උත්සව සමය සඳහා මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සළසන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා එක් රැස් කිරීම වර්ධනය කිරීමටත්, දෛනික නිෂ්පාධිත අයිස්ක්‍රීම් හා යෝගට් ප්‍රමාණය 20,000 කින් ඉහළ දැමීමටත් උපදෙස් ලබා දී ඇත.
විදේශීය කිරිපිටි ගැටළුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් මතුව තිබේ. මේ හෙයින් දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමීමේ අරමුණ වී තිබේ.
දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දී තිබේ.
දෛනික කිරි සැපයුම වියලි කාලගුණය සමඟ ලීටර් ලක්ෂය දක්වා අඩුවි ඇති අතර, අඹේවෙල කිරි කර්මාන්තශාලාව සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 04ක අවශ්‍යතාවයක් පැන නැඟී ඇතැයි එම හමුවේදී අනාවරණය වී තිබේ.
එමෙන්ම කිරි එක් රැස් කිරීමේ නිලධාරීන් සඳහා මෙම මාස කිහිපය තුළදී ඉලක්කයක් ලබා දී ඇති අතර , එය සැපිරීමට කටයුතු නොකරන නිලධාරීන්ට අවශය නීතීමය පියවර ගන්නා ඉදිරියේදී ගැනීමටද නියමිතය.
මෙම අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් රැසක් සහභාගී වුහ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා 2004 අනුර කුමාර සහෝදරයා කෘෂිකර්ම හා පශු සම්පත් ඇමති වෙලා ඉදිද්දී මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. කිරි ගොවීන්ට වසර අවසානයේ ලීටරයකට රුපියල ගණනේ අමතර බෝනස් මුදලක් ගෙව්වා. රට පුරා කිරි ගොවි ගම්මාන ඇති කළා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගියානම් අද මේ වෙනකොට පිටරටින් කිරි ආනයනය කරන්න වුවමනා වෙන්නේ නැහැ.
අරින්න එපා ගේම!!, ජයවේවා!!!. බහු ජාතික සමාගම්, පිටරටින් එන දේ කන්න බොන්න බලන් ඉන්න අපේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් අපිම සපුරා ගන්න ඕනෑ. එතකොට වැඩිකල් නොගිහින් අපිට තනියම නැගිටින්න පුළුවන්...
නිලධාරීන් ට දඩුවම් නොවේ දිරි දීමනා ලබාදීම උචිත බව පුංචි මොළේ ට තේරුනේ නෑ වගේ.
දේශීය දේ අගයකල මමත් අපේ පවුලේ අයත් පාවිච්චිකලේ හයිලන්ඩ් කිරිපිටි පමනයි. වත්මන් ඇමතිතුමා ආවට පස්සේ හයිලන්ඩ් කිරිපිටි නැති නිසා අපිට උදේට බිව් කිරි එකත් නැතිවුනා. මෙපමන දිනක් කිරි නොදුන් වැස්සියො ඔබතුමා උපදෙස් දුන්නට කිරි දෙයිද?
උත්සව සමය සලකලා එළදෙනුන් වැඩි කිරි ප්‍රමාණය නිෂ්පාදනය ය කරනවාද එසේ නැතිනම් ඇමති අනුහසින් වෙනත් කටයුත්තක් සඳහා යොදාගත් කිරි මේ සඳහා යොදාගනවාද? නොඑසේ නම් ආණ්ඩුවේ හරකුන්ට උත්සව සමය නිසා කිරි එරිලාද අනේ මෙහෙමත් කතා.
ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පරීක්ෂණ ආරම්භ කළේය. 2015 වසරේ සිට සිදුවූ වංචා සහ දූෂණ ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද මෙම ගනුදෙනුවට අදාළව සාක්කිකරුවන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. කිරි ගවයන් ගෙන්වද්දි සිදුවී ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ‘‘කිරි හරක් ආනයන හරක් වැඩේ‘‘ මැයෙන් ලංකාදීප සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් පසුගිය පෙබරවාරි මාසයේ අනාවරණය කළේය. මෙම අවිධිමත් ආනයනය නිසා රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇතැයි දැනගන්නට තිබේ. පළමු අධියරේ කිරි ගවයන් ගෙන්වීමට පමණක් ගිය වියදම රුපියල් කෝටි 103කට අධිකය.
අනුර කුමාර දිසානායක මහතා 2004 කෘෂිකර්ම හා පශු සම්පත් ඇමති වරයා ලෙස මිල්කෝ ආයතනය ලාබ ලබන තත්වයට පත් කළා. වසර අවසානයේ කිරි ගොවීන්ට ලීටරයකට රුපියල බැගින් අමතර බෝනස් මුදලකුත් ලබා දුන්නා. රට පුරා කිරි ගොවි ගම්මාන ඇති කළා. ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක උනානම් අද අපේ රටට කිරිපිටි ආනයනය කරන්න උවමනා වෙන්නේ නැහැ.