(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමට නාවික හමුදාවේ සහාය ලබාගත් බව ලතීෆ් මහතා පැවසීය.
එම යාත්‍රාව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් වට කිරිමත් සමඟ එහි තිබූ මත්කුඩු කිලෝ 500 කට අධික ප්‍රමාණයක් මුහුදට දමා ඇතැයි ලතීෆ් මහතා පැවසිය.
ඇෆ්ගනිස්ථානයේ සිට මෙම හොරොයින් තොගය ලංකාවට ප්‍රවාහනය කර තිබේ.
යාත්‍රාව පකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකුට අයත් එකක් බවට මුලික විමර්ශන වලදී හෙළි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.
මේ වන විට ඩුබායිහි බන්ධනාගාර ගත කර සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මෙරටට හෙරොයින් ප්‍රවාහනයට යොදා ගෙන ඇත්තේ මෙම සැපයුම්කරු බව ද අනාවරණය වී තිබේ.






( ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන වලනම් මේ අයට මරණ දඬුවම
ශ්‍රී ලංකා රජය මෙවැනි වරද කරුවන්ට ප්‍රමාණවත් දඬුවම් නොදෙන බැවින් කුඩු ජාවාරම මහා පරිමාණයෙන් සිදුවීම වැළැක්විය නොහැක. මේ පිලිබඳ ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමුකොට උපරිම දඬුවම් දීමට ක්‍රියා කළයුතුය.
දැන් මේගොල්ලන්ගේත් පුංචි අම්මලා අභියාචනා කරගෙන ඒවිද දන්නේ නැහැ. මුළු රටම දැන් පුංචි අම්මලාගේ අතේද කොහෙද ?
ආණ්ඩුවට කුඩු නඩු දිනපතාම අහන්න වෙනම මහාධිකරණයක් ඇතිකරන්න වෙනවා.
අපේ රටේ මේ දවස්වල හතර වටේ කුඩුකාරයින් අල්ලන බව දැන දැනම මොන හයියකින්ද මේ අය මේ විදිහට රටතුලට කුඩු ගෙනෙන්නේ? තව… අහු නොවෙන කුඩු තොග කොච්චරවත් ඇත්ද? අම්මප මොනවද මේ වෙන්නේ?
මහඅයම තමයි කුඩු ගෙන්වන්නේ, විකුනන්නේ... එ්කනේ කුඩු නායකයින්ව බේරාගෙන තියාගෙන ඉන්නේ. ඒ මිනිස්සු අහිංසකයි..
මේ සැකකරුවන්ගේ ඇස් වහල ඇයි? ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු ඇතුළු කට්ටිය ඩුබායි වලදී අහු වුනවෙලාවේ ඔක්කොම මාධ්‍ය ඒ ඡායාරූප ඒ විදියටම පලකලා. කාගේවත් ඇස් වැහුවේ නැ. ඒ වගේම මේ දවස්වල විවිධ අපරාධවලට අහුවෙන සැකකරුවන්ගේ නම් මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරනවා. මේ අය ඉරාන ජාතිකයන්. විදෙස් රටකදී අපරාධයට අහුවුනොත් මුහුණේ පැහැදිලි ඡායාරූප අරගෙන මාධ්‍යයට දෙනවා.
නෙව දුට්ඨො නයො අත්ථි - න ධම්මො න සුභාසිතං, නික්කමං දුට්ඨෙ යුංඤ්ජථ- සොච සබ්භි න රඤ්ජති.” යනුවෙන් බුදුරදුන් විසින් ජාතක පාලියෙහි වදාරන ලදහ. (අට්ඨක නිපාත දීපි ජාතකය.) දුෂ්ඨයාට කාරණයක්නැත. ධර්මයක් නැත. යහපත් වචනයක් නැත. කාරණා කාරණ කීමෙන් හෝ, ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කථා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැක. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමය යෙදිය යුතුය. හෙවත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙන් දුෂ්ඨයාට පලක් නැත. බලය යොදා යටපත් කළ යුතුය.