නිලධාරීන් දුන් උපදෙස් නොපිලිපැදීමෙන් ජීවිත රැසක් නැති වුණා
රජය සහ නිළධාරින් මහජනතාවට ලබා දෙන මාර්ග උපදේශයන්, උපදෙස් තුට්ටුවකට ගණන් නොගෙන පිළිනොපැදීම නිසාවෙන් මෙවර ආපදාවන් වලින් බදුල්ල දිස්ත්රික්කයේ බොහොමයක් මරණ සිදුවු බවත් , එමනිසා අපි ලබාදෙන උපදෙස් පිළිපැද ප්රථමයෙන් වටිනා ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට බදුල්ල දිස්ත්රික් ලේකම් පණ්ඩුක ශ්රී ප්රභාත් අබේවර්ධන මහතා අද (11) දිස්ත්රික්කයේ ජනතාවට දැනුම් දුන්හ.