IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ

(ඩයනා උදයංගනී)

ගත වූ වසර හතරක කාලයේදී එනම් තමා බලයට පත්වූ පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අද (23) පැවසීය.

මෙම කාලය තුළ කිසිදු පුද්ගලයකුට හෝ සංවිධානයකට විල්පත්තු රක්ෂිතයේ ඉඩම් දී නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීම වෙනුවෙන් මහනුවර දළදා මාළිගාව අභියස පැවති උත්සවය අමතමිනි.

(ඡායාරූප- ඉෂාන් සංජීව)

 



අදහස් (28)

විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ

Bishan Saturday, 23 March 2019 12:08 PM

ප්‍රකාශය අදාලම නැත. වැඩකුත් නැත.

:       178       169

ජයන්ත මිලානෝ Saturday, 23 March 2019 12:10 PM

ඔන්න දැන් විශ්වාස කරන්න පුලුවන්. ජනාධිපතිතුමානෙ කියන්නේ.

:       71       10

ravi Saturday, 23 March 2019 12:23 PM

මේ සියල්ල රාජපක්ෂලගේ රජය කාලයේ සිද්ධ වුවන් බව අපි හොඳින් දනිමු ! ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමාට චෝදනා නොකරමු.. අපි බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ විනාශය අත්හිටවන ලෙසයි .

:       322       647

හිරාන් Saturday, 23 March 2019 12:26 PM

ඔබතුමා ඉඩම් නොදුන්නාට අල්ල ගන්න උවමනා ඇත්තන් ඒවා අත් පත් කර ගෙන තිබිම ගැනත් සොයා බැලුවා නම් ඉතාම අගෙයි ගරු ජනාධීපති තුමනී .................

:       36       180

sirimal Saturday, 23 March 2019 12:41 PM

එහෙනම් මොකද්ද මේ අන්තර් ජාලයේ කට්ටියක් සංවිධානය කරන විරෝධතාවය? තැටිය රත්වෙලා තියෙන අස්සේ මුදලාලිලා නම් හොඳ හැටියට රොටී බානවා "විල්පත්තුව ආරක්ෂා කරගනිමු" කියන ටී ෂර්ට් එක රුපියල් 1500 ගන්නේ විකුනලා.

:       487       654

රොමේෂ් Saturday, 23 March 2019 01:50 PM

ඔයා විතරක් නෙමෙයි, කිසිම කෙනෙක් කිසිමදාක විල්පත්තු රක්ෂිතයේ ඉඩම් කාටවත් දීලා නැහැ. "විල්පත්තුව" කියන වචනෙට මුවා වෙලා විල්පත්තුව අවට සිදු කරන වන විනාශය මගහරින්න හදන එක තමයි හිරිකිත. කපන්නේ විල්පත්තුවද, නොවෙයිද කියන එක නෙමෙයි වැදගත්, කොතැනක තියෙන ගහක් කැපුවත් වෙන්නේ පරිසර විනාශයක්. .

:       69       367

Akila Saturday, 23 March 2019 02:53 PM

මේගොල්ලෝ කියන ඒවා විශ්වාස කරන්න බැ ඩ්‍රෝන් එකක් යැවුවට පස්සෙම බලමු

:       0       138

shan saudi Saturday, 23 March 2019 03:52 PM

විල්පත්තු රක්ෂිතයේ 1980 දසකයේ පිඹුරුපත් අනුව එය මිනුම් කර එදා තිබුන ප්‍රමාණයම අදත් තිබෙන බව රටට ඔප්පුකර පෙන්වන්න බැරිනම් බොරු නොගහ පාඩුවේ ඉන්න

:       4       187

රාජුන් Saturday, 23 March 2019 09:35 PM

අනේ මන්දා මිනිස්සු බොරු කියන එකේ සීමාවක් නැද්ද කියලා. මට හිතෙන්නෙ මේ ගොල්ලන්ට ඇත්ත කියන්න කට ඇරියත් බොරුවක් තමයි එලියට එන්නෙ.

:       0       50

Perakum Saturday, 23 March 2019 11:12 PM

රොමේෂ් කියන එක හරියට හරි. විල්පත්තුවට අයිති උනත් නැතත් වන විනාශය වහා අත් හිටුවිය යුතුය.

:       0       73

kule Saturday, 23 March 2019 11:43 PM

ඔබ තුමා නම් පසුගිය දවස්වල කිව්වේ වන සම්පතෙන් වසරකට සියයකට එකයි දසම අටක් නැතිවෙනවයි කියල එතකොට ඒ අඩුවෙන්නේ කොයි වනයෙන්ද

:       0       50

Praba Sunday, 24 March 2019 12:29 AM

එතකොට අර බදුර්දීන් ඇමතිතුමා කිව්ව අක්කර 25?

:       0       58

ලුම්බිණි Sunday, 24 March 2019 12:36 AM

විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි කිව්වට මෙතන කැලේ අඩු වෙමින් යනබව පැහැදිලිවම පෙනෙනවා නේද? ඇයි මේකට විසඳුමක් දෙන්නේ නැත්තේ? ත්‍රිපිටකය ලෝක උරුමයක් කරනවාට වඩා ඒක පිනක් නේද? බුදුන් වහන්සේත් බුදු උනාට පසුව කළේ තමන්ට සෙවන දුන් ගසට පළමුව කෘතගුණ සලකන ඒක නේද?

:       0       60

abaran Sunday, 24 March 2019 12:44 AM

විල්පත්තුවද, හාරිපත්තුවද, උඩිස්පත්තුවද කියලා බෙරිහන් දෙන එක නොවෙයි වැදගත් වෙන්නේ. අපේ රටේ රක්ෂිත හා රක්ෂිත නොවූ වනාන්තර විනාශ කිරීම ගැනයි රටේ ජනතාව කතා කරන්නේ.

:       1       45

Pramil Sunday, 24 March 2019 01:40 AM

ඇස්බැස්ටෝස් තහනම, පොලිතින් තහනම, කුඩුකාරයන් එල්ලම, හොරු ඇල්ලීම, 30 කැබිනට් එක , තව මොනවද?

:       0       74

rocky Sunday, 24 March 2019 02:14 AM

ඔය ඔක්කොම ප්‍රශ්න විසඳන්න තමයි, ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නේ. කෝටි 57 ක් ඒ වෙනුවෙන් වියදම් වෙනවා කියන්නේ නිකමට නොවෙයිනේ!

:       0       113

p.d goonawaardena Sunday, 24 March 2019 03:27 AM

කොකේන් කතාව හරි ..............

:       0       75

lali Sunday, 24 March 2019 03:33 AM

අරයගේ කාලේ කරා, මෙයාගේ කාලේ කරා කියල මිනිස්සුන්ට දැනෙන විදියට, අපේ කාලේ මොකුත් වැරද්දක් කරේ නැ කියලා වැඩක් නෑ. රටේ ජනාදිපති විදියට දැන් හරි ඒ දේවල් නවත්වන්න කරන්න පුළුවන් දෙයක් තියනවා නම් අන්න ඒක කිව්වට කරලා පෙන්නුවට කමක් නැ.

:       0       61

smn Sunday, 24 March 2019 04:11 AM

බිම් අගලක් කාටවත් දුන්නේ නැත්නම් විල්පත්තුවේ දැනට සිද්ධ වෙන්නෙ මොකක්ද කියල සොයා බලන්න අපටද කියන්නේ ? සිද්ධ වෙන්නෙ මොකක්ද කියල අපට තේරුම් කරන්න තරම් ඕනකමක් ඔය නායකකාරකාදීන්ට නැති බවයි අපට දැනෙන්නෙ.

:       0       6

vipula Sunday, 24 March 2019 04:15 AM

උගුරට හොරා බෙහෙත් කනවා කියන්නේ ඔන්න ඕකට තමයි....

:       0       5

nimalka Sunday, 24 March 2019 05:23 AM

මොන පදිංචි කිරීමක් උනත් රටේ හෝ පළාතේ ජන අනුපාතය අනුව සිදු විය යුතුයි නේද? විල්පත්තුවේදී එහෙම උනාද? ජාතික ප්‍රතිපත්තියක් මේවගේ දෙයකටත් නැද්ද? පුද්ගලයෙකුට හෝ පිරිසකට තමන්ට කැමති දේ කල හැකිද?

:       0       2

senarath kumara Sunday, 24 March 2019 05:26 AM

දීලා නැහැ පෙනෙන විදිහට බලෙන් ගස්කපා ජනාවාස බිහිකිරීම..

:       0       1

නුවන් Sunday, 24 March 2019 07:48 AM

බදුර්දීන් විනාශ කරන්නේ එයාගේ බූදලේ වෙන්ට ඇති මගෙ හිතේ....

:       3       9

රාජුන් Sunday, 24 March 2019 08:00 AM

මෙයාට දෙනවා කියන එකයි, බලෙන් අත්පත් කරගන්නවා කියන එකයි අතරේ වෙනස තේරෙන්නේ නැද්ද මෙයාට?

:       0       4

sarath Sunday, 24 March 2019 02:16 PM

අරෙහෙ රසායනික විදිනවා වහින්න කියලා, වතුර නැහැ කියලා. මෙහෙ හිටු කියලා විල්පත්තුව අවට රක්ෂිතය කපනවා. ඉස්සරවෙලාම කඳු උඩ තිබුණු වනාන්තර පද්ධතිය විනාශ කරලා දැම්මා. දැන් පොඩි නියඟයක් ආවත් පහළට වතුර නැහැ. හැමෝම විලාප දෙනවා දේශගුණික විපර්යාස කියලා. එක්කෙනෙක් වත් කියන්නේ නැහැ කඳුකර වනාන්තර ටික විනාශ කරපු එක නිසා පොළවට උරාගන්නා වතුර ප්‍රමාණය අඩුවීම මූලික හේතුව කියලා. දැන් ඉතිරි ටික කපනවා. සෞදියට ගියා නම් හැමෝටම බලාගන්න පුළුවන් ගහක් කොලක්, වනයක්, වනසිවුපාවෙක් නැති රටක් කොහොමද කියලා. අපිට අගයක් නැහැ. බඩජාරිකමට සල්ලි හොයන්න විතරයි වුවමනාව. නිකන් ලැබුණු පරිසරයත් විනාශ කරනවා කිසිම හිරිකිතයක්, බයක්, අනාගතයක් ගැන හිතන්නේ නැතිව...

:       1       24

imesh Monday, 25 March 2019 06:25 AM

දුන්න කිව්වේ නැහැනේ කව්රුත් ? අල්ලගෙන මිසක්. හරියට ඇහුම්කන් දෙන්න කියන දේ. මිනිස්සු කතා කරන්නේ වන විනාසේ ගැන මිසක් ඉඩම් බෙදපුව නෙමෙයි..

:       1       0

Bamunuarachchi Tuesday, 26 March 2019 10:00 AM

විල්පත්තුවේ ඉඩම් දීපු එවුන් සහ කැලෑ කපපු එවුන් කකුල් දෙකෙන් එල්ලා අඩුගින්දරේ තෙල් හිඳිමු.

:       0       0

Bamunuarachchi Tuesday, 26 March 2019 10:02 AM

ඉමේෂ් ඔබ හරියට හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 424 0

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 537 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 289 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 547 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 2992 5

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 8177 8

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1012 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 248 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site