(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කර නව ආණ්ඩුවක් පිහිටුවීම මිස යළිත් එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩු පිහිටුවීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා මේ වන විටත් ප්‍රධාන කරුණු 20ක් යටතේ සිදුකරමින් පවතින බව කී තිලංග සුමතිපාල මහතා දෙපාර්ශවයම එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එකම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම තම කණ්ඩායමේ අරමුණ බව ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ ඒ වෙනුවෙන් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණත් මෙතෙක් ඔවුන් එවැනි තීරණයක් ගෙන නැතැයිද සුමතිපාල මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අයවැය පරදවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය නොදුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයේ ඇතැම් මන්ත්‍රීවරුන් චෝදනා කරන බව කී තිලංග සුමතිපාල මහතා මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසු අග්රාමාත්යධූරයෙන් ඉවත්වූයේ අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් රට අරාජික වන නිසා බව ඔවුන්ට අමතක වී ඇතැයිද කීවේය.
සැම විටම දේශපාලන වශයෙන් ලැබෙන වාසි ගැන සිතා තීන්දු ගත නොහැකි බව කී සුමතිපාල මහතා අයවැයට විරෝධය පා ඡන්දය භාවිතා නොකර සිටීමට පමණක් තීරණය කළේ රට ගැන සිතා බව සඳහන් කළේය.
අයවැය ඔස්සේ ආණ්ඩු පෙරළන ක්‍රියාදාමයකට යාමේ අවශ්‍යතාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතාව සමහරවිට තව සති දෙක තුනකින් වෙනස් වෙන්නත් පුළුවන්. කීයද ඔට්ටු?
මොන පිස්සුද අපි සෙට් වෙන්නේ ඔයාලා ඔක්කොම එකට තියලා පරද්දලා ගෙදර යවන්න වසර 71ක් කරන්න බැරි වුන වැඩේ අලුත් කට්ටියකට දීලා කරන්න අපේ උත්සාහය. ඔක්කොම හිටියා ඇති කරුණාකරලා පව් නොදී ගෙදර යන්න.
තිලංග මහත්තයෝ ආණ්ඩු පිහිටුවන්න එකතු වුනත් එකයි, යන්තම් දිනුවහම කට්ටියක් යවල මුක්කුවක් ගැහැව්වත් එකයි. ඒ කාලේ තමයි අපි ඔව්වට රැවටුනේ? ඔන්න බිහොම ඉස්සර කලේ නම්, ඒ කියන්නේ අර ඔට්ටු දාපු මිනිස්සුන්ට වැඩිපුර ගෙවන්න වුනාම බුකිය ගිනිගන්න කාලේ නම් ඔව්වට මිනිස්සු රැවටෙනවා. දැන් රවට්ටන්න බැහැ.
ඒ පැත්තෙන් මේ පැත්තට පැනපු මෙයා කියන ඒවා කොහොමද පිළිගන්නේ? අනික පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි අමුතුවෙන් සන්ධානගත වෙන්න දෙයක් නෑ. කොහොමත් සන්ධානේ හිටපු අයම තමයි පොහොට්ටුවේ ඉන්නේ.
පින් මන්ත්‍රීතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තීරණ ගන්න හැකිද?
පින් ඇමති
යු එන් පි එකේ රවී කරුණානායක වගේ තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙයා. ඇත ගාන්න සේරම විනාශයි. ක්‍රිකට් එක විනාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඉන්නා අය ගැන විනය නීති ක්‍රියාත්මක කරන්න කොන්දක් නැත්තේ මොකද කියලා පහදා දෙන්න පුළුවන් නම් ඔය කයිවාරුවලට වැඩිය වටිනවා. හම්බන්තොටදී ඌව පළාතේ මන්ත්‍රීවරයෙක් කීවා නේද ඔය කතාවේ අනිත් පැත්ත? ඇහෙන්න ඇතිනේ?
එහෙනම් හොඳයි... ලැජ්ජා බය තියනවා වගේ...