අසෝක රන්වලට වරෙන්තු හිටපු කතානායක අසෝක සපුමල් රන්වලට මහර මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වරෙන්තු නිකුත් කළේය. 15 March 2026
බෙන්ජමින් නෙදන්යාහුට කරදරයක් නෑ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන ප්‍රහාරයකින් ඝාතනය වී නොමැති බවත් ඔහු ආරක්ෂිතව, හොඳින් සිටින බවත් සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. 15 March 2026
රත්නපුරේ රාජ්‍ය සේවකයන්ට AI උගන්වයි රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 15 March 2026
සලේට නිදහස ඉල්ලා අත්සන් ලක්ෂයක් රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ රණවිරුවා අත් අඩංගුවට ගැනීමට එරෙහිව වෙනුවෙන් ජනතා අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනනෙහි දෙවන දිනය අද (15) දින හෝමගම නගරයේ ධර්මපාල පිලිරුව ඉදිරිපිටදී සිදු කෙරිණි. 15 March 2026
සමාජ මාධ්‍ය තොරතුරු බෙදන්න කලින් හරිද වැරදිද බලන්න සමාජ මාධ්‍ය වල තොරතුරු බෙදා හැරීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 15 March 2026
අත්‍යවශ්‍ය සේවා වලට විශේෂ ක්‍රමයකට ඉන්ධන රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථ වාහන සේවා සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
මත් සැකකරුවෝ 906 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 906 ක් ඊයෙ (14) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 15 March 2026
යුද ගිනි නිවෙන්නැයි පතා කැස්බෑවන්ට නිදහස මැද පෙරදිග ඇවිලී ඇති යුද ගිනිදැල් වහා නිවී ලෝක සාමය උදාවේවායි පතමින් කරමින් වසර තුන් සියයක ආයු කාලයක් ඇති සංරක්ෂණයවූ කැස්බෑ පැටවුන් සියයක් මුහුදට නිදහස් කිරීමේ පිංකමක් ඉඳුරුව වෙරළ තීරයේදී ඊයේ (14) පස්වරුවේදී පැවැත්විණ. 15 March 2026
ලක්ෂ 25ක ‘අයිස් ‘ සමඟ අයෙක් මාට්ටු විදෙස් රටක සිට මෙහෙයවනු ලබන අයිස් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයා රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා ‘අයිස්‘තොගයක් සහ එම මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත් රුපියල් එක් ලක්ෂ පන්දහසක් සමග අද(15) බලපිටියේදි අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 15 March 2026
බදුල්ල-අඹේවෙල දුම්රිය ගමනාගමනයට බාධා හපුතලේ දුම්රිය ස්ථානය අසලදි අද (15) අලුයම සේවා දුම්රියක් පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අඹේවෙල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . දිට්වා සුලි කුණාටුවෙන් විනාශවූ උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු සිදු කිරිම සදහා අඹේවෙල බදුල්ල අතර යොදවා ඇති සේවා දුම්රියෙ එන්ජිම සහ එහි මැදිරියක් මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය බළධාරින් කීහ . 15 March 2026
අලුත් කිව්.ආර් ලියාපදිංචියට තව පැය කීපයක් යාවි මීට පෙර QR කේත ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි වුවත් වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් QR කේත ලබා ගැනීමේදී මද පමාවක් විය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
පෞද්ගලික බස් වලට තෙල් දෙන්නේ ලංගමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි. 15 March 2026
කිව්.අර් එකෙන් වාහන වලට දෙන ඉන්ධන ලීටර් ගාන මෙන්න රටේ ඉන්ධන සංචිත ප්‍රදේශම් කර ගැනීම සඳහා රජය ’’කිව් ආර්’’ කේතය හඳුන්වා දීමෙන් අනතුරුව වාහන වලට නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණ ප්‍රකාශයට පත් කර තිබේ. 15 March 2026
කිව්.ආර් ගන්න විධි තුනක් ඉන්ධන ලබා ගැනීමේ කිව්.ආර් කේතය භාගත කර ගැනීම සඳහා ආකාර තුනක් බල ශක්ති අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ. 15 March 2026
ඉන්ධන දෙන්න යළි QR එයි මෙරට පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම (15) දා සිට QR කේත ක්‍රමය ඔස්සේ සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
පළාත් කීපයකට අද සවස ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 March 2026
අපරාධ මඩින්න චීන -ලංකා සහයෝගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ මහජන චීන ජනරජයේ ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ප්රමුඛ චීන දූත පිරිස අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී අද(14)පැවැත්විණි. 14 March 2026
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග පෝලිමක්! අගමැතිනී හරිනි අමරසූරිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි යන මහත්ම මහත්මීන්ට විරුද්ධව ළඟදීම විශ්වාසභංග යෝජනා බාරදීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය තීරණය කර ඇත. 14 March 2026
ගෙදර සිට වැඩ ක්‍රමය නැවත කරළියට ? බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස, රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන් ගෙදර සිට සේවා කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙල (Work From Home ) ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. 14 March 2026
අයගම කතකගේ ගෙල කපා මැරිලා අයගම දූල්ගල ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව අයගම පොලිසිය පැවසීය. 14 March 2026
දැඩි රස්නය මැයි 25 තෙක් උෂ්ණාධික කාලගුණික තත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 March 2026
ඉරාන නාවික සිරුරු මව්රටට රැගෙන යයි කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු ඊයේ රාත්‍රි 9.28 ට පමණ තුර්කියේ සිට පැමිණි Flyx Aero Zimbabwe ගුවන්යානය මගින් මත්තල ගුවන් තොටුපොලේ සිටි ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොල වෙත ගෙන යන ලදී. පසුව එහි සිටි ඉරානය බලා ගෙන යාමට නියමිතව තිබිණි. 14 March 2026
මැදපෙරදිගට ඇමෙරිකා හමුදා බලඇණියක් මැද පෙරදිග කලාපයට තවත් ඇමෙරිකානු හමුදා භටයින් 5000 කගෙන් පමණ සමන්විත බලඇණියක් යැවීමට තීරණය කළ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පසුගියදා ප්‍රකාශ කළේය. 14 March 2026
ඉරාන ප්‍රහාරයකින් කේ.සී 135 ගුවන් යානා පහකට හානි සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරට ඉරානය මෑතකදී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කේසී-135 වර්ගයට අයත් ඇමෙරිකානු ගුවන් යානා පහකට හානි වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පසුගියදා වාර්තා කළේය. 14 March 2026
ගැසට් කළත් නොකළත් සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවයක් මහජන ආරක්ෂක පනතින් විටින් විට ගැසට් කළත් නොකළත් සෞඛ්‍ය යනු සැමවිටම අත්‍යවශ්‍ය සේවාවක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 14 March 2026
ඉරාකයේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 14 March 2026
තායිලන්තයෙන් ලංකාවට බුද්ධ ප්‍රතිමා 108ක් ශ්‍රී ලංකා - තායිලන්ත බෞද්ධ සබඳතා ශක්තිමත් කරමින් ‘Phra Phuttha Metta’ බුද්ධ ප්‍රතිමා 108ක් මෙරටට පූජා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 14 March 2026
සංචාරක ප්‍රවර්ධනයට ජපන් දූත කණ්ඩායමක් දිවයිනට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ. 14 March 2026
ආණ්ඩුවේ කන්තෝරු වල විෂමාචාර බලන්න නිලධාරී සංචිතයක් රජයේ ආයතනය වල සිදුවන විෂමාචාර සම්බන්ධ පරීක්ෂණ කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවා තිබේ. 14 March 2026
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ කෙටුම්පත ඇමතිට පිළිගන්වයි දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද ’’ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ’’ සංවර්ධිත කෙටුම්පත (Advanced Draft) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීන්ට පිළිගැන්වීම ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (14)සිදු කෙරිණි. 14 March 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026