
(රෝෂන් තුෂාර)
සිර දඬුවම් ලද ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාර මහා දේවී උද්යානයේ පැවති සත්යග්රහයේදී ජනතාව කුපිත කරවන, නොමග යවන සුළු සහ ජනතා විශ්වාසය කඩ කරන අසත්ය ප්රකාශ බලන්ගොඩ කස්සප හිමියන් මාධ්යයට නිකුත් කර ඇති බවට පැලවත්ත ජාතික ජන බලවේගය පක්ෂ කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කුරුඳුවත්ත පොලිසිය අද පැවසීය.
පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයේ සංවිධායක ජගත් බස්නායක මහතා පොලිසියට කරන ද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ විහාර මහා දේවී උද්යානයට පිහි දෙකක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් බලන්ගොඩ කස්සප හිමි පසුගිය 22 මාධ්යයට නිකුත් කර ඇති ප්රකාශය සම්පූර්ණයෙන් අසත්ය සහ ජනතාව නොමගය වන සුළු වැරදි සහගත එකක් බවය.
පිහි රැගෙන පැමිණි පුද්ගලයන් පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයෙන් ඒවා ඇති බවට කස්සප හිමියන් කරන ලද ප්රකාශය අසත්ය බවත් එමඟින් ජනතාව විශ්වාසයක් කඩවන බවත් පැමිණිලි කර ඇති බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළන්ගොඩ කස්සපයා කියපු කරපුවා අපි කාලාන්තරයක් තිස්සේ බලාගෙන උන්නා.කෙන්ද කන්ද කරන,බොරුව සාමාජගත කරමින් ජනමනස විකුර්ති කරන ,රටේ නායකයන්ට පවා මඩ ගහන ඔය දුෂ්ෂීල චීවරදාරියා රටටම සාපයක්.ප්ප්
මේ චීවර දාරිය ඕන පව් කාරකමක් කරයි තමුන්ට වාසියක් වෙනව නම්, මොහු බුදු දහමට අපහාසයක්
ඒක හොඳයි.. දැන් ඉතිං දෙන්නටම ඇතුළට වෙලා ඉන්න පුළුවන්.
ඔය සක්කිලියා අත්අඩංගුවට ගෙන ප්රශ්න කළ යුතුයි. තවත් පාස්කු ප්රහාරයකට අර අඳින හැමෝම ජාති ද්රෝහීන් හැටියට සැලකිය යුතුයි.
ආගම ධර්මයට මුවා වෙලා පූජ්ය පක්ෂයයි කියාගන්න අය නටන පිළිකුල් සහගත නාඩගම් දෙනවත් නතර කළොත් හොඳයි. මහජනයා ඒ තරමට කේන්තියෙන් ඉන්නේ. කොයි මොහොතේ හරි පුපුරා යන්න පුළුවන්.