(නාලක සංජීව දහනායක)
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (29) පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
ලබන මස මැද වනවිට විදුලි අර්බුදයට ස්ථීර විසඳුමක් ලබාදෙන බව කී අමාත්‍යවරයා 2014 වසරේ සිට විදුලිය ජනනය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව නැතැයිද කීය.
එබැවින් වැඩිවන විදුලිය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි වීමෙන් ප්‍රශ්න ඇතිවන බව සඳහන් කළ අමාත්‍යවරයා අතීතයට දොස් නොකියා අනාගතයේදී මෙවැනි අර්බුද ඇතිනොවන පරිදි කටයුතු කරන බවද පැවැසීය.
කොළඹ, ගලධාරි හෝටලයේදී අද (26) ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපීය සහයෝගීතා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ ප්‍රකාශයක් මැතිතුමනි.
ගේදොර හරකබාන. ගොන්බාන අමතක මේ ග්‍රහයාට මොනවා මතකයේ රැදේද? අනේ අපේ කට...
ගිය ආණ්ඩුවෙන් ලක්විජය විදුලිබලා ගාරයවත් නොකළා නම් අද අපි කරුවලේ නේද? ඔහෙලා මේ අවුරුදු 4ට කරපු බම්බුවක් නැහැ නේද? දැන් ඔය හදන්නේ ඔහෙලගේ යාලුවන්ගේ පුද්ගලික ජෙනරේටර් වලට ජොබ් දෙන්න නේද?
එතකොට පරක්කු වැඩියි. අවුරුදු හතරක් තිස්සේ මේ රජය මොනවද කලේ? බැංකු මංකොල්ල කනවා ඇරෙන්න...
ඔබගේ කෙරුවාවක් නැහැ. සේරම කටින් විතරයි. දැන්වත් කටින් බතල හිටවන්නේ නැතුව හිටියොත් හොදයි
පිළිතුරු අවශ්‍ය නැහැ. විසදුම් අවශ්‍යයි.....
ගිය තැන විනාසයක්
පිළිතුරු නොවේ. විදුලිය අඛණ්ඩව සපයන්න. ජනාධිපතිතුමා එදා කිව්වා මෙයාට මුදල් ඇමතිධූර දුන්නේත් අකමැත්තෙන්ලු. එහම කියල ආපහු විදුලිය දුන්න.
UNP ටික එදාට ඉටිපන්දම් ගහගෙන සිරිකොත ගමට කියලා ගෙයින් ගෙට යනවලු!
මොකද්ද පිළිතුර ? රටේ ලයිට් ගියා කියලා ගෙදර උදවිය නම් හීනෙන් වගේ කියනවා ඇහුනා....මම දැන් තමයි නිදාගෙන නැගිට්ටේ ! ඒකද. ?
අද උදේ 6.30 ට මම පාරේ ලයිට් ඔෆ් කලා. මගේ රාජකාරිය නොවුනත් මම රට ගැන සිත කලෙමි. උදේ 6.00 ට පෙර මෙය කලානම් විදුලිබල්බ 10 X පැය 1/2 =? රටේ පාට, පක්ෂ වෙනස තිබෙන තුරු ?
අන්තිමට කියයි වැස්ස නැහැ කියලා.
ඉතිරි කිරීම උගන්වන ආයතනය කුමක්ද? ඔවුන් කරන්නේ වැඩිම නාස්තිය. පිටරට වලින් හැම දේ ගැනීමට පොරය. ඩොලර් කෑදර කම. පක්ෂ පාට වෙනස නොතකා , විදුලිය ඉතිරි කිරීමට නාම පුවරු, ආයතන වල දවල් ලයිට්, පාර වල ලයිට් සම්පුර්ණයෙන් වසන්න බැරි ඇයි ?
මේ රවී ලැජ්ජා නැතිව එයා යනයන තැන එයාගේ මුස්ලිම් මස්සිනා අරගෙන ගිහින් එයාගේ අමාත්‍යංශයේ ආයතනයක සභාපති තනතුරකට හෝ අධ්යක්ෂ තනතුරකට දමා ගන්නවා. මස්සිනාට කියලා තමයි සේරම යටින් හොර ඩීල් දාලා රටේ සල්ලි හොරකම් කරන්නේ. පොලිසියේ සාජන් කෙනෙක් වෙලා හිටපු මේ මස්සිනා දැන් සස්ටේනබල් එනර්ජි ඔතෝරිටි ආයතනයේ සභාපති තනතුරට පත් කරලා. දැනට පෞද්ගලික සමාගම් මගින් ආරම්භ කරන්න තියෙන සෝලා පවර් ව්‍යාපෘති වලින් මෙයා මිලියන ගණන් වලින් කොමිස් ඉල්ලනවා කියලා ආරංචියි.. ඒවා පාස් කරන්න. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? අනෙක එම විෂය ගැන වෘත්තීමය සුදුසුකම් තියෙන ඉංජිනේරුවරයකු එම තනතුරට පත් නොකර පැන්ෂන් ගිය පොලිස් සාජන් මස්සිනාව දැම්මේ මොකටද කියලා කාටත් තේරෙනවනේ...?