අල්ලස් දැලේ පැටලුණු විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක යළි රිමාන්ඩ්
පුද්ගලික රක්ෂණ සමාගමකට අයත් වාහන සඳහා සක්‍යතා වාර්තා ලබාදීමට රුපියල් 6,415,050 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරව සිටින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම මහතා 09 නියෝග කළේය.