අනාගත පරපුරට ණය ගෙවන්න ඉඩ තියන්නේ නෑ
රාජ්ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩි ප්රතිපාදන ප්රමාණයක් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.