මම වැඩේ කරගත්තේ පිස්තෝලේ ඇදලා - රංගේ බණ්ඩාර ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදි කිරීම සදහා රජයෙන් රුපියල් ලක්ෂ380 ක මුදලක් වෙන් කර ගත්තේ ඉනේ තිබුණු පිස්තෝලය එළියට ගැනීමෙන් පසුව බව වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය. 10 May 2018
’හෙද සේවය හා වෙද සේවය එක් විය යුතුයි’ - රාජිත වෙද සේවයට කරන්නට බැරිවුණ පෞද්ගලික අංශය කරා ව්‍යාප්ත වීම හෙද සේවය මේ වනවිට කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 10 May 2018
දැව සංස්ථාවේ නව සභාපති පොල්ගම්පොළගේ පත්වීම අත්හිටුවයි රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 May 2018
නිදහස් වෙළඳ ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙත්සමක් රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 10 May 2018
නාවලපිටිය නගරයේ කොටසක් වැස්සෙන් යට වෙයි නාවලපිටිය ප්‍රදේශයට දිනපතා ඇඳ හැලෙන වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා ජන ජිවිතයට මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට දැඩි බලපෑමක් ඇතිව තිබේ. 10 May 2018
පළාත් සභා ඡන්දය ඉක්මන් කරන්නැයි ඉල්ලයි පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන්නැනයි ආණ්ඩුවට බල කරන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. 10 May 2018
වෛද්‍යවරයාට පහරදුන් සිසුවා ළමා නිවාසයට කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බවට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුවා මේ මස 14 වැනි දින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද(10) නියෝග කළේය. මෙසේ ළමා නිවාස ගත කරනු ලැබුවේ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකි. 10 May 2018
පර්පෙචුවල් ට්‍රෙෂරීස් වත්කම් දෙන්න’යි නියෝග පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම දේශිය ආදයම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති සියලු ආදයම් හා වත්කම් පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයාට ලබා දෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළාය. 10 May 2018
අර්ජුන් සහ පලිසේන යළි රිමාන්ඩ් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරු මැයි 24 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (10) නියෝග කළාය. 10 May 2018
මහජන පරීක්ෂකවරුන් යැයි පවසා ජනතාව බියවද්දවා මුදල් ගත් දෙන්නෙක් දැලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙස නිවාස හා ව්‍යපාරික ස්ථාන පරික්ෂාකර ජනතාව ජනතාව බියවද්දවා මුදල් ලබා ගැනිමේ නිතරවු සංවිධානත්මක කල්ලියක කාන්තාවක හා පිරිම් පුද්ගලයකු මාතලේ නගරයේදී අද(10) අත්අඩංගුවට ගත්බව මාතලේ පොලිසිය පවසයි. 10 May 2018
ඉන්ධන මිල අද රෑ සිට ඉහළට ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 10 May 2018
අධිකරණය විවේචනය කළැයි වෛද්‍ය පාදෙණියට එරෙහි නඩුව කල්යයි සයිටම් විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධි ලබන සිසුන්ට රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලියාපදිංචිය ලබා දෙන්නැයි අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය විවේචනය කරමින් අධිකරණයට අපහාස කළ 10 May 2018
කිලෝ දෙක හමාරක රන් අබරණ ගෙන ගිය විශ්‍රාමික රේගු පරීක්ෂක අත්අඩංගුවට කටුනායක ගුවන්තොටුපළ රේගු පරිශ්‍රයට ඇතුළු වී නීතිවිරෝධි ලෙස කිලෝ 2.5 බරැති රන් අබරණ තොගයක් පිටතට රැගෙන යාමට උත්සහ කළ විශ්‍රාමික රේගු පරික්ෂයකු (10) උදැසන අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි . 10 May 2018
ලෝටස් පාර වහයි මාලබේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් ඇරැඹු විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ. 10 May 2018
මහතීර් මොහොමද්ට විශිෂ්ට ජයක් මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීය. 10 May 2018
අකුරට වැඩ ඉංජිනේරුවෝ බලාගාරයක වැඩ නවත්වති ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දියත් කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අනුව මෙගාවොට් 60 ධාරිතාවකින් යුත් දැවිතෙල් බලාගාරයක කටයුතු නතර කර දැමූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවැසීය. 10 May 2018
තෙල් මිල අද හෙටම ඉහළට පෙට්‍රල් සහ ඩීසල් මිල අද හෙටම වැඩි වනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත්‍රී සාකච්ඡාවක් පැවැත්වුණු අතර, නව මිල ගණන් පිළිබඳව එහිදී තීරණයක් ගැනීමට නියමිතව තිබිණි. 10 May 2018
දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ (09) පැමිණිලි කළේය. 10 May 2018
කෝටි දෙකක රන් බිස්කට් 20 සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 2 ක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (10) අලුයම අත් අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිසිය පවසයි. 10 May 2018
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු සැකපිට වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ සුඛෝපබෝගී තෙමහල් නිවසක් වටලා රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු විවිධ මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 May 2018
අල්ලස් ගත්තැයි නිකවැරටිය විදුලි අධිකාරී සැකපිට රුපියල් 20,000ක අල්ලසක් ගත්තේයැයි කියන ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරීවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 09 May 2018
මිරිස්ස වෙරලේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ජනපති උපදෙස් වැලිගම මිරිස්ස මුහුදු වෙරල තීරයේ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙරල සංරක්ෂණ හා වෙරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත. 09 May 2018
තොරතුරු පනත ගැන සමුළුව අදින් අවසන් තොරතුරු පනත පිළිබඳ පසුවිපරමක් කිරීමේ අරමුණින් ඊයේ (8) සහ අද (9) කොළඹ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේදී සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති දෙදින සමුළුව සාර්ථකව අවසන් විය. 09 May 2018
අධිකරණ සංවිධාන පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි විශේෂ මහාධිකරණ පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මත විය. 09 May 2018
විශ්‍රාමික හමුදා සාමාජිකයින් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කෘෂි ව්‍යාපෘතියක් විශ්‍රාම ලැබූ සහ විශ්‍රාම ලැබීමට නියමිත ත්‍රිවිධ හමුදා සමාජිකයන් හා පොලිස් නිලධාරින් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින් කෘෂිකර්ම හා ස්වයං රැකියා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 09 May 2018
ආනයනික පරිප්පු බද්ද ඉහළට ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය කියයි. 09 May 2018
මාස හතරට ඩෙංගු රෝගීන් 17500ක් මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු උණ රෝගීන් 17500ක් පමණ වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. 09 May 2018
පාසල් සිසුන්ට දියර කිරි දීමේ වැඩසටහනක් පාසල් සිසුන් සඳහා දියර කිරි ලබාදීම සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන බව ධීවර ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා අද (9) පැවැසීය. 09 May 2018
ඉපලෝගම සිද්ධියට වගකිවයුත්තන්ට විනය පියවර අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නව උදාගමේ භූමිය සංවර්ධනය කිරීමේදී බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ සිද්දියට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා කොළඹදී පැවසීය. 09 May 2018
අල්ලස් - දුෂණ නඩු මහාධිකරණයට ගෙනියන්න පනත් කෙටුම්පත් දෙකක් අල්ලස් හා දුෂණ නඩු සෘජුවම මහාධිකරණයේ ගොනු කිරීම සහ කොමිෂන් සභාවක ඉදිරිපත්වන සාක්කි අල්ලස් හෝ දුෂණ නඩු සඳහා අදාල කර ගැනීමට බලය පැවරෙන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කෙරිණි. 09 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026