(නිශාන්ත කුමාර)
අධික ලෙස මත්පැන් පානය කළ පිය පුතු දෙපළක් අතර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ගඩොල් ගල් මුල් හා අතින් පයින් පහරදීම හා සපා කෑම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඊයේ (21) රාත්රී මීගහකිවුල රෝහලටත් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල අග්ගලාඋල්පත පදිංචි අවුරුදු 50 ක් සහ 26 වයසැති පිය පුතු දෙපළකි.
එකිනෙකාට යාබද නිවෙස් දෙකක පදිංචිව සිටින මොවුන් දෙදෙනා තම නිවෙස්වල තිබූ ගුවන් විදුලි යන්ත්ර දෙකක් මහ හඩින් ක්රියාත්මක කරන්නට ගොස් ඇතිවූ හබයක් දුරදිග යාමෙන් මෙම සිද්ධීය ආරම්භ වී ඇත.
පහරදීමෙන් පුතාගේ හිසට හා සිරුරේ ස්ථාන කීපයකටම තුවාල සිදුව ඇති අතර සපා කෑම හා පහරදීම් හේතුවෙන් පියාගේ කන් දෙකට සහ හිසට තුවාල සිදුවී ඇත.
කන්දකැටිය පොලීසිය සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට වෙරි වෙනකම් බිව්වම ශරීරය පාවෙනවා වගේ දැනුනට සිහියනම් විකල් වෙන්නේ නැහැ. සමහර බීපු මිනිස්සු පිස්සු කෙලින්නේ අමු බොරුවට. ඇඟට දැනෙන සැහැල්ලුව හිතට අරගෙන අනික් මිනිස්සුන්ට පෙනෙන්න වැඩ දාන්න ගිහිල්ල තමයි මේවගේ ගුටිකෙලි ඇතිවෙන්නේ.