ෆේස්බුක් පරිශීලකයන්ගේ අනිසි හැසිරීම් සහිත ගිණුම් මකා දැමීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ අනුව ඉරානය, රුසියාවේ, මැසිඩෝනියාව සහ කොසෝව යන රටවල්වල ෆේස්බුක් ගිණුම් මකා දමා ඇත.
ෆේස්බුක් පිටු 2, 632ක්, කණ්ඩායම් ගිණුම් සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කර ඇත.
එම ගිණුම් අතර ඉරානයේ ගිණුම් 513ක්, රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් ඉවත් කර බව වාර්තා වේ.
පසුගිය වර්ෂ දෙක තුළ අන්තවාදී මත ප්‍රචාරය වූ ගිණුම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වූ බව ෆේස්බුක් ආයතනය පවසයි.
63226
රොයිටර් ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳ පියවරක්. ඉතාමත් වැඩදායක අයුරින් භාවිතා කළහැකි මේ මාධ්‍ය අප රටේත්... සමහර දෙනා අශිෂ්ට විදිහට හාවිතා කරනවා. පරුෂ වචන පවා යොදනු පෙනේ... අසංවර භාෂාව යොදා මඩ ගසන්නන්ගේ ගිණුම්වලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාව වගබලා ගත යුතුයි.
එ්ක බොහොම හොඳ වැඩක්...