ජලභීතිකාව සම්පූර්ණයෙන් මඩින්න සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන ’Battersea’ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24)පැවැත්විය