(රන්ජන් කස්තුරි)
දකුණු පළාත් සභාවේ මන්ත්රී පුරප්පාඩුවක් ඇති වී සතියක කාලයක් ගතවී ඇතත් එම මන්ත්රී ධුරයට තමා පත්කිරීම මැතිවරණ කොමිෂන් සභාව කල්දමමින් සිටින බවට එම මන්ත්රීධුරයට සුදුසුකම් ලබා සිටින ගා. දෙනෙත්ති මහතා චෝදනා කරයි.
දකුණු පළාත් සබා මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර මහතා මන්ත්රීධූරයෙන් ඉල්ලා අස් වූ පසුව මනාප ලැයිස්තුවේ මීළඟ සුදුස්සා ලෙස තමාගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිෂන් සභාවට යවා තිබෙන බවද දෙනෙත්ති මහතා කීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී ඒ පිළිබඳව විමසූ විට කොමිෂන් සභාවේ සාමාජිකයකු විදේශගත වී සිටින බැවින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම කල්යන බවක් තමාට පැවසූ බවද ඔහු පැවසීය.
පුරප්පාඩු වූ මන්ත්රීධූරය ලබාගැනීමට සති දෙකක් නිකරුණේ නාස්ති කිරීම පදනම් විරහිත බවද සාමාජිකයකු විදෙස්ගතවීම මැතිවරණ කොමිසමේ ප්රශ්නයක් මිස තමාගේ ප්රශ්නයක් නොවන බවද දෙනෙත්ති මහතා ප්රකාශ කළේය.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේ මන්ත්රී පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාම අත්සන් කළ ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවය.
කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විදේශගතවී ඇති හෙයින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීම කල්යන බවද එය නීතිය මිස කොමිෂන් සභාවේ ගැටළුවක් නොවන බවද දේශප්රිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරප්පාඩු වූ මන්ත්රීධුරය ලබාගැනීමට සති දෙකක් නිකරුණේ නාස්ති කිරීම. මෙයා නම් හොඳ වැඩකාරයෙක් වගේ... ඉක්මණටම පත් කරන්න.
අනේ ඉක්මනට පත් කරන්න. අපිට කෑම දිරවාගන්න බැරි වෙලා ඉන්නෙ මේක කරන කන්...