එජාපෙ ආණ්ඩුවක් පිහිටුවන්න දෙමළ සන්ධානයේ සහය එක්සත් ජාතික පෙරමුණ ඔක්තෝබර් 26ට පෙර පවත්වාගෙන ගිය ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමට තම සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිට දැනුම් දී තිබේ. 29 November 2018
කලකට පසු රුපියල ඉහළ යයි අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියලේ අගය කලකට පසු අද (29) ඉහළ ගියේය. 29 November 2018
කතානායක ජනපති ලේකම් කාර්යාලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය. 29 November 2018
පෙර තිබූ රජය යළි පිහිටුවන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කා හටද යන්න මේ වන විට සක් සුදක් සේ පැහැදිලි වී ඇති බැවින් ඔක්තෝබර් 26 වැනිදාට පෙර තිබූ රජය යළි පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 29 November 2018
ට්‍රම්ප්- පුටින් හමුව හෙට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජී 20 සමුළුවට සමගාමීව සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි වාර්තා වේ. 29 November 2018
බැඳුම්කර නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවේ විභාගයට කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව විසින් තීරණය කර ඇතැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29) සඳහන් කළේය. 29 November 2018
මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 29 November 2018
නත්තල්දා උත්තර පත්‍ර බැලීමට ගුරුසේවා සංගමයෙන් විරෝධය කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැළකෙන නත්තල් දිනය දා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම සිදුකරන දිනයක් ලෙස විභාග දෙපාර්තමේන්තුව කාල සටහන් සකස් කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි. 29 November 2018
‘ඉදිරියේ දී ඡන්දය ප්‍රකාශ කරන්න විද්‍යුත් ක්‍රමය හඳුන්වා දෙනවා’ ඉදිරි ඡන්දවලදි ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වා දිමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (29) ගාල්ලේදී පැවසිය. 29 November 2018
‘සාක් සමුළුවට ඉන්දියාව නෑ’ පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය. 29 November 2018
ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුවට නෑ ආණ්ඩු පක්ෂය අද (29) දිනයේත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව ඉදිකිරීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 29 November 2018
අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි - පක්ෂව ඡන්ද 123 - 0 අගමැති ලේකම්වරයාට රජයේ මුදල් වෙන් කිරීමට බලයක් නැතැයි කියමින් අගමැති වැය ශීර්ෂය කපා හැරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ගෙන ආ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. 29 November 2018
ත්‍රිවිධ හමුදා ප්‍රධානියා කොළඹ බන්ධනාගාරයෙන් වැලිකඩට රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ලංකාදීපයට පැවසීය. 28 November 2018
අපේ අරමුණ රනිල් අගමැති කිරීම නොවෙයි රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් තමන්ට ඇත්තේ ඔක්තෝබර් 26 වැනිදා රටේ ව්‍යවස්ථාවට සිද්ධ වූ උල්ලංඝණය නැවත නිවරුදි කර බලාත්මක කරවීම බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා කීය. 28 November 2018
කතානායකට එරෙහිව වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව කොළඹ වංචා විමර්ශන අංශයේ ආරංචි මාර්ග කියයි. 28 November 2018
‘‘අලුත් සන්ධානයක් ලියාපදිංචි කරනවා‘‘ ප්රජාතන්ත්රවාදය අගයන සියලු පක්ෂ සමඟ සන්ධාන ගතවූ නව දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායන රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (28) පැවැසීය. 28 November 2018
‘‘නිල කාලයෙන් පසු ජනපතිට එරෙහිව නඩු මගට‘‘ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වූ වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කොළඹදී පැවැසූහ. 28 November 2018
කොළඹට පැය 3 කදී මි.මී. 122 ක වැස්සක් කොළඹ නගරයට අද (28) පස්වරුවේ පැය කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වීම නිසා ජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිව තිබිණි. 28 November 2018
අගමැතිට වෙන් කරන මුදල් කපා හැරීමේ යෝජනාව හෙට සම්මත කරගන්නවා අගමැතිවරයාට වෙන් කෙරෙන මුදල් කපා හැරීමේ යෝජනාව හෙට (29) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ලංකාදීපයට පැවැසීය. 28 November 2018
ආවා කල්ලියේ ලොක්කෙක් රිමාන්ඩ් ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ පුද්ගලයකු යැයි පොලිසියෙන් කියන අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නම් පුද්ගලයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය. 28 November 2018
රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන වාර්තාව ජනපතිට රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කෙරුණු විශේෂ කොමිසමේ වාර්තාව එම කොමිසමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (28) පිළිගන්වනු ලැබීය. 28 November 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ් කප්පම් ගැනීම සඳහා තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ ප්‍රධාන සැකකාර ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට සැඟවී සිටීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට භාරවූ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 28 November 2018
ලබන වසරේ මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1,735ක් අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක්, ලබන වසරේ මුල් මාස 4 සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියන 1,735ක මුදලක් වෙන්කර ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 28 November 2018
පොලිස් ලොක්කන් 45කට ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 06 දෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි. 28 November 2018
මාතර පිහි ඇනුම් සිද්ධියේ අනෙක් සිසුවාත් රිමාන්ඩ් උපකාරක පන්තියකට සහභාගීවීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල සිදු කළැයි සම්බන්ධ අනෙක් සිසුවා ද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (28) නියෝග කළාය. 28 November 2018
හැන්සාඩ් වාර්තාව නිවැරදි කරන්නයි ලිපියක් ඉකුත් 14වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමට අදාළ හෑන්සාඩ් වාර්තාවට පාර්ලිමේන්තුවේ සිදුනොවුණු අවස්ථාවක් ඇතුළත් කර එම වාර්තාව විකෘති කර ඇති හෙයින් එය වහාම නිවැරදි කරන්නැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරකවරියට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි. 28 November 2018
සහන නොලබා විශ්‍රාම ගිය සමෟද්ධි නිලධාරීන් වෙනුවෙන් කැබිනට් යෝජනාවක් කිසිදු සහනයක් නොලබා විශ්‍රාම ගිය හා මිය ගිය සමෘද්ධි නිලධාරීන්ටත් සහන සැලසීමට කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 28 November 2018
හෙට පාර්ලිමේන්තු යනවාද යන්න ආණ්ඩු පක්ෂ තීරණය උදේට අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපාහැරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත හෙට (29) දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේ ද යන්න ගැන ආණ්ඩු පක්ෂ තීරණය හෙට උදෑසන ගන්නා බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 28 November 2018
කෙහෙළිය දැන් සම කැබිනට් ප්‍රකාශක නෙවෙයි සම කැබිනට් ප්‍රකාශකවරයෙක් ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැන් සම කැබිනට් ප්‍රකාශකවරයෙක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක, ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය. 28 November 2018
අද්මිරාල්ගේ ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදීන්ට නාවික හමුදාවෙන් බාධා හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධ සිද්ධිය වාර්තා කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටි ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් නාවික හමුදා නිලධාරී පිරිසක් පහරදුන් බවට අධිකරණ පොලිස් මුරපොල වෙත අද පැමිණීල්ලක් ලැබුණු බව පොලිසිය කියයි. 28 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026