( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන අපේ‍්‍රල් 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.
අධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ සීමාවාසික පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටියදී එම පත්වීම් තමන්ට ලබා නොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දීමට එරෙහිව මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලිණි.
මෙම පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම අපේ‍්‍රල් 1 වැනිදිනට කල් තැබිණි.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුරේන් ඥානරාජ් මහතා කියා සිටියේ රජයේ වෛද්‍ය උපාධිධාරීන් සීමාවාසික පුහුණුවීම් ලබා දීමට ප‍්‍රමුඛත්වය ලබා දෙන බවය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ සයිටම් සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට සුදුසුවන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කොට එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට තිබියදීත් තම සේවාදායකයින් ලබා නොදීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත්ය.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරින් වන එස්.එම්.හල්පේ ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද අනිල් ජාසිංහ , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් වසර පහක් තිස්සේ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වසර පහකට ආසන්න කාලයක් වෛද්‍ය උපාධිය හැදෑරූවෝ වෙති.
සයිටම් සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදංචි වීමට සුදුසුවන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කොට එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට තිබියදීත් තමන්ට මෙම පත්වීම් ලබා නොදී තම මූලික අයිතිවාසිකම් කඩ වීමක් බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදෙනාටම පිස්සු .
සයිටම් සිසුන්ට කොතලාවල පීඨය හරහා උපාධි ලබා ලියාපදිංචියට අවස්ථාව දී තිබියදීත් ඔවුන් උසාවි හරහා විභාගවලින් තොරව ලියාපදිංචිය ලබා ගෑනිමට යෑම, මේ ගැටළුවයි...
සයිටම් ළමයි කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුල් කරගන්න ගියාම තමයි තේරුනේ සමහර අයට මුලික සුදුසුකම් වත් නැතුව තමයි සයිටම් එකට අතුල්කරගෙන තියෙන්නේ කියලා. කාටද කියන්න පුළුවන් මේ සයිටම් දොස්තරලට මුලික සුදුසුකම් තියෙනවද කියලා? ඉතින් කොහොමද සීමාවාසික පත්වීම් දෙන්නේ. මෙහෙම ගියොත් මුලික සුදුසුකම් නැති පෙරකදොරුවොත් නඩුකාරයෝ වෙයිනෙ.