(රංජන් කස්තුරි)
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරිතාවෙන් විෂයන් 3 ක් සමත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට ඇතුළු කර ගැනීමට කැබිනට් පත්‍රිකාවකින් කර ඇති යෝජනාවට දැඩි විරෝධය පළ කරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
අපොස උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් 3 ක් සමත්වීම හෝ රාජ්‍ය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීමේ සුදුසුකම් සම්පුර්ණ කර තිබීම ,සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ මුලික සුදුසුකම වන බවට කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන අතර එය කිසිසේත් පිළිගත නොහැකි වන බවද වෛද්‍ය පීඨ ආචාර්ය සම්ති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනුජ් වීරසිංහ මහතා සඳහන් කරයි.
විද්‍යා විෂය ධාරාවෙන් සී සාමාර්ථ 2 ක් හා එස් සාමාර්ථය සහිත අවම ඇතුළත් වීමේ සිදුසුකම් නැති සයිටම් සිසුන් කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුළු කරීමටත් ප්‍රමාණවත් පුහුණුවක් හා ඇගයීමක් සිදු කර නොමැති සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් උපාධිය පිරිනැමීමට විරෝධය දක්වන බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සම්මත කරගන්න කලින් රටේ තිබෙන වෛද්‍ය සංගම් සේරටම ඉදිරිපත් කරලා මුලින්ම ඒ ගොල්ලන්ගෙන් සම්මත කර ගත්තා නම් කම්මුතුයි නේ.
එකක් කඩතොලු මකා ගන්නට... ගිය කාරිය දෙකක් කඩතොලු හැදුවයි ඉඳුරුවේ ආචාරිය...
ඉතාමත් වැරදියි. A2 , S1ට සල්ලි නැති මාව ගන්නේ නැති රටේ සල්ලි තියෙන කෙනා සී සාමාර්ථ 2 ක් හා එස් සාමාර්ථයට ඇතුළත් කර ගන්න එක...
හැමෝම දන්නා ලෙස නම්, විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ හා විෂයන් තුනම සමත්වීම සුදුසුකමක් ලෙස තමයි කැබිනට් පත්‍රිකාව සකස් වී තිබුනේ. නමුත් සත්‍ය පුවත් විකෘති කරමින් මෝඩයින් නොමග යවමින් මේ කරනා නොමනා ක්‍රියා නිසා රටේ අධ්‍යාපනය පමණක් නොවේ රටත් විනාශය කරා යනවා. ඔය සයිටම් සිසුන්ව හා අනාගතයේදී, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන සිසුන්ව ඉවත් කරන්න. එවිට ඉතාම සරල හා පහසු ලෙස මේ ප්‍රශ්නය විසඳෙනවනේ.. අනික, රටේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලින් ලෙඩුන් සුවවීමට මෙතරම් පහසුකම් තිබෙද්දී කෝටිගණන් වැය කරමින් දොස්තරලාව බිහිකරන්නේ මොකටද? රටේ ප්‍රමාණයේ තරමට ජනගහනයත් අධික රටේ මේවන මෘගයින් වඳවී, ඉදිරි අනාගතයේදීවත්, ශිෂ්ඨ සම්පන්න ජාතියක් අතට මේ පින් බිම පත්විය යුතුයි නේද?
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියමය පරිදි නිකුත්කරන විශ්වවිද්‍යාල වලට ඇතුලත්වීමේ පොතේ සඳහන් වෙන්නේ වෛද්‍ය පීටයට ඇතුලත් වීමේ අවම සුදුසුකම තවමත් සාමාන්‍ය සාමාර්ථ 3 ක් වශයෙනි. අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ අදහසත් එයමයි. වෛද්‍ය වරයෙකුට වැඩිපුර අවශ්‍ය වන්නේ හොඳ මතක ශක්තියක් සහ සාමාන්‍ය බුද්ධි මට්ටමකි. නිර්මාණශීලී ඉංජිනේරුවෙකුට නම් ඉතා හොඳ බුද්ධියක් අවශ්‍යයි නමුත් සමහර පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උ/පෙ සාමාන්‍ය සමර්ථ 2 ක් ඇති ශිෂ්‍යයින්ටත් ඉංජිනේරු උපාධිය ලබාගත හැකිවේ.
පුලුවන්නම් ලබන පාරත් දෙපැත්තට වැනෙන්න කෙලින් තීරණයක් ගන්න බැරි පතෝල මැස්සක් වැනි නායකයෙක් පත්කර ගමු. එතකොට ඔක්කොම හරියාවි...
මට පෙනෙන විදිහට හොඳම දෙය මන්ත්‍රීලා 225 සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව අහෝසි කරලා දමලා දොස්තර සංගමෙන්, දුම්රිය රියදුරු සංගමයෙන්, පුද්ගලික බස් සංගමය වැනි රටේ ප්‍රධාන සංගම් සහ වෘතිතීය සමිතියෙන් නියෝජිතයා බැගින් පාර්ලිමේන්තුවට යවලා ඔවුන්ගෙන් කෙනෙක් ජනාධිපති සහ අගමැති කරලා, රට පාලනය කරමු.
දියුණු රටවල වගේ මෙහේ දොස්තරලාටත්, අවුරුද්දකට වතාවක් තමන්ගෙ බලපත්‍රය අළුත්කරවා ගන්න විභාගයක් තියන්න.
මම ලෝකෙ දැකපු කුහකම වෘත්තිකයො තමයි ලංකාවෙ වෛද්‍යවරු
මේ විරුද්දකම් පාන අය උගත්කම කියන්නේ විභාග වලින් සමත් වීම හැටියට සලකන අඥාන පිරිසක් බව වරින් වර තහවුරු කරනවා. පොදු ජනතාව වහලුන් ලෙස හිතන සලකන පාලකයින් අන්දයින් මෙන් තීරණ ගන්නවා. රටම ආගදයට යනවා. නිදහස යන්න වචන වලට පමණක් සීමා වෙලා.
ලංකාවේ ඉන්න සමහර දොස්තරවරුන්ට ගහලා එලවන්න ඕනෑ. මේ අය මහජන සල්ලිවලින් ඉගෙනගෙන වැඩකට නැති දේවල්වලට ඇඟිලි ගහනවා.
මෙන්න මේ වගේ වෙලාවටයි ශක්තිමත් ආණ්ඩුවක, නිදහස් නිර්භය තීරණ ගැනීමේ හැකි නායකත්වයක අගය දැනෙන්නේ. අනේ අපේ රටට ගිය කලක්.
කොතලාවල වෛද්‍ය පීඨය හදන කාලේ ගෝඨාට බයේ ඔය සංගම් සියල්ල කට වාහන හිටිය. දැන් කවුරුත් බුරනවා. විශ්ව විද්‍යාල තේරීම් ලැයිස්තුවට මෙම පීඨයත් එකතු කරලා සිසුන්ට මුදල් ගෙවීමට යම් ක්‍රමයක් හදාදීම වඩාත් යෝග්‍යයි.