( ජයන්ත සමරකෝන්)
එල්ලුම්ගහ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීමට එහි ක්රියාකාරීත්වය සහිත අනුරුවක් මේ මස 27 සිට 31 වැනි දින අක්වා යන දිනයන්හි වීරවිලදී පැවැත්වෙන යොවුන්පුර ප්රදර්ශනයේදී මහ ජන ප්රදර්ශනයට තබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙහිදී ප්රදර්ශන කුටි 2 ක් පවත්වාගෙන යයි.
ඉන් එකක එල්ලුම්ගහද අනික් කුටියේ බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ ප්රදර්ශනය කෙරෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.මෙහිදී එල්ලුම්ගහ පිළිබඳව අදහස් දැක්වීමද ජනතාවට සිදු කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරුව වැඩක් නෑ එල්ලුම් ගහ ගෙන්නකෝ අපරාද කාරයෝ ටික එල්ලන්න......
අපේ රටේ පරිසරය, ආර්ථිකය, ආරක්ෂාව සහ ජනතාවගේ පරම භුක්තිය වනසපු සියලුම දේශපාලකයන් මුලින්ම මෙහි එල්ලා මැරීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි.
මම හිතනවා මහජන ප්රදර්ශනය වැඩිහිටියන්ට පමණයි කියලා. කොහොම වුණත් බුදු දහම ටික ටික අමතක වෙමින් යන ලකුණු තිබෙන්නේ...
මේ පිළිරුවේ රටේ ඉන්න ස්ත්රී දූෂකයින්ගේ, මිනීමරුවන්ගේ සහ මත්කුඩු රටට ගෙන්නන අය එල්ලා තබා ඇති ආකාරයත් චිත්රයට නගා තබන්න. එවිට, ඒ ආකාරයෙන්වත් රටේ අපරාධකරුවන් එල්ලුවා යයි කියා අපිට සැනසීමක් ලැබිය හැකිය...
වේවැල් කොටුව පෙන්වලා පොඩිදරුවන් බයකළාට පෝරකේ පෙන්වලා පාතාලයින්, මිනීමරුවන් බය කරන්න බැහැ. ඔය කවුරුවත් පත්තර බලන්නේ නැහැ. පත්තර බලනවා නම් රත්තරන්, කුඩු, සඟවාගෙන එයාර් පොර්ට් එකෙන් එලියට එන්න හදයිද? පුලුවනි නම් එල්ලිලා මැරෙන්න දඟලන හැටි වීඩියෝ පෙන්වන්න.
මේ හදන්නේ එල්ලුම් ගහ ක්රියාත්මක කරනවාට විරුදධ බලවේගයක් මහජනයි තුලින් ගොඩ නගන්න. එල්ලුම් ගහ සහ එහි ක්රියා කාරිත්වය දකින බොහෝ අය සන්තාපයට පත් වීමත් එමගින ක්රමකමයෙන් එල්ලුම්ගහ නැවත ක්රියාත්මක කරනවාට විරුදධ මහජන මතයක් ගොඩ නැගෙන එකත් තමයි රජය බලාපොරොත්තු වන්නෙ. අප මුල සිටම දැනගෙන හිටියා ඔය එල්ලුම් ගස් කතාව කෙලින්ම ඡන්ද ගුන්ඩුවක් බවත් එය කවදාවත් ක්රියාත්මක නොවන දෙයක් බවත්. මාස ගණනක් කඹ හෙව්වා. මාස ගණනක් අළුගොසුවා හෙව්වා. මේක තමයි අන්තිම තුරුම්පුව.
මුල්ම ප්රදර්ශනය 225ම එන එකෙන් පේනවා.
අනුරුවක් පෙන්නන්න හදන්නේ දැන් ඔරිජිනල් එල්ලුම්ගහ නැති හින්ද වෙන්න ඕනෑ. පොහොට්ටුවේ ප්රාදේශීය සභාපති කෙනෙක් ඒකත් කපලා, ලෑලිවලට ඉරලා විකුණා ගන්න ඇති. දැන් ඉතින් රට පුරා එල්ලුම් ගස් හිටවන්න යනවා. ඔරිජිනල් එක තිබුණා නම් මෙලහට ගෙඩිත් හැදිලා...!
එල්ලන හැටි ක්රියාවෙන්ම පෙන්නලා දුන්නානම් අපරාධ ටිකක් හරි අඩුවෙයි .
මෙය සමහරු කියන පරිදි "බුදුරජානන් වහන්සේගේ දේශයයි" කවුරුත් කියන පරිදි වයිරයෙන් වයිරය නොසන්සිඳේ. මිනීමරුවාටත් කුඩු ජාරම්කරුවාටත් අනුකම්පා කල යුතුය. "යමෙකු ඔබේ වම කම්මුලට ගැසුවොත් දකුණු එකත් හරවන්න" කියන්නාක් මෙන්, යමෙකු එක මිනියක් මැරුවොත් තවත් එකක් මැරීමට ඉඩ දෙන්න.
මගේ කම්මුලට ගැසුවොත් මම හැරිලා ගහපු කෙනාට ගහනවා හතරගාතෙන් වැටෙන්න.
රොකී ඔයාගේ ආගමේ කොහොමද කියන්නේ?