(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී දැවන්ත ඇතෙකු කිසියම් පිරිසක් විසින් දමා තිබූ විදුලි රැහැනකට හසු වී ඊයේ (21) දින මිය ගොස් තිබියදී සොයා ගත් බවට මුලතිව් වනජීවි නිලධාරීහු කියා සිටියහ.
තේරාවිල් වැව ආසන්නයේ කිසියම් පිරිසක් විසින් මෙම තනි දළ ඇතාට විදුලි රැහැන් යොදා මරා දමා ඇති බවට සිදුකරන ලද මූලික පරික්ෂණ වලදී හෙළි වී ඇති අතර විදුලි රැහැන් යොදූ පිරිස් කව්රුන්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.
කෙසේ වෙතත් මෙම ඇතා පුදුකුඩිඉරිප්පු වැසියන් හඳුන්වා සිටියේ තනි දළයා ලෙසිනි. ඊට හේතුව වූවේ පසුගිය දිනයන්හි මුලතිව් දිස්ත්‍රීක්කයේ පැවති නියං තත්වය හේතුවෙන් මෙම තනි දළයා ගම් වැදී වගාවන්ට දැඩි ලෙස හානි සිදු කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් මෙම තනි දළයා දන්නා හඳුනනා ඇතෙකි.
ඇතාට විදුලි රැහැන් යෙදූ පුද්ගලයින් සෙවීම සඳහා මුලතිව් වනජීවි නිලධාරීන් මෙන්ම පුදුකුඩිඉරිප්පු පොලීසියද විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා පුරා කියල අලුත් වන සංරක්ෂණ ආමති තුමාට ඔන්න විබාග කොරන්ඩ නඩුවක් තියෙනවා . අපි බලන් ඉන්නවා එ තුමා මෙ අව නඩුව අහන්කම්
ඔහොම යං. වලව්වලට පන්සල්වලටයි නඩුකාරයින්ටයි කෝච්චිවලටයි විදුලිරැහැන්වලටයි අලිටික බිලිවුනාම තව අවුරුදු 20කින් 30කින් අලිටිකත් ඉවරවෙලා තියේවි.
ඇතෙක් යනු පුජනීයත්වයෙන් පුදනු ලබන ජීවියෙකි. මහපොළොව නොඉවසන, තිරස් ජීවී ගණයේ සත්ත්වයෙක් වත් නොකරණ තරමේ මෙම අපරාධය කළ සිරස් ජීවී ම්ලේච්ඡ පාපතරයන්ට සනාතන ධර්මය සැබෑ කරමින් ම මෙහි ආදීනව නුදුරේදීම ස්භාවධර්මයාගෙන්ම ලැබේවි.
මේක කරපු මිනිස්සු ඇල්ලුවා කියල ඉස්සරහට මේවා වෙන එක නවත්තන්න බෑ. ඇත්තුන්ගේ ජීවිත මෙන්ම මිනිසුන්ගේ ජීවිත දේපල වගාව ආරක්ෂා කරලා මේ සත්තු සංරක්ෂණය කරන නිසි වැඩ පිළිවෙලක් දැන්වත් රජය හදන්න ඕන.
සාමාන්‍ය ප්‍රමාණයේ අලියෙකුට දවසකට කිලෝ ග්‍රෑම් 200 ක විතර කොළ අතු කන්න ඕන. ලංකාවේ ඉන්නවා අලියෝ 10000ක් විතර. ඉතින් මුන්ට ඇති තරම් කන්න ගස්කොලන් නැති නිසා ගම්වලට වදිනවා මිනිස්සුන්ගේ භවභෝග වත් කලා බඩකට පුරවගන්න. කැලෑවල වැඩිපුර ඉන්න අලි පිටරටවල් වලට දුන්නනම් මේ ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා.