මොරගහකන්දත් පිටාර මට්ටමට ආසන්න වේ මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 18 December 2025
සමගියේ අසමගියෙන් කඩුගන්නාව ඇයවැය පරදි සමගි ජන බලවේගයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ 2026ට අදාළ අයවැය ප්රකාශනය පරාජය වීය. 18 December 2025
මහනුවරට යළි මහ වැසි:නාය යාමේ අවදානමක් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ (18)උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවාස දෙකක් නායයෑමට ලක්වීම නිසා පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 December 2025
තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සිට 28 තෙක් වසා තැබෙයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට මේ මස 28 වැනි දින දක්වා නිවාඩු දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානී පියසේන මහත්මිය පවසයි. 18 December 2025
පුංචි ශ්‍රි පාදේ ගිය කත ප්‍රපාතයකට වැටී රෝහලේ ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පුංචි ශ්‍රී පාදය නැරඹීම සඳහා කන්ද නගිමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අඩි පනහක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන් 18 December 2025
මහනුවර පවුල් තිස් දාහකට විසිපන්දාහේ දීමනාව ලැබී නෑ රුපියල් විසිපන්දහසේ සහනාධාර මුදල ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21431කට පමණක් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 18 December 2025
රන්වලගේ සිද්ධියට සපුගස්කන්ද OIC ඇතුළු පිරිසක් ගැන විමර්ශන කැලණිය, සපුගස්කන්ද, දෙණිමුල්ල ප්‍රදේශයේදී හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප්රථය මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් පසුව ඒ මහතා බීමතින් සිටියේද යන්න සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණ සිදු නොකිරීමෙන් පොලිසිය රාජකාරිය පැහැර හැරියේ දැයි සොයයි. 18 December 2025
මහවැලිය පිටාර ගලයි:සෝමාවතිය පාර වහයි මහවැලි ගඟ පිටාරගැලීම හේතුවෙන් සුංගාවිල සෝමාවතීය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීමත් සමඟ අද (18) සියලු වාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය වසා දැමීමට කටයුතු කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි. 18 December 2025
වික්ටෝරියා-රන්දෙනිගල-රන්ටැඹේ වාන් දමයි පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද (18) පැවසීය. 18 December 2025
බදුල්ල - අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා ඇරේ බදුල්ල අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා (20) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 December 2025
ගජමුතු සමඟ දෙන්නෙක් අල්ලයි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් , වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්යාලයේ නිලධාරීන් හා මහව බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් මාතලේ නගරයේදී එක්ව කළ වැටළීමකදී රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගජමුතු දෙකක් හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 18 December 2025
දුම්රිය මාර්ග තුනෙන් දෙකක් තවම වැඩ නෑ කාලගුණ ආපදාවෙන් දුම්රිය මාර්ග විනාශවීම හේතුවෙන් තවමත් දුම්රිය ධාවනය කෙරෙන්නේ මාර්ග පද්ධතියෙන් තුනෙන් එකක ප්‍රමාණයක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 December 2025
කෝටි 33ක දුම්වැටි සමඟ 5ක් අල්ලයි වෙළදපොල වටිනාකම රුපියල් කෝටි 33 ක් පමණ වටිනා තීරු බදු නොගෙවූ විදේශීය දුම්වැටි තොගයක් සමගින් සැකකරුවන් පස් දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 18 December 2025
මෝටර් රිය කොල්ල කෑ කල්ලියේ දෙන්නෙක් අල්ලයි කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය කොල්ලකෑ කණ්ඩායමේ අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි 18 December 2025
ආපදාව කල්තියා දැනුම් දුන්නා: ක්‍රියාත්මක නොවුණේ ඇයි දෙස් විදෙස් කාලගුණ විද්‍යා අංශ මෙම කාලගුණ ආපදාව කල්තියා දැනුම් දී තිබියදී රටේ ආපදා කළමනාකරණය ක්‍රියාත්මක නොවුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පෙරවරුවේ ප්‍රශ්න කළේය. 18 December 2025
කෝටි පනස් දහසක පරිපූරකය මැතිසබයට රුපියල් කෝටි 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය. 18 December 2025
දෙහිවල ඝාතනයක වෙඩික්කරු මාට්ටු දෙහිවල ‘ ක්වාටස් ක්‍රිඩා පිටිය ‘ අසළදී ඉකුත් 06 දින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කළ බව කියන සිද්ධියේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි. 18 December 2025
පනත් තුනකට කතානායක සහතිකය පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා ඊයේ සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. 18 December 2025
යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට යළි අධික වැසි ඇති වීමත් සමඟ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේන නිකුත් කර ඇති අතර තවත් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කාට්ඨාස 19 කට දෙවන මට්ටමේ නිවේදනය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32 කට පළමු මට්ටමේ අවවාදාත්මක නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (18) අලුයම නිකුත් කර තිබේ. 18 December 2025
අද කාලගුණය නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි 18 December 2025
සරසවි නඩත්තු අංශයේ වැඩ සහායක උපාධිය සම්පූර්ණ කරයි රුහුණ විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයේ සේවය කරන වැඩ සහායකයකු එම විශ්වවිද්යලයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වරට උපාධියක් හිමි කර ගත්තේය. 18 December 2025
පහේ කල්ලියක් දෙදරු පියා මරා ටිපරය පැහැර ගනිති පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදි ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුඛය ගැටගසා ඝාතනය කර ටිපර් රථය පැහැරගෙන අලෙවි කිරීමට සැලසුම් කළ පස්දෙනකු සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. 18 December 2025
‘‘අඹබෝ‘‘ පුළුස්සා මැරුවාට තුනක් සැකපිට මිහින්තලේ,සීප්පුකුලම, අඹගහවෙල හන්දිය ප්‍රදේශයේදී දැඩි ලෙස රෝගී තත්වයේ පසු වූ ’අඹබෝ’ නැමති වනඅලියා පන්දම් වලින් පුළුස්සා මරා දමන බව කියන සිද්ධියට අදාළව පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 18 December 2025
ඇලහැර සෑගල පාසලකට අලියකු පැන මවකටත් පහරදීලා ඇලහැර සෑගල විදුහලට අද පෙරවරුවේ කඩාවැදුන වන අලියකු කාන්තාවකට පහරදි ඇති අතර පාසල් සිසුන් පන්ති කාමරයට දුව ගොස් ජීවිත බේරා ගත් බව විදුහල් ආරංචි මාර්ග කියයි. 17 December 2025
කෝටි පනස් දහසක පරිපූරකය හෙට මැතිසබයට කාලගුණ විපතින් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අමතර රුපියල් කෝටි 50000 ක මුදලක් වෙන් කර ගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට හෙට (18) උදේ ඉදිරිපත් කිරීමට නියමිතය. 17 December 2025
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (17) දැනුම් දුන්නේය. 17 December 2025
නායට ගිය ගංගොඩ මිතුරන්ට පාසලෙන් පිංපෙත් උඩදුම්බර ගංගොඩ ගම්මානය නාය යාමෙන් මිය ගිය උඩදුම්බර ද්විතීයික විද්‍යාලයේ සිසු සිසුවියන් තිදෙනාට පින් අනුමෝදම් කිරීමෙ පින්කමක් උඩදුම්බර ද්විතීයික පාසලේදී පැවැත්විණි. 17 December 2025
මව සහ පුතු අනතුරින් මරුට දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදී අද (17) පෞද්ගලික බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් මව හා පුතු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි. 17 December 2025
ස්වීඩන් කත ලංකාවට ඩොලර් 33000ක් දෙයි ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්වීඩන් ජාතික වී.පී. නැක්හෝම්(V.P. Nackholm) මහත්මිය ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය. 17 December 2025
රට ගොඩ නගන්න ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කෝටි දහයක් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්) සමාගම රුපියල් කෝටි 10ක මූල්‍යමය පරිත්‍යාගයක් කළේය. 17 December 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025