මහින්දට බහුතරය නැති බව කතානායක තහවුරු කර ඇතැයි අභියාචනාධිකරණයට දැනුම්දෙයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් , ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇතැයි ජනාධිපති නීතීඥ ඊ. කන ඊශ්වරන් මහතා අද (30) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 30 November 2018
වෛද්‍ය සභාවට එරෙහි පෙත්සම 7 වැනි දා විභාගයට අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිණී සිසුවියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 7 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ( 30) තීන්දු කළේය. 30 November 2018
එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක් උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 30 November 2018
කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ ටී56 ගිනි අවියකින් මඩකලපුව වව්නතීව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා ඝතනය කර ඇත්තේ ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා බව පොලිසිය කියයි. 30 November 2018
‘‘යුක්තියේ යාත්‍රාව’’ හෙට කොළඹින් ඇරඹේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත්‍රාව’’ රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසලින් හෙට (01) පෙරවරු 6.30 ට ආරම්භ වේ. 30 November 2018
මඩකලපුව සිද්ධිය හොයන්න රහස් පොලිසියෙන් යයි මඩකලපුවේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ ඇත. 30 November 2018
‘මේ රජය ඉදිරියට යනවා : වෙනසක් අවශ්‍ය නෑ’ වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පැවසීය. 30 November 2018
යාන් ඔයේ මෙහෙයුම් අවසන් හොරොව්පොතාන හබගම ප්‍රදේශයෙන් ගලා යන යාන් ඔයේ තිබී ගිනි අවි අමතර කොටස් රැසක් සහ පතුරම් රැසක් සොයා ගැනීමට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අද (31) සමත්වී තිබේ. 30 November 2018
‘කියපු දේ ජය ගැනීම ගැන දුකයි‘ ‘මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවසීය. 30 November 2018
ඇමැතිවරුන්ගේ - කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මතයි ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මත විය. 30 November 2018
ඇමැතිවරුන්ගේ වියදම් කපන යෝජනාව අද මැතිසබයට පාර්ලිමේන්තුව අද පස්වරු 10.30 ආරම්භ වීමට නියමිතය. 30 November 2018
වව්නතිව් මාර්ග බාධකය අසළ තිබී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ. 30 November 2018
පක්ෂ කිහිපයක නියෝජිතයෝ හෙට ජනපති හමුවෙති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරු ජයසූරිය මහත්වරුන් අතර ඇතිකර ගන්නා ලද එකඟතාවන්ට අනුව හෙට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයට සහයෝගය දුන් පක්ෂ කිහිපයක නායකයන් ජනපති හමුවීමට නියමිතය. 29 November 2018
ජනපතිගේ ගැසට්ටුවට එරෙහි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ පෙත්සමත් ලබන 4 වැනිදා කැඳවන්න නියෝග පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 04 වැනි දා එම සිද්ධියේ අනිත් පෙත්සම් සමඟ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 29 November 2018
අතීතයටත් බලපාන පරිදි සහකාර පොලිස් අධිකාරීට උසස්වීමක් කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී කේ ඒ ජේ කුඩිතුවක්කු මහතා පොලිස් අධිකාරී නිලයට උසස් කිරීම සඳහා අද (29) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන් බව පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 29 November 2018
තෙල් මිල විෂමතා ඉවත් කරන්න අගමැතිගෙන් උපදෙස් තෙල් මිල විෂමතා ඉවත් කර සමාන මිලක් ඇති කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති තෙල් සමාගමට අයත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී පැවැසීය. 29 November 2018
ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි විධායක ජනාධිපතිවරයාට තමන් සමඟ වැඩ කළ හැකි අගමැතිවරයෙක් පත් කර ගත යුතු බව සැබෑ යැයි කී රතත හිමියෝ ගොඩ වැඩි නම් 113 ත් ඇත්නම් වෙනත් කෙනෙක් නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය නම්‍යශීලී විය යුතු යැයි ද කීහ. 29 November 2018
කඩුගන්නාව දුම්රිය කෞතුක භාණ්ඩවලට හානි කළැයි පරීක්ෂණයක් ඉල්ලයි කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රැසක් කොළඹට ප්‍රවාහනය කිරීමේදී අලාභ හානි සිදුකර ඇතැයි ද ඒ ගැන ඉහළ මණ්ඩලයක් පත්කර පරීක්ෂණයක් කරන්නැයි ද ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් ඉල්ලා සිටිමින් ලිපියක් යොමු කර ඇත. 29 November 2018
කතානායකගේ අත්සන ඇති හොර ලියුම ගැන පරීක්ෂණ ඇරැඹේ කතානායකවරයා අගවිනිසුරුවරයාට ලිපියක් යවන ලදැයි කියමින් කතානායකවරයාගේ අත්සන ව්‍යාජව යොදා ලිපියක් සකස් කිරීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා රහස් පොලිසියට අවසර ලබා දී තිබේ. 29 November 2018
මාතර සිසුවාගේ ඝාතනයේ සැකකාර සිසුවා පොලිසිය නොමග යවයි මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළසිසුවකු ඝාතනය කිරීමට යොදාගත් පිහිය හා සිද්ධියට අදාළ නඩු භාන්ඩ දැමු බවට සැකකාර සිසුවා හෙළි කළ ස්ථානයන් සෝදිසියට ලක් කළත් කිසිදු නඩු භාණ්ඩයක් සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බව වාර්තා වේ. 29 November 2018
ප්රභාකරන්ගේ රුව - බැනර් ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු මුම්බායිහිදී අත්අඩංගුවට ඉන්දියාවේ මුම්බායිහිදී එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූප සහිත බැනර් ප්‍රදර්ශනය කළ කොටි හිතවාදීන් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී. 29 November 2018
අවුල්සහගත දේශපාලනය නිමා කිරීමට ජනපතිගේ එකඟතාවය රටතුළ උද්ගතව තිබෙන අවුල්සහගත දේශපාලන වාතාවරණය නිමා කිරීම සඳහා කඩිනම් විසඳුමකට එළඹීමේ ක්‍රියාමාර්ග ගැනීමට කතානායකවරයා සමඟ අද (29) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟතාවය පළකළ බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 29 November 2018
බසය ඇළට පෙරැළී තිදෙනෙක් මරුට - 20කට තුවාල යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක් නාත්තන්ඩිය වලහාපිටිය ප්‍රදේශයේදි අද (29) සවස හැමිල්ටන් ඇළට පෙරළි බස් රථයේ ගමන්ගත් තිදෙනෙක් මිය ගොස් 20 ක් පමණ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුල් කල බව මාරවිල පොලිසිය පවසයි . 29 November 2018
කතානායකවරයා ජනපති ලේකම් කාර්යාලයෙන් පිටව යයි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට පැමිණි කතානායක කරු ජයසූරිය මහතා පස්වරු 5.05ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව ගියේය. 29 November 2018
තාජුඩීන් ඝාතනයේ මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නියම මිනීමරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 29 November 2018
රැඳවියෝ 13 ක් සාපෙළට පෙනී සිටිති මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට රැඳවියන් 13 ක් පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. 29 November 2018
මාධ්‍යවේදියාට පහර දුන් නාවික හමුදා නිලධාරියා අවවාද කර මුදාහරී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ ඔහුගේ ඡායාරූප ගනිමින් සිටි ඡායාරූප මාධ්‍යවේදී ඉන්දික හදුවල මහතාට අධිකරණය භූමියේ දී පහර දීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි නාවික හමුදා සාමාජිකයා තරයේ අවවාද කර මුදාහැරිය බව පොලිසිය කියයි. 29 November 2018
සිසු ඝාතනයේ සැකකාර සිසුවා සිද්ධිය වු ස්ථානයට රැගෙන යයි මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළ සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල වැදගත් සාක්කි කිහිපයක් සොයා ගැනීම සදහා මාතර මූලස්ථාන පොලීසිය අද (29) මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව සැකකාර 16 හැවිරිදි සිසුවා බන්ධනාගාර නිලධාරීන් බාරයේ මාතර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවේය. 29 November 2018
ජනපති සමඟ සාකච්ඡා කරන්න ඕනෑ බව ඇමැති විජයදාස කියයි බහුතර බලය ඇති කණ්ඩායමකට රටේ පාලන බලය ලබා දී රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පැත්තෙන් කැමැත්තක් ඇති නිසා ඔහු සමඟ සාකච්ඡා කරන්නැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. 29 November 2018
නඩු කටයුත්තක් තිබියදී යෝජනා විවාදයට ගෙන සම්මත කිරීම වරදක් අග්‍රාමාත්‍යවරයාගේ සහ ඇමැතිවරුන්ගේ වියදම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ගොනුකර ඇති නඩුවක් මේ වන විටත් විභාග වෙමින් පවතින නිසා පාර්ලිමේන්තුව තුළ ඊට අදාළ යෝජනාවක් විවාදයට ගෙන සම්මත කිරීම වරදක් බව සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 29 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026