(ඩී.ජි.සුගතපාල)
දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (26) පැවති සභා රැස්විමට මිනී පෙට්ටියක් සහ මල් වඩම් රැගෙන පැමිණිම නිසා සභාවේ හා ඒ අවට උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ගාල්ල ප්‍රධාන මාර්ගයේ සිට මිනී පෙට්ටිය සහ මල් වඩම් රැගෙන පැමිණි මන්ත්‍රිවරු ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරින්ගේ විරෝධයද නොතකා සභා ශාලාවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටට පැමිණියේය.
පසුව රැගෙන ආ මිනී පෙට්ටිය සහ මල් වඩම් සභා ශාලාවේ ප්‍රධාන දොරටු අසළ තබා විරෝධය පළ කිරිම නිසා සභා ශාලාවට ඇතුලුවිමට නොහැකිව බොහෝ දෙනෙකු ශාලවෙන් පිටත රැඳි සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොයෙක් විකාර කරන පිරිස් වැඩිපුර සිටින්නේ දකුණු පළාතේ තමයි. එම පළාතේ උපන්නෙක් තමයි පාර්ලිමෙන්තුවටත් මිනී පෙට්ටියක් ගෙනගියේ. දකුණු පලාතේ කොඩියටත් එම ලකුණම යෙදුවොත් නරකද?
පළාත් සභා මන්ත්‍රීවරු කවදද මොලේ ඇති වැඩක් කලේ?
එළහරක් ගොඩ ඇවිදිනවාට මී හරක් විරුද්ධය. මී හරක් මඩේ ඇවිදිනවාට එළ හරක් විරුද්ධය. කවුරු කාට විරුද්ධ වුනත් මුන් දෙගොල්ලම හරක් බව අපි තේරුම් ගත යුතුය. එහෙම තේරුම් ගත නොහැකි නම් අපිත් හරක්ය.
කරන්නෙම මේ වගේ වැඩ, දැන් පොල් ගාන වැඩි නිසා දේවාලේ යන්නේ නැත්ද?
ඕවා ඉතින් කලක ඉඳන් සන්ධාන ගතවීමට වලිකන පොර කුකුලන් වෙනුවෙන් ගෙනාපු අත්‍යවශ්‍ය උපකරණ වෙන්න බැරිද?
මේ ගොල්ලෝ වල පල්ලට යා යුත්තේ මිනී පෙට්ටි නොමැතිවයි. මැරෙන්න කලින් වලට යනවා නම් එ්ත් හොඳයි.
මහත්තයෝ, ඔය ජාතියේ එකක් බමුණුටත් ප්රදානය කෙරුවොත් නරකද..?