(මහේෂ් කිර්තිරත්න)
තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා මාතලේ දී පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “ගම සමග පිළිසදරක්‘ වැඩසටහනේ රත්තොට අලකොලමඩ හා අල්වත්ත ප්‍රදෙශවලදි පැවති ජනහමුවලට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
"හැමදාම මේ රටේ සන්ධාන හදනකොට වෙලා තියෙන්නේ සුළු පක්ෂ ප්‍රධාන පක්ෂවලට එකතුවෙන එකයි. අද විපක්ෂයෙන් ප්‍රධාන බලවේගය අපියි. ඒ නිසා අපි හදන සන්ධානය පොදුජන පෙරමුණ වන අතර ලකුණ පොහොට්ටුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විරසකයක් තිබ්බා. ඒවා දැන් නැහැ.
ඇමතිකම් දාලා අපි එලියට ආවේ ඒ විරසකය නැති කරන්නයි. ආණ්ඩුව නටවන සමහර බටහිර බලවේග අපි එකතුවෙනවට කැමති නැහැ. නමුත් බහුතර ජනතාව අපි එකතුවෙනවාට කැමතියි. අපේ කාලේ 8%ක තිබුණු ආර්ථික වර්ධන වේගය අද 4%ට බැහැලා. එදා වේල හොයන ආණ්ඩුවක් මේ තියෙන්නේ. දවසකට රටේ අවශ්‍යතාවයන්ට රුපියල් බිලියන 07ක් ඕන.
ඒත් දිනක අදායම තියෙන්නේ බිලියන 04යි. එහෙම වුනාම දුවන්නේ කොහොමද? අද ජනතාව ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. කලින් ඉන්ධන වලට විතරක් තිබුණු මිල සූත්‍රය අද හැම භාණ්ඩයකට යොදන්න සැලසුම් කරලා. අද මානව හිමිකම් ගැන කතා කරනවා. ඒවා හොයන්න අලුතින් උසාවි හදනවා. එදා එල්ටිටිඊ සංවිධානය සිදු කළ ඝාතනයන් ගැන කතා කරන්නේ නැහැ. අද ජත්‍යන්තර මට්ටටේ කුඩු මුදලාලිලා රටට එන්න හදලා තියෙන්නේ. අද ගම්මිරිස්වලට මිලක් නැහැ. තේ, කුරුදුවලටත් එහෙමමයි. ජනාතව ගැන නොහිතන ආණ්ඩු ආවාම එහෙම වෙනවා. ආණ්ඩුව ඇවිත් වසර හතරතුක් ගියා. මහනුවර අධිවේගි මාර්ගයේ කොටසක් බැරි වුණා.
දැන් රත්නපුරේ අධිවේගී මාර්ග හදන්න යනවා. මේවා නිකං සිහින විතරයි. මහින්ද රාජපක්ෂ රජයෙන් පස්සේ කිසිම අයෝජකයෙක් ආවේ නැහැ මේ රටට. අලුතින් ආයෝජකයින් ගෙන්න බැරිවුණා. 2015න් පස්සේ උපාධිධාරීන්ට රැකියා දුන්නේ නැහැ. ටික දෙනෙකුට දුන්නා. ඒ යුඇන්පි අයටයි දුන්නේ. අපි වසර 30ක යුද්ධය දිනුවේ කෙලින් තීන්දු ගත්ත නිසා. එහෙම තීන්දු ගන්න පුළුවන් නායකයෙන් මේ රට පාලනය කළා. අපි ඉදිරියට තියන ඕනෑම මැතිවරණයක් ඉහළින් දිනනවා.
මේ ආණ්ඩුව ඡන්දවලට බයයි. අපි ජනාධිපතිවරණය දිනපු ගමන් මහ මැතිවරණයක් දිනනවා. පළාත් සභා මැතිවරණය තියලා ඒකත් අපි දිනනවා. දිනුවට පස්සේ අපි වැඩ කරනවා" යැයිද ඒ මහතා පැවසීය.
මෙම ජනහමු සදහා හිටපු පළාත් සභා මන්ත්‍රිනි කේශලා ජයවර්ධන, හිටපු අමාත්‍ය බන්දුල යාලේගම, ගුණතිලක රාජපක්ෂ, ප්‍රාදේශීය සභාපති කුමාරසේන තෙන්නකොන්, උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන, මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්වි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් ගොන්නු...... හිතාගෙන ඉන්නේ ඒ අයට විතරයි රට කරන්න පුළුවන් කියල..
වහලුන්ට හිටපු පාලයන්ගේ භීතිකාවෙන් මිදීමක් නොමැත අද රටට ඕනේ නොසැලෙන හොරකම් නොකරන රට ගොඩ නැගිය හැකි පාලනයක්..... එය ලබාගත නොහැක..... මේ අය නැවත අවනත කරන්නේ පලිගැනීම හොරකම වැඩිවීම පමණි ඉන්න සෙට් එක ඊටත් වඩා හොරුය, බුද්ධිමත් ජනතාව හොදට කල්පනා කර තීරණයක් ගන්න කාලය දැන් ඇවිදින්.
කැපුවත් කොලපාටයි කියකියා නිල්පාටට කරණම ගැහැව්වා. රාජපක්ෂලාගෙන් ඇතිතරම් ප්‍රයෝජන ගෙන සිරිසේනගේ පැත්තට වාසි බලාගෙන ආයෙත් කරණමක් ගැහුවා. විලි ලැජ්ජාවක් නැතිව ආයෙමත් රාජපක්ෂලාගේ පැත්තට කරණමක් ගහලා තමයි මේ පම්පෝරි ගහන්නේ. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියන්නේ කට කහනවාට නොවෙයිනේ. එහෙම නේද ?
එතකොට මෙයාට මොකද වෙන්නේ ?
එහෙමනම් ඉතින් ස්ථිර ලෙසම 2014 ප්‍රතිඵලයම තමයි.
රාජපක්ෂ කෙනෙක් එන්න පුලුවන් හැබැයි දිනන්න නම් බැරි වෙයි .ජනතාව දැන් බුද්දිමත්.
පරාජයත් ස්ථිරයි. හොඳම දේ ජවිපෙ ගෙනා 20වෙනි සංශෝධනය අනුමත කර ගැනීමට සහය වීමයි.
අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ.
මුලින්ම එක්සත් ජාතික පක්ෂේ හිටිය එක්කෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා.......දැන් ඉතින් බයටම වහලෙක් වෙලා එදිරියේදී ගෙදරටම මාතර මිනිස්සු යවල දැම්ම නම් හරි
සුපුරුදු විදියට වහලෙක් වගේ ජීවත් වෙයි.
අපරාදේ සිරිසේන මහත්තයා බොරුවට කැඹුරුවා
යුඇන්පි උපාධිධාරීන්ට පමණයි රැකියා දුන්නේ කියල ඔබට මොකුත් කියන්න බැහැ. මොකද්ද ඔබව මෙච්චර දුරට ගෙනාවෙත් යුඇන්පි පාක්ෂිකයෝ.
එකනේ කවුදෝ කෙනෙක් කිවුවේ "අපේ පක්ෂයෙන් පොල් ලෙල්ලක්" ජනාධිපතිවරණයට දැම්මත් දිනනවා කියල! දැන් හැමෝම බලා ඉන්නේ කවුද මේ "පොල් ලෙල්ල" කියලයි. අපේ ගමෙත් පොල්ලෙලි තලා කොහුලනු අඹරන නැන්දලා තවමත් ඉන්නවා. නමුත් ඒ අය දිරච්ච ලණු අඹරන්නේ නැහැ. ළඟ එන මැතිවරණවලදී නම් ඡන්ද දායකයන්ට දිරච්ච ලණු ටොන් ගණන් ලැබෙන්න පුළුවන්.... පරෙස්සම් වෙමු !!!!
ලක්ෂ 300ක් වියදම් කරලා මගුල් කරන්න ඔබතුමන්ලට පුළුවන් වුනේ කොහොමද කියල බුද්ධිමත් ජනතාව දන්නවා, යුද්ධයෙන් පස්සේ රට හදන්න තිබුණු හොඳ අවස්ථාව චීන ණය උගුලත් හොර කමත් නිසා අපට අහිමි වෙලා. තව අවුරුදු 50 කින්වත් මේ රට ගොඩගන්න බෑ. සක්කරයා ආවත් එච්චරයි.
පුත්තු දෙන්නගේ මගුල් කන්න කෝටි 3 යි 4 යි. කොහෙන්ද ඒ සල්ලි?
කළු සිකුරාදාට පසුව කවුරු ආවත් වැඩක් නැහැ…කුජීතයි
අයියෝ එතකොට නාමල් බේබිට මොකද වෙන්නේ? 2025 බාප්පා ඔටුන්න ආපහු දෙයි කියලා විශ්වාසද?
ආර්ථිකේ හතරට බැස්සලූ. ඉතින් මේ මානසික රෝගියාත් ඒ ආණ්ඩුවේ වගකිවයුතු රාජ්‍ය ඇමතිකම් කෙරුවනේ.
ඔබතුමා දැන් හරි නියම තීරණයකට අාපු එක ගැන සතුටුයි. කොහොමත් ලංකාවේ නියම සිංහලයා ඉල්ලන්නේ ගෝඨාභය තමයි. ඔය ලක්මවට විරුද්ධව ලියන අය කලවම් සිංහලලු...
මහින්ද රාජපක්ෂ අද කියල තියෙනවා බැසිල් රාජපක්ෂ තරඟ කරන්නේ නැහැ ගෝඨාබය ගැන අවසන් තීරණයක් අරගෙන නැහැ කියලා. ගෝඨාබය යන යන තැන"මම තමයි මහ ජනතාව ඉල්ලන්නේ. මට විතරයි මේ වැඩ කරන්න පුළුවන්" කියමින් ඇවිදිනවා. පොදුජන පෙරමුණේ කටයුතු පාලනය කරන්නේ එහි සාමාජිකත්වයක් වත් නැති කෙනෙක් බවයි මෙයින් ඔප්පු වෙන්නේ. දේශපාලන පක්ෂයක් වාසි පතා කරන සුළු පිරිසකගේ අසීමිත "පුද්ගල වන්දනාව" මත ගොඩනඟා ගන්නට පුළුවන් වුනත් එවැනි කණ්ඩායමකට ජනාධිපතිවරණක් දිනාගැනීම සඳහා අවම වශයෙන් 51% ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නට පුළුවන් වේවිද? මහින්ද රාජපක්ෂ දවස් 52කේ අගමැති වුන හැටියේ පොහොට්ටු සාමාජිකත්වය ලබාගෙන ඒ උත්සවය උජාරුවට ප්‍රචාරය කරගත්තා අපට මතකයි. නමුත් වරුවේ ඇමතිවරු එක්ක ඒ ආණ්ඩුව හමස් පෙට්ටියට ගියාට පස්සේ කියනවා අපි පොහොට්ටුවේ සාමාජිකත්වයක් අරගත්තේ නැහැ කියල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන කොලේ වහල ගෙනයන මේ වැඩ පිළිවෙල ඡන්දදායකයින් ගොනාට ඇන්දවීමක් නොවන්නේ කෙසේද? මේ සියල්ලටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය අමුඅමුවේ කඩකරන සාමාජිකයින්ට තරාතිරම නොබලා නිසි දඬුවම් ලබාදෙන්නට තරම් කොන්දක් නැති නායකයින්ද සමසමව වගකිව යුතුයි.
දැන් කවුරු වුනත් කමක් නැහැ ඡන්ද ප්රචාරයට ලොකු බේබි ගාව ගත්තොත් ඇපත් රාජසන්තක වේවි. කට ඇරියොත් කියන්නෙම මොන්ටිසෝරි කතානේ !
ගෝඨාබය ඉදිරිපත් වුනොත් මා සිතන්නේ නැහැ ඔහුට සුළු ජාතීන්ගේ ඡන්ද බොහොමයක් ලැබේයි කියා. එබැවින් අවසන් ප්‍රතිපලය 2014 දී මෙන් වෙයි.
මෙන්ඩිස් ඔයා සුලුජාතිකයෙක්ද එහෙනම් දෙන්න එපා ගෝඨාට
මේ රට පුංචි ඇමෙරිකාවක් කරනවට කවුරුද අකමැති?
මෙයා කතාකරන්නේ මැරිලා ඉපදුනා වගේ... මේ වයසට සිල් ගන්නවා ඇරෙන්න මොලේ වෙහෙසෙන දේවල් කරන්න බැහැ. මහින්දගේ කාලේ රැකියා සියල්ලම දුන්නේ තම පරම්පරාවේ. අයට විතරයි. ,රජයේ ආයතන වල ලොකු පුටුවේ ඉඳගත්තු අයගේ සෙල්ලම් මොහුට අමතකයි. මොවුන් රටට, ජනතාවට ආදරේ නැහැ. හොරු වෙනුවෙන් කඩේ යනවා.. යෝෂිත ඉඳගත්තේ නාවික හමුදාවේ උසස්ම පුටුවේ මොනවා දැනගෙනද? ජනතාව මෝඩ නැහැ... රට කරන්න එන අය තමයි මෝඩ, නැතිනම් හොරු රැලක් ඉස්සර කරගෙන කඩේ යයිද? හරි උගත් කෙනෙක් ඉන්නවද? ඔය පක්ෂේ වංචා කාරයෝ සේරම ජනතාව දන්නවා ගොනාගෙයි, මීහරකගෙයි වෙනස. මුන් දන්නේ නැහැ...
යුද්ධයට බයේ ඇමරිකාවට පැනලා ගියපු එක්කෙනා ඇවිල්ලද බ්‍රෝ..?
අනේ අපේ කොඳු බිඳිලා. අපි වහලුන් වෙමු
ඇත්තටම මේ පරණ මිනිස්සු අතහැරලා රටට ගැලපෙන තරුණ දක්ෂ අවංක නායකයෙක් මේ රටෙන් හොයාගන්න බැරිද? පක්ෂ අමතකරලා දාලා. පක්ෂ අවුරුදු 70ක් කරපු දෙයක් නෑනේ...