( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක් අවභාවිත කළැයි ඇතුළු චෝදනා හතක් යටතේ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ අභියාචන රිට් පෙත්සම මැයි 6 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා තමන්ට වෙනත් කටයුත්තක් ඇති බැවින් පෙත්සම සළකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන් , එම.එස් .කේ.බී විජේරත්න , චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.
මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත‍්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය. එම විරෝධතාව සළකා බලා එය ප‍්‍රතික්ෂේප කෙරිණි. මෙය නීතියට පටහැනි වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප‍්‍රතික්ෂේප කරමින් ප‍්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද , මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නිෂ්ප්රභා වුනොත් තව පෙත්සමක් දාන එකනේ කෙරෙන්නේ.. තව මාස 5ක් විතරනේ ඇදගෙන යන්න ඕනෑ. දැන් රජකම ගන්න නියත විවරණ එහෙමත් ලැබිලානේ. ඉතින් කවුද අප්පා මෙයාට විරුද්ධව තීන්දු දෙන්නේ?
2015 සිට මේ වගේ නඩු පිළිබඳව අපිට පෙන්නේ, චෝදනා එල්ලවී ඇති පාර්ශවයටත්, හොරු අල්ලන බව ආපු වර්තමාන පාලකයන්ටත් කිසිම වෙනසක් නැහෙ. මේ දෙගොල්ලන්ට ආපහු බලය දුන්නුත්?
සල්ලි බලයෙන් අත් අඩංගුවට ගැනීම වලක්වන්න හා නඩු විභාග නැවැත්වීමට පුළුවන් බව මෙතුමාගෙන් දැනගැනීමට ලැබීම අපට වාසනාවක්....
එහෙම බලයක් නැතිනම් බලයක් තිබෙන අධිකරණයකට දමලා ජම්පරය අන්දවන්න.
තව මාස පහක් විතරනේ තියෙන්නේ. වරදක් කර නැත්නම් උසාවි යන්න බය මොකද කියල අපටනම් තේරුම් ගන්න අමාරුයි. බලය නැතුව මේ විදිහට උසාවි නටවන්න පුලුවන්නම් බලයට පත් උනහම කොහොම තියෙයිද කියල තමයි අපට හිතේ තියාගෙන චන්දය දෙන්න වෙන්නේ.