ලෝක අර්බුදය විවාදය දින දෙකක් ලෝකයේ වර්තමාන තත්වය පිළිබඳ සභාව කල් දමන අවස්ථාවේ විවාදය ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) සහ 20 (සිකුරාදා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත 11 March 2026
හෝමුස් සන්ධිය වසා දැමීමෙන් ගෝලීය වෙළෙඳාමට අවදානමක් ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමනය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාම අඩපණ වීමේ විශාල අවදානමක් තිබෙන බවත් ඒ හේතුවෙන් ලෝකයේ ආහාර මිල ඉහළ යාමට සහ ජීවන වියදමට පීඩනයක් එල්ල වීමට හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව පසුගියදා අනතුරු ඇඟවූවේය. 11 March 2026
විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති ප්රජාතන්ත්රවාදය ,නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී අද රැස්වූහ. 11 March 2026
අඛණ්ඩව බලශක්තිය දෙන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා තනි තනිව නොව සාමුහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝගය ජය ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 11 March 2026
සැකකරුගේ ගිණුමෙන් සල්ලි ඇද්ද පීසී මාට්ටු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ බැංකු කාඩ් පත සොරකම් කරගෙන රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ලබා ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් අද(11) අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 11 March 2026
උතුරු මැද දූෂණ වංචා නීතිපතිට! ගංවතුරෙන් (2011 සහ 2012 වර්ෂවලදී) හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට සැක කෙරෙන උතුරුමැද පළාත් සභාවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) උතුරුමැද පළාත් සභාවේ නිලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය 11 March 2026
ඉරාන නාවිකයන් 84 දෙනාගේ සිරුරු තානාපති කාර්යාලයට කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති ඉරාන ජාතික නාවිකයන් 84 දෙනොගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් සමිර දොඩන්ගොඩ මහතා කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට අද නියෝග කළේය. 11 March 2026
කඩ කෑමත් ගණන් උස්සයි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. 11 March 2026
මැරතන් දිවූ සිසුවා ඇද වැටී මරුට බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට තවත් ළමුන් කිහිප දෙනෙකු සමඟ පුහුණු වෙමින් සිටි ශිෂ්‍යයෙකු දුවමින් සිටියදී බිම ඇද වැටී රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (11) උදෑසන මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි. 11 March 2026
මාලඹේ පිරිමි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 11 March 2026
‘‘වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කරන්න විශ්වාසයක් ඕනෑ‘‘ යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ අමත්‍යංශ ලේකම්වරයා ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. 11 March 2026
පා පුවරුවෙන් ඇදවැටී දෙදරුපියා මරුට බේරුවල , මස්සල හන්දියෙන් මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික මගී බස් රථයකට පසුපස දොරින් ගොඩ වූ පුද්ගලයෙකු ගාලුපාරේ බස්නැවතුමක ආසන්නයේදී පාපූරුවෙන් ඇද වැටී රෝහල් ගත කරන විටත් මියගොස් ඇතැයි බේරුවල පොලිසිය අද(11) පැවසීය. 11 March 2026
“ආර්ථික ආවේක්ෂණ කමිටුව” රැස් වෙයි බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් විය. 11 March 2026
ලිට්රෝ ගෑස් රුපියල් 300කින් නගී ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමීමට පියවර ගත් බව ලිට්රෝ ගෑස් සමාගම ඊයේ (10) රාත්‍රී නිවේදනය කළේය. 11 March 2026
ඇමෙරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ප්‍රහාරයට ලක්වුණු අවස්ථාවේදී, ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල යුද අපරාධයක් යැයි ඉරානය චෝදනා කරයි. 11 March 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත. 11 March 2026
කෝටි 32ක කුඩු කටුනායකින් අල්ලයි රුපියල් තිස් දෙකෝටි පහළොස් ලක්ෂ අනූ දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන එමින් සිටි විදේශීය ගුවන් මගීන් යුවළක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 March 2026
පේරේ සිසුහු පාරට බසිති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංඟමය සංවිධානය කළ සිසු උද්ඝෝෂණයක් අද (10) සවස පැවැත්විණි. මේ හේතුවෙන් මහනුවර පේරාදෙණිය මාර්ගයේ ගමනා ගමනයට ද බාධා එල්ල විය.. 10 March 2026
පුටින්ගෙන් - ට්‍රම්ප්ට දුරකතන ඇමැතුමක් ඉරාන යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉදිරිපත් කළ බව ක්‍රෙම්ලිනය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 10 March 2026
අගමැති හරිනිට පිලිපීනයේ දී සම්මානයක් කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීමට සිදුකරන ලද සුවිශේෂී කැපවීම අගයමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිලිපීනයේ මැනිලා නුවරදී “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනැමීය. 10 March 2026
ප්‍රංශ යුද නැව් හෝමූස් සමුද්‍ර සන්ධියට ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙයැවීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර ඇත. 10 March 2026
ත්‍රාඩ බලය පැතිරවීම නිසා ලංගම වැනසුනා පසුගිය දේශපාලන අධිකාරීන්ගේ ත්‍රාඩ බලය පැතිරීම හේතුවෙන් විනාශ වූ ලංගමයට නව සංස්කෘතියක් කැඳවාගෙන ඒමට වැඩ කරමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 10 March 2026
ඉන්ධන ගැටලුව දරුණුයි ඉන්ධන සම්බන්ධයෙන් වර්තමාන තත්වය සාමාන්‍ය තත්වයක් නොව ඉතාම දරුණු තත්වයක් බවත් එම ප්‍රශ්නයට මුහුණදීමට සාමූහිතව කටයුතු කළයුතු බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (10) පැවසීය. 10 March 2026
සී අයිඩී. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වු ප්‍රසාද් රණසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. 10 March 2026
හරි නැකැත් දෙන එක ජ්‍යෝතිර්වේදීන්ගේ වගකීමයි හරි අවුරුදු නැකැත් ඉදිරිපත් කිරීම ජ්‍යොතිෂ වේදීන්ගේ වගකීම වන හෙයින් ඒ කාර්ය හරියට කරන්නැයි ඉල්ලා සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. 10 March 2026
ඉරාන පිරිස ඉල්ලපු ගමන් දෙනවා ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස ලබා දෙන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් ලැබුණු සැණින් නැවත ඔවුන් බාර දීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 10 March 2026
අවුරුදු දෙකකට සංචාරක සංවර්ධන වැඩසටහනක් 2026-2028 සඳහා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
ඉන්ධන තව වැඩි වුනොත් සහනාධාරයක් අනාගතයේ දී ඉන්ධන මිල තවත් වැඩි වුවහොත් කෙටි කාලයක් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද (10)පැවැසීය. 10 March 2026
වයඹ ගොඩනැගිල්ලකට ’’කෝපා’’ කෝපවෙයි වයඹ පළාත් සභාව හය මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 28කට ආසන්න මුදලක් වියදම් කර තිබුණද මෙම වසරේ පෙබරවාරි 10 දින වනවිටත් එහි ඉදිකිරීම් මූලික අදියරේ පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 10 March 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026