉන්නේ වෙන කවුද ඉතින්...
1978 ජේ.ආර්. ජයවර්ධන මේ විධායක ජනාධිපති ධුරය ඇති කරනවිට ජයවර්ධන මහත්තයයි, එයාගේ ගෝල බාලයනුයි ඇරෙන්න මේ මුළුරටම විරුද්ධ වුණා. ඉන්පසු 94 චන්ද්‍රිකා නෝනා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව මත ජනාධිපති තනතුරට පත්වූ නමුත් ඇය එය අහෝසි නොකළ අතර දෙවරක්ම ජනාධිපති තනතුර දැරුවාය. ඉන්පසු එම තනතුර අහෝසි කිරීමේ පොරොන්දුව මත ජනාධිපති තනතුරට පත් රාජපක්ෂ මහතා එම තනතුර දෙවරක් දැරුවා පමණක් නොව ව්‍යවස්ථා සංශෝධන මගින් දිගටම එම තනතුරේ ඉන්න ප්රයත්න දැරුවාය.19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය ආපසු හැරවීම නිසා රාජපක්ෂ මහතාටද රටේ බහුතරයේ ආශිර්වාදය නැති නිසා වික්‍රමසිංහ මහතාටද විධායක ජනාධිපති ධුරය දැරීමට නොහැකිවන අතර එ.ජා.ප.යේ සහ ජ.වි.පෙ. සහය නොමැතිව සිරිසේන මහතාට නැවත එම තනතුරට ලඟාවීම සිහිනයකි. ඒ නිසා දැන් මේ සිහිනය දකින්නේ ගෝඨාභය රාජපක්ෂ පමණි. කිසිදා දේශපාලනය නොකළ රටේ දේශපාලන රිද්මය නොහඳුනන යුද්ධය උග්‍රව පවතින කාලයේ හමුදා සේවයෙන් ඉවත් වී ඇමරිකාවේ පදිංචියට ගිය තම සහෝදරයා රටේ ජනාධිපති වූ පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පැනගත් හමුදා ජයග්රහණයෙන් පසු එහි ගෞරවය තමන්ට ලබාගත් අතිජාතිවාදියෙකි.
මිලිටරි මානසිකත්වයකින් හෙබි පුද්ගලයකු වූ ඔහුට මේ රටේ සුළුජන කොටස්වල සහයෝගය කිසිදාක නොලැබෙන අතර බහුතරය වන සිංහලයින්ගේ ඡන්දයෙන් පවා සීයට පනහක ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකිවනු ඇත. නමුත් ඔහුවටා පෙළගැසී සිටින අන්තවාදී, ජාතිවාදි කල්ලිය කියා සිටින්නේ ගෝඨාභය නැමති චරිතය බයෙන් මෙම විසිවන සංශෝධනය ගෙනන බවයි. නමුත් එහි කිසිඳු සැකයක් නැත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රධාන පක්ෂවල නායකයින්ට විධායක ජනාධිපති තනතුරේ කටයුතු කිරිමට නොහැකි අවස්ථාවක ඔවුන්ගේ සහාය ලබාගෙන මෙම එ්කාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසිකර රටේ ප්රජාතන්ත්රවාදය සුරැකීමයි.
මේගොල්ලෝ හදන්නේ රට දෙකඩ කරන්නයි
ජනාධිපති බලය ඉවත් කර පළාත් සභා ස්වාධීන වෙනවා කියන්නේ රාජ්‍යන් කිහිපයක් බිහිවීම. ඔය 225 න් රටේ නායකයෙක් පත් කලොත් මොනවා වෙයිද කියන්න බැහැ.ඔතන ඉන්නේ ලියුමක් වත් කියව ගන්න බැරි අයත් එක්කනේ.
මේක හරියන වැඩක් නොවේ ...
බයවෙන්න එපා... මේ ගොල්ලන්ගේ යෝජනා රටට අහිතකර දෙයක් මිසක් යහපතක් වෙන දෙයක් නෙමෙයි. මේ සමාජවාදී අයියලා, කියන්නේ එකක් කරනකොට කරන්නේ වෙන එකක්... මේ ගොල්ලෝ හිතන් ඉන්නේ, මේගොල්ලෝ වගේ මෝඩයින් කියලා රටේ ජනතාව... අනේ මේ සහෝදර සමාගමේ අයියලා රටේ නැති බලයක් තියනවා කියලා පෙන්නන්න දඟලන දැඟලිල්ලක්. සමාජවාදී අයියලාට බලයක් නොමැතිව මෙහෙම නම්, බලයක් ගත්ත දවසට මෙතෙක් කල් බලයේ හිටිය මහා පක්ෂ දෙකට වඩා රට විනාශ කරලා තමයි මේ ගොල්ලෝ යන්නේ. මේ සමාජවාදී නායකයෝ 70 දශකයේ ඉඳලා මේ වෙනතුරු කරපුවා කියපුවා වෙලා තිබුණා නම් අද රාජ්‍ය බලය තියෙන්න ඕනෑ මේ ගොල්ලන්ගේ අතේ... එතරම් බලයක් දීලා තියාගන්න තරම් රටේ ජනතාව මෝඩයින් නෙමෙයි මහත්තයෝ...
මේකට නම් ශ්‍රේෂ්ටාධිකරණයේ අර්ථකතනයක් ගන්න වෙනවා. මං හිතන විදියට නම් ජනාධිපති පදවිය අහෝසි කරනවා වගේ බරපතල ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත කරගෙන ජනමත විචාරණයක් තියල මහජන කැමැත්තත් ගන්න වෙනවා.
ලංකාව වැනි කුඩා රටකට වඩාත්ම යෝග්‍ය වන්නේ ශක්තිමත් විධියක ජනාධිපතිවරයෙක් පමණයි.
විධායක ජනාදිපති ක්‍රමය නැතිකලොත් ඒක සිංහලයාගේ විනාශයයි.මින්පසු අපි නුඹලාට කතිරය ගසන්නේ නැත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා බලයට එන කිසිවෙක් එය නොකරන යුගයක මම හිතනවා මේක හොඳ දෙයක් කියලා.
කෝ අර තියනව කිව්ව ජනමත විචාරණේ?
විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා ගේන්නේ විධායක අගමැති ධූරය. මොකද රටකට අනිවාර්යෙන් විධායකයක් ඕනේ. ව්‍යවස්ථාදායකයකින් විතරක් රටක් පාලනය වෙන්නේ නෑ නේ. .
අන්න එහෙම තමයි වෙන්න ඕනේ. රට ස්ථාවරව තියෙන අන්තිම නූල් පොටත් නැති කරන්න ඕනේ.
රතු මල්ලිලා මේ කරන දෙයින් වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන පොරොන්දුවෙන් ගෝඨාභය බලයට ඇවිත් පස්සේ 2/3 න් ව්‍යවස්ථාව වෙනස්කරලා හොරපාරෙන් මහරජා බලයට එන එකයි. මේ රතු මල්ලිලාගේ සෙල්ලම මහා භයානකයි.
ඔය යෝජනාවටම ඇතුලත් කරන්න ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීවරු තමා පත්කළ පක්ෂයට විරුද්ද වුවොත් ,පක්ෂය සමග ඡන්දය නොදුන්නොත් හෝ තම පක්ෂය ඡන්දය දෙනවිට මගහැර හිටියොත් ඔහුගේ හෝ ඇගේ මන්ත්‍රීදුරය නිකම්ම අහෝසිවන බවට වගන්තියක්.
ඕක කවුරු ගෙනාවත් නැති කරලා දාන එකමයි හොඳ. අපේ රටට මේ තනතුර හරියන්නේ නෑ.
පිංගුත්තර දේශපාලනයට කඩේ යන ජ.වී.පෙ. එක අද ඩොලර්වලට යටවී ඇති බව පැහැදිලියි.අනුර කුමාර කරන්නේ සිරිකොතේ කොන්ත්රාත්තුවයි.විජේව්වීර අද හිටියා නම් පක්ෂෙන් අයින් වෙනවා.සිරිකොත තරමටම හිරිකිත දේශපාලනයක් තමයි මොවුන් කරන්නේ,විධායක ජනාධිපති කම ඉවත් කරන්නට පෙර පුලුවන්නම් පළාත් සභා ඉවත් කරන්න.එයයි කල යුත්තේ.ගෝඨාභය සමහරු භයයි.ඒ ත්රස්තවාදීන් සහ උන්ගේ චක්ගෝලයෝ.තමයි.සින්ගප්පුරුවෙන් ගෙනා මහේන්ද්‍රන් රනිල් එක්ක මහා බැංකුව හොරා කෑවා ඒ වුනාට අමෙරිකාවෙන් ගෙනාවයි කිවූ ගෝඨාභය ,මහින්ද එක්ක ත්‍රස්තවාදය පරාජය කොට නගර සංවර්ධනයටත් කටයුතු කළා නමුත් ඒවාට විරුද්ධව බටහිරයන්ගේ සහ දෙමල ඩයස්පෝරාවේ වුවමනාවට සහ ඔවුන්ගේ ඩොලර්වලට යටවී 2015 ජනවාරි 8හංස ගීතය සමග ජ, වී. පෙ වැඩ කළා.මේ පින්ගුත්තරයින්ගේ දේශපාලන දැක්මක් නැත.
එජාපය විසින් විධායක ජනාධිපතිධූරය හඳුන්වාදීමත් සමග ආචාර්ය එන් .එම්. පෙරේරා වැනි කීර්තිධර නායකයින් එම ධුරයේ ඇති බියකරු බව පෙන්වා දුන්නේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රීලනිපයේ මතය විමසා එයට එරෙහි වුවාය. එපමණක් නොව චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිධුරය අහෝසි කරන බවට දින වකවානු දී පොරොන්දුවුවාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ,වත්මන් ජනාධිපතිවරයාද මෙම ධුරය අහෝසි කරන බවට පොරොන්දු වුහ. හැට දෙලක්ෂයක් ජනතාව මෙන්ම මහින්ද මැතිතුමාට ජන්දය දුන් ජනතාවද එම ධුරය අහෝසි කල යුතුය යන මතය දැරුහ.සබුද්ධික දේශපාලන කියවීමකින් තොර උස්පිලේ ඔපාදුපවල වැදගත් කමක් නැති බව තේරුම් ගන්න. සම්ප්‍රදායික පාට කන්නාඩිවලින් පෙනෙන්නේ සැබෑ ලෝකය නොව රැවටුන මායා ලෝකයයි.