
(රෝෂන් තුෂාර)
ශ්රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී යුරෝපීය ගුවන් සමාගමකින් රුපියල් කෝටි දහයක (මිලියන 100) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ විශේෂ ත්රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද පැවසීය.
අධි චෝදනා 24කින් හා සාක්ෂිකරුවන් 59 දෙනකුගෙන් සමන්විත නඩූව ත්රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීමට අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබී ඇති බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලා රටම කාබසීනිනියා කරපු දූෂිත පව්ල් ගැන කවර කතාද?