රූපවාහිනි හිටපු අධ්යක්ෂ ජනරාල් හා සභාපතිට ඇප
ප්රසම්පාදන කි්රයාවලිය අනුගමනය නොකර ‘වන් ශ්රී ලංකා’ නාලිකාව මගින් රූපවාහිනි වැඩසටහන් විකාශය කර රුපියල් තිස් හතර ලක්ෂයකට අධික මුදලක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාල රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා සහ හිටපු සභාපතිවරයා එක් අයකුට රුපියල් 25,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (07) නියෝග කළේය.