(මහේෂ් කිර්තිරත්න සහ ඉන්දික අරුණ කුමාර )
මාතලේ, ඉලුක්කුඹුර , ලග්ගල මාර්ගයේ රිවස්ටන් සිට පතන දක්වා මාර්ගය දින 11 ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිම වෙනුවෙන් හෙට ( 25) සිට එළැඹෙන 29 දින දක්වාත් , යළි අප්‍රේල් මස 01 වැනි දින සිට 04 වැනිදා දක්වාද සියලුම රථවාහන ගමනා ගමනය නවත්වා තාවකාලිකව මාර්ගය වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ මාතලේ විධායක ඉංජිනේරු කාර්යාලය නිවේදනයක් නිකුත් කමින් කියයි.
රිවස්ටන් සහ පතන සදහා යන සංචාරකයින් සහ අනෙකුත් පිරිස් නාඋල නගරය හරහා ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද එම කාර්යාලය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd