බටපොළින් ගිනි අවියක් හමුවේ බටපොල දිද්දැලිය වත්තේ කුරුදු ඉඩමක සඟවා තිබු ටි.56 ගිනි අවියක් එහි පතරොම් ගැබ දෙකක් සහ උණ්ඩ 60ක් සමග සැකකරුවකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 17 December 2025
තරංගාකාර සුළං නිසා උතුරු - නැගෙනහිරට වැස්ස වැඩිවේ නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රභවයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදීද තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 December 2025
ආපදා ආධාර රැගත් ගුවන් යානයක් ජර්මනියෙන් පැමිණෙයි යුරෝ මිලියන 5,000 ක් වටිනා ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණියේය. 17 December 2025
කාර්මික දෝෂයට ලක්වූ තුර්කි යානය කටුනායකට ගොඩ බස්සයි ශ්‍රී ලංකාවේ සිට ගුවන් ඇරඹු තුර්කි ගුවන්යානයක් රෝදවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් නැවත ආරක්ෂිතව කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්ස වූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 17 December 2025
පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින් මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2025
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති ඇමතිට ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට අද(16)වන දා පිළිගන්වා තිබේ. 16 December 2025
පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදාහක් දැඩි සෝදිසියට අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමේ අවදානමට ලක්ව ඇති පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විශේෂ විද්‍යාත්මක පරීක්ෂාවකට ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) තීරණය කර ඇත. 16 December 2025
හදිසි ආපදාවේ පාඩු වාර්තාව මැතිසබයට හදිසි ආපදා තත්වයෙන් මාර්ග විදුලිය ජල සම්පාදන ක්ෂේත්රවලට රුපියල් කෝටි 10085 ක පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්නේ ය. 16 December 2025
සජිත් ආපදා කළමනාකරණයට වෙනම කැබිනට් ඇමැති කමක් ඉල්ලයි ආපදා කළමනාකරණ ක්ෂේත්රය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර එය ශක්තිමත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 December 2025
දයාසිරිගෙන් ශ්‍රීලනිපට සැර ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීම පක්ෂ ව්‍යවස්ථාව නැවත උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය වන විට මැතිවරණ කොමිසම පිළිගන්නා පක්ෂයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. 16 December 2025
ලංකා සරසවි පහක් විදෙස් සහයෝගිතා ගිවිසුම් අත්සන් කරයි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ පත් වෙයි ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 16 December 2025
පිට්ටු කෑල්ලකට බිරිය, සිවුදරු සැමියා මරා දමලා මඩකලපුවේ වහනේරි හි නිවෙසකදී උදෑසන ආහාරයට පිට්ටු ඉල්ලපු සැමියාට බිරිය පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.. 16 December 2025
තක්ෂි සමග හාදකම් පෑවැයි සාජන් ගෙදර ගනේමුල්ල සංජීව නමැත්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට ගත් නන්ද කුමාර් තක්ෂි නැමැත්තටය බිස්කට් එකක් දෙකට කඩා කැල්ලක් දුන් බව කියන කියන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 16 December 2025
දුම්රිය ස්ථානාධිපතිවරු ශ්‍රමදානයක ‘දිට්වා’ සුළි කුණාටුව හානිවූ පුත්තලම් මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන පිහිටි කඩුපිටි ඔය හරහා ඇති දුම්රිය පාළම සහ මාර්ගය යථා තත්වයට පත්කිරීමේ ශ්‍රමදානයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි. 16 December 2025
පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට බිලියන 47ක් පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
අපේ අයට ජපන් රැකියා දොර අරින්න ගිවිසුමක් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම (SLFEA) සහ ජපානයේ එන්ටර් ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් (EUC) අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
අධිකරණය ඩිජිටල් කරන්න ක්ලීන් ශ්‍රී ලංකා සල්ලි දෙයි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ ’e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් මුදල් යෙදවීමට කැබිනට් අනුමැති ලැබී ඇත. 16 December 2025
ආසියා රාජ්‍ය ණය සමුළුවේ සත්කාරකත්වය ලංකාවට 2026 ආසියා කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම් සඳහා සම සත්කාරකත්වය සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ඖෂධ ගබඩා කරන්න ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා දෙයි වෛද්‍ය සැපයුම් අංශය සඳහා ගබඩා පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ගැබිනි කාන්තාවන්ට 5000ක පෝෂණ දීමනාවක් ආපදා තත්වය සහ උත්සව සමය වෙනුවෙන් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක පෝෂණ දීමනාව ලබාදීම අද (16) අාරම්භ කෙරිණ 16 December 2025
සෞදි - ලංකා තැපැල් ගිවිසුමක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞදි තැපැල් සංස්ථාව (Saudi Post Corporation) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ආයතනවල හිංසන මඩින ලෝක සම්මුතියට ලංකාවත් එක්වේ වැඩ ලොවේ ප්රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
රාජ්‍ය ව්‍යාපාර අධ්යක්ෂ පත් කරයි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
‘ජනතා විශ්වාසය භංගවෙලා’ අාණ්ඩුවේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විශ්වාසය භංග වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. 16 December 2025
ඉන්දියාවෙන් තවත් වියළි සළාක තොගයක් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම් සඳහා පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම නැවත රැගෙන යාමට ආ ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානයෙන් මෙරටට තවත් ද්‍රව්‍යාධාර තොගයක් රැගෙන වී තිබේ. 16 December 2025
උඩරට දුම්රිය මඟේ සේවා දුම්රිය ඇරැඹේ නාය යාම් හා පස්කදු කඩාවැටීම් හේතුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින අතර එම මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල දක්වා පරීක්ෂණ දුම්රියක් ධාවනය කරවීමට අවසර ලබා දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උඩපලාත දිස්ත්‍රික් ඉංජිනේරු දනූශ්ක දිසානායක මහතා පැවසීය. 16 December 2025
නැ‘හිර දුම්රිය මඟේ ගල්ඔය ත්‍රි‘මලේ , දින 18කට පසු දුම්රිය ගමන් අරඹයි ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් අවසන් වීමෙන් දින දහඅටකට පසුව පළමු දුම්රිය අද (16) උදෑසන ධාවනයට එක් කළේය. 16 December 2025
වතුකරයේ පාසල්වල ඉගැන්වීම් අරඹයි පාසල් නිඩුවාඩ සහ දිට්වා සුලි කුණාටුවෙන් පසු පාසල් වාරය (16) දින ආරම්භ කෙරිණ. පාසල් නිඩුවාඩ සහ දිට්වා සුලි කුණාටුවෙන් පසු පාසල් වාරය (16) දින ආරම්භ කෙරිණ. 16 December 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025