(ඩයනා උදයංගනී)
ගත වූ වසර හතරක කාලයේදී එනම් තමා බලයට පත්වූ පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අද (23) පැවසීය.
මෙම කාලය තුළ කිසිදු පුද්ගලයකුට හෝ සංවිධානයකට විල්පත්තු රක්ෂිතයේ ඉඩම් දී නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීම වෙනුවෙන් මහනුවර දළදා මාළිගාව අභියස පැවති උත්සවය අමතමිනි.



(ඡායාරූප- ඉෂාන් සංජීව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රකාශය අදාලම නැත. වැඩකුත් නැත.
ඔන්න දැන් විශ්වාස කරන්න පුලුවන්. ජනාධිපතිතුමානෙ කියන්නේ.
මේ සියල්ල රාජපක්ෂලගේ රජය කාලයේ සිද්ධ වුවන් බව අපි හොඳින් දනිමු ! ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමාට චෝදනා නොකරමු.. අපි බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ විනාශය අත්හිටවන ලෙසයි .
ඔබතුමා ඉඩම් නොදුන්නාට අල්ල ගන්න උවමනා ඇත්තන් ඒවා අත් පත් කර ගෙන තිබිම ගැනත් සොයා බැලුවා නම් ඉතාම අගෙයි ගරු ජනාධීපති තුමනී .................
එහෙනම් මොකද්ද මේ අන්තර් ජාලයේ කට්ටියක් සංවිධානය කරන විරෝධතාවය? තැටිය රත්වෙලා තියෙන අස්සේ මුදලාලිලා නම් හොඳ හැටියට රොටී බානවා "විල්පත්තුව ආරක්ෂා කරගනිමු" කියන ටී ෂර්ට් එක රුපියල් 1500 ගන්නේ විකුනලා.
ඔයා විතරක් නෙමෙයි, කිසිම කෙනෙක් කිසිමදාක විල්පත්තු රක්ෂිතයේ ඉඩම් කාටවත් දීලා නැහැ. "විල්පත්තුව" කියන වචනෙට මුවා වෙලා විල්පත්තුව අවට සිදු කරන වන විනාශය මගහරින්න හදන එක තමයි හිරිකිත. කපන්නේ විල්පත්තුවද, නොවෙයිද කියන එක නෙමෙයි වැදගත්, කොතැනක තියෙන ගහක් කැපුවත් වෙන්නේ පරිසර විනාශයක්. .
මේගොල්ලෝ කියන ඒවා විශ්වාස කරන්න බැ ඩ්‍රෝන් එකක් යැවුවට පස්සෙම බලමු
විල්පත්තු රක්ෂිතයේ 1980 දසකයේ පිඹුරුපත් අනුව එය මිනුම් කර එදා තිබුන ප්‍රමාණයම අදත් තිබෙන බව රටට ඔප්පුකර පෙන්වන්න බැරිනම් බොරු නොගහ පාඩුවේ ඉන්න
අනේ මන්දා මිනිස්සු බොරු කියන එකේ සීමාවක් නැද්ද කියලා. මට හිතෙන්නෙ මේ ගොල්ලන්ට ඇත්ත කියන්න කට ඇරියත් බොරුවක් තමයි එලියට එන්නෙ.
රොමේෂ් කියන එක හරියට හරි. විල්පත්තුවට අයිති උනත් නැතත් වන විනාශය වහා අත් හිටුවිය යුතුය.
ඔබ තුමා නම් පසුගිය දවස්වල කිව්වේ වන සම්පතෙන් වසරකට සියයකට එකයි දසම අටක් නැතිවෙනවයි කියල එතකොට ඒ අඩුවෙන්නේ කොයි වනයෙන්ද
එතකොට අර බදුර්දීන් ඇමතිතුමා කිව්ව අක්කර 25?
විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි කිව්වට මෙතන කැලේ අඩු වෙමින් යනබව පැහැදිලිවම පෙනෙනවා නේද? ඇයි මේකට විසඳුමක් දෙන්නේ නැත්තේ? ත්‍රිපිටකය ලෝක උරුමයක් කරනවාට වඩා ඒක පිනක් නේද? බුදුන් වහන්සේත් බුදු උනාට පසුව කළේ තමන්ට සෙවන දුන් ගසට පළමුව කෘතගුණ සලකන ඒක නේද?
විල්පත්තුවද, හාරිපත්තුවද, උඩිස්පත්තුවද කියලා බෙරිහන් දෙන එක නොවෙයි වැදගත් වෙන්නේ. අපේ රටේ රක්ෂිත හා රක්ෂිත නොවූ වනාන්තර විනාශ කිරීම ගැනයි රටේ ජනතාව කතා කරන්නේ.
ඇස්බැස්ටෝස් තහනම, පොලිතින් තහනම, කුඩුකාරයන් එල්ලම, හොරු ඇල්ලීම, 30 කැබිනට් එක , තව මොනවද?
ඔය ඔක්කොම ප්‍රශ්න විසඳන්න තමයි, ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නේ. කෝටි 57 ක් ඒ වෙනුවෙන් වියදම් වෙනවා කියන්නේ නිකමට නොවෙයිනේ!
කොකේන් කතාව හරි ..............
අරයගේ කාලේ කරා, මෙයාගේ කාලේ කරා කියල මිනිස්සුන්ට දැනෙන විදියට, අපේ කාලේ මොකුත් වැරද්දක් කරේ නැ කියලා වැඩක් නෑ. රටේ ජනාදිපති විදියට දැන් හරි ඒ දේවල් නවත්වන්න කරන්න පුළුවන් දෙයක් තියනවා නම් අන්න ඒක කිව්වට කරලා පෙන්නුවට කමක් නැ.
බිම් අගලක් කාටවත් දුන්නේ නැත්නම් විල්පත්තුවේ දැනට සිද්ධ වෙන්නෙ මොකක්ද කියල සොයා බලන්න අපටද කියන්නේ ? සිද්ධ වෙන්නෙ මොකක්ද කියල අපට තේරුම් කරන්න තරම් ඕනකමක් ඔය නායකකාරකාදීන්ට නැති බවයි අපට දැනෙන්නෙ.
උගුරට හොරා බෙහෙත් කනවා කියන්නේ ඔන්න ඕකට තමයි....
මොන පදිංචි කිරීමක් උනත් රටේ හෝ පළාතේ ජන අනුපාතය අනුව සිදු විය යුතුයි නේද? විල්පත්තුවේදී එහෙම උනාද? ජාතික ප්‍රතිපත්තියක් මේවගේ දෙයකටත් නැද්ද? පුද්ගලයෙකුට හෝ පිරිසකට තමන්ට කැමති දේ කල හැකිද?
දීලා නැහැ පෙනෙන විදිහට බලෙන් ගස්කපා ජනාවාස බිහිකිරීම..
බදුර්දීන් විනාශ කරන්නේ එයාගේ බූදලේ වෙන්ට ඇති මගෙ හිතේ....
මෙයාට දෙනවා කියන එකයි, බලෙන් අත්පත් කරගන්නවා කියන එකයි අතරේ වෙනස තේරෙන්නේ නැද්ද මෙයාට?
අරෙහෙ රසායනික විදිනවා වහින්න කියලා, වතුර නැහැ කියලා. මෙහෙ හිටු කියලා විල්පත්තුව අවට රක්ෂිතය කපනවා. ඉස්සරවෙලාම කඳු උඩ තිබුණු වනාන්තර පද්ධතිය විනාශ කරලා දැම්මා. දැන් පොඩි නියඟයක් ආවත් පහළට වතුර නැහැ. හැමෝම විලාප දෙනවා දේශගුණික විපර්යාස කියලා. එක්කෙනෙක් වත් කියන්නේ නැහැ කඳුකර වනාන්තර ටික විනාශ කරපු එක නිසා පොළවට උරාගන්නා වතුර ප්‍රමාණය අඩුවීම මූලික හේතුව කියලා. දැන් ඉතිරි ටික කපනවා. සෞදියට ගියා නම් හැමෝටම බලාගන්න පුළුවන් ගහක් කොලක්, වනයක්, වනසිවුපාවෙක් නැති රටක් කොහොමද කියලා. අපිට අගයක් නැහැ. බඩජාරිකමට සල්ලි හොයන්න විතරයි වුවමනාව. නිකන් ලැබුණු පරිසරයත් විනාශ කරනවා කිසිම හිරිකිතයක්, බයක්, අනාගතයක් ගැන හිතන්නේ නැතිව...
දුන්න කිව්වේ නැහැනේ කව්රුත් ? අල්ලගෙන මිසක්. හරියට ඇහුම්කන් දෙන්න කියන දේ. මිනිස්සු කතා කරන්නේ වන විනාසේ ගැන මිසක් ඉඩම් බෙදපුව නෙමෙයි..
විල්පත්තුවේ ඉඩම් දීපු එවුන් සහ කැලෑ කපපු එවුන් කකුල් දෙකෙන් එල්ලා අඩුගින්දරේ තෙල් හිඳිමු.
ඉමේෂ් ඔබ හරියට හරි.