සිංහල අවුරුද්දට පෙර නුවරට කෝච්චි යවනවා පේරාදෙණිය පරණ කෝච්චි පාලම මාර්තු 31ට පෙර සාදා නිම කර සිංහල අලුත් අවුරුද්දට පෙර නුවරට කෝච්චි ගෙනියන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය 19 December 2025
’’සර් අයිවෝ හදපු එක ගොඩනැගිල්ලකටවත් හානිවෙලා නැහැ’’ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සර් අයිවෝ ජෙනිංග්ස් මහතා හදපු එක ගොඩනැගිල්ලකටවත් කාලගුණ ආපදාවෙන් හානි නොවූ බවත් එමගින් රටට ලොකු පාඩමක් කියා දෙන බවත් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය 19 December 2025
මහනුවර හන්තාන මාර්ගය නාය යයි මහනුවර දිස්ත්‍රික්කයට ඇතිවූ වැසි සහ නායයෑම් හේතුවෙන් මහනුවර හන්තාන උඩුවෙල මාර්ගයේ ස්ථාන කීපයක් ගිලා බැස නායයාමට ලක්ව තිබෙන බැවින් මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ වාහන පදවන රියදුරන් දැඩි විමසිල්ලෙන් රථ වාහන ධාවනය කල යුතු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික රණවීර මහතා රියදුරු මහත්වරුන් දැණුවත් කරමින් පවසයි. 19 December 2025
ජනපති පාර්ලිමේන්තුවට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. 19 December 2025
සිංගනාගවිල්ලුව ගම්වැසියෝ ඉන්න තැනක් ඉල්ලයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ජල ගැලිමට මැදිවු වනාතවිල්ලුව කරතිව් සිංගනාගවිල්ලුව ගම්මානය අඩි 10 කට වැඩි ජල කදකින් මේ වන විටත් පිරි යාමේන් එම නිවාස වල පදිංචිව සිටි 50 කට ආසන්න පිරිස මේ වන විට එම ගම්මානයෙ සිට කිලෝ මිටර් දෙකකට ආසන්න දුරකින් පිහිටි මදර්සා පාසලක රැදි සිටියද එහි රැදි සිටිමට ඉඩ දී ඇත්තේ තවත් දින 15 ක් පමණක් බව එම පදිංචිකරුවෝ පවසති. 19 December 2025
බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ගමන් අරඹයි දිට්වා සුලි කුණාටුවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු ආපදාවන් වලින් අනතුරුව ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අඹේවෙල අතර දුම්රිය ධාවනය දින 22කට පසුව අද (20) ආරම්භ වනබව දුම්රිය පාලක මැදිරිය පවසයි . 19 December 2025
රජයේ ඩිජිටල් ගෙවීම් බිලියන 2 පසු කරයි රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේදී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ. 19 December 2025
ජපන් ඉදිකිරීම් සමාගමකින් ලංකාවට යෙන් මිලියනයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජපානයේ අසුනාරෝ අඕකි ඉදිකිරීම් සමාගම ජපන් යෙන් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ. 19 December 2025
වැස්ස වැඩි ප්‍රදේශවලට නාය අවදානම් මධ්‍යම කඳුකරය පුරා තව දුරටත් පවතින අධික වැසි තත්වය නිසා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ තෙවන මට්ටමේ රතු නිවේදනය නිකුත් කළේය. 19 December 2025
හානි වූ ආගමික තැන් ඉක්මනින් හදයි ආපදාවෙන් හානි වූ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන කඩිනම් ප්‍රතිසංස්කරණයට ලක් කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. 19 December 2025
පහතරට එළවලු මිල වැඩිවෙලා දිට්වා සුලි කුණාටුවත් සමඟ වෙළදපොලේ උඩරට එලවලු වලට වඩා පහත රට එලවලු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙලෙදුන් කියයි. 19 December 2025
රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කෑගල්ලේ පී. එම්. ජයවීර මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. 19 December 2025
බෙල්ලනගේ මූලික අයිතිය කඩලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 December 2025
රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් තහනම් කර තිබේ. 19 December 2025
’ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලෙස සැක කරමින් අත්හිටුවා ඇති ’ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත සම්බන්ධයෙන් රෝහල් රසායනාගාරයක කළ පරීක්ෂණය පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ලිපියක් යොමු කර තිබේ. 19 December 2025
රට ගොඩනගන්න සී.බී.එල් කෝටි දහයක් දෙයි දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය. 19 December 2025
මරණ සහතික දෙන්නත් උත්සව තියලා රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 19 December 2025
පිහි ඇනුමකින් තුවාල වූ අයෙක් රෝහලේදී මරුට නාවල සේනානයක මාවත අසලදී මෝටර් රථයක් තුළ ඊයේ (18) දින රාත්‍රී දී සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. 19 December 2025
බංගලාදේශය යළි ගිනි ගනී හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කළ තරුණ ව්‍යාපාරයේ ප්රමුඛ නායකයකු වු ෂරීෆ් ඔස්මාන් හාඩි ඊයේ (18 ) දින මිය යාමෙන් පසු බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී තත්වයක් නැවත උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 December 2025
පස්සර -මඩොල්සිම මාර්ගයට ගලක් පෙරැළෙයි පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය ට විශාල ගල්පර්වතයක් අද (19) උදෑසන කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය මුලුමනින්ම ඇනහිට ඇතයි මඩොල්සිම පොලිසිය පවසයි . 19 December 2025
පළාත් කීපයකට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රක්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 19 December 2025
ඕමානයේ ඉහළම ගෞරව සම්මානයත් අගමැති මෝදිට අග්‍රාමාත්‍ය මෝදි, දෙදින සංචාරයක් බලා ඕමානයට ගියේ ජෝර්දානයේ සහ ඉතියෝපියාවේ සංචාරය කරමිණි. මෝදි, ඉතියෝපියාවට ගියේ පළමු වරටය. ඉතියේපියා රජයේ ඉහළම ගෞරව සම්මානය ද මෝදිට හිමිවිය. 19 December 2025
ෆේස් බුක් මත්සාදයකින් තරුණියක් ඇතුළු 13ක් මාට්ටු මුහුණු පොත මාර්ගයෙන් හදුනාගත් පිරිසක් එක්ව පවත්වන ලද ෆේස් බුක් මත්ද්‍රව්‍ය සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක ඇතුලු 13 දෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 18 December 2025
රන්වල සිද්ධියෙන් මැති සබය කැළඹේ හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ වාහනයට කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද ඇතිවිය. 18 December 2025
රට නගන අරමුදලට තවත් ඩොලර් 16,000ක් දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ගිෆ්ට් ශ්‍රී ලංකා පදනම සහ ජෝර්ජියා බෞද්ධ විහාරය ඇමරිකා ඩොලර් 16,000ක පරිත්‍යාගයක් කළේය. 18 December 2025
මහවැලි නිම්නයට ගංවතුර අවදානමක් මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශ වලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් අද (18) පස්වරු 6 සිට පැය 24 ක කාලයේ මහවැලි ගඟට ආසන්න පහත් බිමවල සුළු ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 18 December 2025
සහකාර පොලිස් අධිකාරීවරුන් 11කට උසස් වීම් සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 18 December 2025
අලියාට ගිනි තැබූ තිදෙනා රිමාන්ඩ් පන්දම් වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වල, පාදයට වෙඩි තැබීමෙන් ඇවිදීමේ අපහසුතාවයකින් සිටි වන අලියකු පුළුස්සා මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය නියෝග කළාය. 18 December 2025
මැතිසබේ ඇත්තන්ට දිගු නිවාඩුවක් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කතානායකවරයාගේ අනුමැතිය පරිදි විශේෂ නිවාඩුවක්( ලබන 22 සහ 23 ) ලබාදී ඇත. 18 December 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025