ධීවරයන්ට - සමෘද්ධිලාභීන්ට සහන මිලට භූමිතෙල් දෙනවා - අගමැති ධීවරයින්ට සහ සමෘද්ධිලාභීන්ට සහන මිලකට භූමිතෙල් සහ ඩීසල් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරුවේ පැවැසීය. 12 May 2018
බිරිඳට ගැසූ දර පොල්ල වැදී මාස 5 ක දියණිය මරුට අඹුසැමියන් අතර සිදුවූ ආරවුලකදී ස්වාමියා විසින් අද (12දා) හවස තම බිරිදට දර පොල්ලකින් සිදුකල පහරදීමකදී එම දර පොල්ල සිඟිති දරුවකුගේ බෙල්ලට වැදීම නිසා එම සිගිති දැරිය මියගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 12 May 2018
වාරි ඉංජිනේරුවාට පහරදුන් සැකකරු අල්ලන්න’යි ගොවීහු බලකරති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට බැන තර්ජනය කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක වරයා ලබන සඳුදා(14) වනවිට පොලිසිය අත්අඩංගුවට නොගතහොත් ගොවීන් 10,000 ක් සමඟ පාරට බැස පොළොන්නරුවේදී විරෝධතාවක් දක්වන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරය සංවිධාන වල සභාපතිවරු අද(12) ප්‍රකාශ කළහ. 12 May 2018
හිටපු ඇමති මර්වින් ඉපලෝගම තැබූ මුල්ගල ගලවා දමයි ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය. 12 May 2018
ජනපති ඉරානයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද (12) දහවල් ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව ගියේය. 12 May 2018
මැලේසියාවේ හිටපු අගමැතිට - බිරිඳට රටින් පිටවීම තහනම් මහ මැතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇතැයි වාර්තා වේ. 12 May 2018
හල්දුම්මුල්ල - ගිණිගත්ගල මාර්ගය වසා දමයි හල්දුම්මුල්ල ගිණිගත්ගල මාර්ගය යළි දැනුම් දෙනතුරු වසා තබන ලෙසත්, විකල්ප මාර්ගයක් තැනීම සුදුසු බවත්, එම මාර්ගයේ සිදුවූ නාය යෑම සම්බන්ධයෙන් කළ භූමි පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව හල්දුම්මුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මිය පැවසුවාය. 12 May 2018
ආණ්ඩුව අද මේ ගන්නේ අවසාන හුස්මයි - අරුන්දික ප්‍රනාන්දු තරුණ කැරැල්ලක් ළඟ ළඟම එන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයේදීය. 12 May 2018
ගුවන්තොටුපළේ තැරැව්කරුවන්ට වැඩ වරදියි ගුවන් තොටුපළවල ජනතාවට හිංසාකාරී අන්දමින් හැසිරෙන විවිධ වංචනික කටයුතු වල යෙදෙන තැරැව්කරුවන්ට විරුද්ධව රුපියල් 25,000ක ඳඩ මුදලක් හෝ මාස 10ක සිරඬුවමකට යටත් කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 May 2018
ජාතික විගණන පනත අදත් විවාදයට ගෙන නෑ ජාතික විගණන පනත අද (11) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවාදයට ගැනුණේ නැත.මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු පැය දෙකකින් අවසන් විය.විගණන පනත පිළිබඳ විවාදය අද දවස පුරා පැවැත්වීමට නියමිතව තිබුණි. 11 May 2018
බුද්ධි මට්ටම අතින් අපි ඉන්නේ පහළ මට්ටමක - ආචාර්ය අසන්තා අත්තනායක ලෝකයේ අනෙක් රටවල බුද්ධි මට්ටම් හා සැලකීමේදී අප සිටින්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය අද (10) ප්‍රකාශ කළාය. 11 May 2018
පොලොන්නරුවේ ඉඩමකින් ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක් පොලොන්නරුව - ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්පොත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමකින් හමු වූ ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක් අද (11) පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයට බාර දුන් බව පුරාවිද්‍යා නිලධාරීහු කියති. 11 May 2018
ඉන්ධන සහනයක් දුන්නේ නැත්නම් පාරට බහිනවා - ලංකා පොදු ධීවර සම්මේලනය ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ධීවරයන්ට ඔවුන්ගේ කර්මාන්තයේ යෙදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අද (11) පැවැසීය. 11 May 2018
සමෘද්ධි බැංකු සටනට මාතලේ සහය සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරාගන්නා බවට අගමැතිවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කිරිමේ යෝජනාවක් අද (11) පැවති මාතලේ මහ නගර සභා රැස්වමේදි වැඩි ඡන්දයෙන් සම්මත විය. 11 May 2018
මැලේසියා අගමැතිට ලක් අගමැතිගෙන් සුබ පැතුම් මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරයට පත්වූ මහතීර් මොහොමද් මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් යවා තිබේ. 11 May 2018
හෙරොයින් තොගයක් සමඟ පියා සහ දියණිය අත්අඩංගුවට විවෘත වරෙන්තු හතක් ලබා ඇති පුද්ගලයකු හා ඔහුගේ 16 හැවිරිදි දියණිය රුපියල් කෝටි හතරකට ආසන්න හෙරොයින් මත්කුඩු හා රන් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. 11 May 2018
මිරිස්සේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කෙරේ වැලිගම මිරිස්ස වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් පොලිස් ආරක්ෂාව යටතේ කඩා ඉවත් කිරීම අද (11) වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළේය. 11 May 2018
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. 11 May 2018
භූමිතෙල් සහනාධාරය පෙර පරිදිම ක්‍රියාත්මකයි ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය එලෙසෙම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 11 May 2018
තෙල් මිල වැඩිවීම ගැන වාසුදේව රජයට චෝදනා කරයි තෙල් මිල වැඩිවුණේ ආණ්ඩුව ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳ දැමු නිසා යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) චෝදනා කළේය. 11 May 2018
නිල සංචාරයක් සඳහා ජනපති හෙට ඉරානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (12) ඉරානය බලා පිටත්ව යයි. 11 May 2018
දැව සංස්ථාවේ නව සභාපති ශාන්ත බණ්ඩාර රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. 11 May 2018
‘ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නැහැ‘ - සරත් ෆොන්සේකා ’’සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ වඳින්නෙත් නෑ රාජපක්ෂ අධිකාරිය මාව හිරේ දාන කොට මගෙන් ඉල්ලීමක් කරා සමාව ගත්තොත් එළියට දානවා කියලා එවෙලෙත් දන ගහපු නැති මම දේශපාලනඥයින් ලග ගිහිල්ලා වැඳලා සමාව ගත්ත කියනවනම් මේ රටේ ජනතාව ඒවා විශ්වාස කරන එකක් නෑ.’’ යැයි වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද (11))හොරොව්පතානේදී පැවසීය. 11 May 2018
වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති ඉරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය දක්වමින් මේ මස 17 වැනිදින සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 11 May 2018
‘කොළඹ වාහන තදබදයට ආණ්ඩුවෙන් විසඳුම් නෑ‘- ගැමුණු විජේරත්න කොළඹ පවතින අධික වාහන තදබදයට කිසිදු විසඳුමක් සෙවීමට ආණ්ඩුව ඉකුත් වසර තුනේ දී කිසිදු පියවරක් නොගත් බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කළේය. 11 May 2018
මහ බැංකු වාර්තාව මාධ්‍යයට දීම ගැන මුදල් ඇමතිට කියන්න’යි කතානායකගෙන් උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසරේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා දැනුවත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අද (11) දැනුම් දුන්නේය. 11 May 2018
හොරණ රබර් කර්මාන්තශාලා හිමිකරු ඇතුළු තිදෙනාට ඇප හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් ආශ්රිත නිෂ්පාදන සිදු කරනු ලබන කර්මාන්ත ශාලාවක අපද්‍රව්‍ය ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය යාම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම කර්මාන්ත ශාලාවේ හිමිකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරිමට හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (11) නියෝග කළේය. 11 May 2018
උදයංග වීරතුංගගේ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කිරිම සහ බැංකු ගිණුම් තහනම් කිරිමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අද (11) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. 11 May 2018
රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් රුපියල අව ප්‍රමාණ වීම නිසා ඉකුත් කාලය තුළ රජයට රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් අත්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි. 11 May 2018
කතානායකවරයා නියෝජ්‍ය කතානායකවරයකු ඉල්ලයි තමන්ට තනිව කටයුතු කළ නොහැකි බැවින් නියෝජ්‍ය කතානායකවරයකු ඉක්මණින්ම අවශ්‍යව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (11) පැවසීය. 11 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026