හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද (02) වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත. 02 December 2018
ලංගමේට ගල්මුල් වලින් පහර දීමෙන් කොස්තාපල්වරයෙක්ට තුවාල කතරගම සිට අනුරාධපුර හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථවලට අද (2) කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාර හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව චාවකච්චේරි පොලිසිය කියයි. 02 December 2018
ඝාතනයට ලක් වු ගාල්ලේ කොස්තාපල්ට ජනපති අවසන් ගෞරව දක්වයි මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු ගාල්ල උඩුගම ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) ඔහුගේ නිවසට පැමිණියේය. 02 December 2018
එජාපෙ-ජනපති අතර හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 02 December 2018
එජාපය අගමැති ධූරයට රනිල් නම් කරයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා විසින් ද්‍රවිඩ ජාතික සංවිධානයට ලිඛිතව දැනුම් දෙනු ලැබීය. 02 December 2018
‘මාතර මල්ලී’ අත්අඩංගුවට මහරගම ඇරව්වල පාරේ අරලියපුර බලපත්‍රලාභී මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබු රුපියල් කෝටි 700 කට අධික වටිනාකමක් ඇති කැරට් 750 දකුණු අප්‍රිකානු දියමන්තියක් ඇතුළු මැණික් ගල් තොගය කොල්ලකෑ කණ්ඩායමේ තවත් පුද්ගලයකු මැලිබන් හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 02 December 2018
රට ගොඩනගන ජාතික සභාවට වසන්ත සේනානායකත් එයි රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී දැන් පැවැත්වෙන ’රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටී. 02 December 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු සොයා පරීක්ෂණ නාදුනන පුද්ගලයකු විසින් පාසල් ගොස් එමින් සිටි දස හැවිරිදි පාසල් සිසුවියක් නරාවල ප්‍රදේශයේ පාළු නිවසක පිටුපසට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බව අක්මීමන පොලිසිය පවසයි. 02 December 2018
අගමැති මහින්ද රතන හිමි හමුවෙන්න යයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හමුවිය. 02 December 2018
වී මිල වැඩි කරනවා - ඇමති අමරවීර දැනට බල පැවැත්වෙන රජයේ සහතික වී මිල ඉදිරි දින කිහිපයේදී ඉහළ දැමීමට කුටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (01) දින වලස්මුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී පැවසීය. 01 December 2018
වව්නතිව් ඝාතනයට කිලිනොච්චියෙන් අයෙක් අත්අඩංගුවට වව්නතිවුහිදී පොලිස් නිලධාරීන් දෙදෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව එක් සැකකරුවකු කිලිනොච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 December 2018
පොලිස් පොඩ්ඩන් 2891 දෙනකුට උසස්වීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ පරිදි උප පොලිස් පරීක්ෂකගෙන් පහළ නිලයන්වල පොලිස් නිලධාරීන් 2891 දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පතිවරයා අද නිකුත් කළේය. 01 December 2018
මිහින් ලංකා විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කරයි මිහින් ලංකා සහ ශ්‍රී ලංකා ගුවන් සේවාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂමේ ධූර කාලය 2019 පෙබරවාරි 15 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝග කර ගැසට් පතක් නිකුත් කර තිබේ. 01 December 2018
පාතාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකු අල්ලයි කොළඹ පාතාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකු අද (01) දහවල් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ සැඟව සිටියදී කොළඹ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 December 2018
මහින්දට බහුතරය නැතැයි ජනපති පිළිගත්තා - ටීඑන්ඒ මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නොමැති හෙයින් නව අගමැතිවරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදින නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී තිබේ. 30 November 2018
දේශපාලන අර්බුදයට මැදිහත් නොවී රාජකාරි කරන්න රටේ පවතින දේශපාලන අර්බුදයට මැදිහත් නොවී කිසිඳු ගැටලුවකින් තොරව රාජකාරි කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සියලූම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය. 30 November 2018
අයි.ඕ.සී තෙල් මිල පහළට ලංකා ඛනිජ තෙල් සංසාථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සි සමාගමේ ඉන්ධන මිලද රුපියල් පහකින් අඩු කර තිබේ. 30 November 2018
පවතින්නේ බල ලෝභය මුල් කරගත් අර්බුදයක් පවතින රටාව වෙනස් කරන්න මැතිවණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවකට සුදුසු පිරිස් පත් කර ගන්නැයි පාලකයින්ට අනුශාසනා කිරීමට මහා විහාරය ඇතුළු ත්‍රෛනිකායම තීරණය කොට ඇතැයි ආචාර්ය මැදගම ධම්මානන්ද, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි නාහිමියෝ පැවැසූහ. 30 November 2018
ඩොයිලිලාගේ ක්‍රමයට ඉඩ දෙන්න එපා විදේශිකයන්ට පන්දම් අල්ලන, විදේශිකයන්ගේ චින්තනය කරේ තියාගෙන යන ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන ඩොයිලිලාගේ ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන දේශපාලඥයින්ට ඌව වෙල්ලස්ස අරගලයෙන් පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය. 30 November 2018
සීමා නිර්ණය වාර්තාව පැටළිලි සහගත තත්ත්වයක සීමානිර්ණය වාර්තාව මේ වන විට කිසියම් පැටළිලි සහගත තත්ත්වයකට පත්ව ඇති බවත්,එය සමාලෝචනයක් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගැසට් නිවේදන නිකුත් කළ නොහැකිව සිටින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. 30 November 2018
‘දැන් පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අපි පිළිගන්නේ නෑ’ දැන් පාර්ලිමේන්තුව තුළ සිදුවෙන විවාද පාර්ලිමේන්තුවේ විවාද විදියට අප සළකන්නේ නෑ. ඒවා සාමාන්‍ය සාකච්ඡා පමණයි. පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමේදී හා පනත් සම්මත කිරීමේදී ක්‍රමවේදයක් තිබෙනවා. ස්ථාවර නියෝග වලට පිටින් යමින් දැන් සිදුවෙන විවාද හා යම් යම් පනත් සම්මත කිරීම නීතියට පටහැනිව සිදු වෙනවා. එම නිසා ඒ කිසිවක් අප පිළිගන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 30 November 2018
පාර්ලිමේන්තුවේ දින 4 ක වියදම කෝටි දෙක හමාරක් ඉකුත් දින හතරේ පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි. 30 November 2018
මන්ත්‍රීවරුන්ගේ මුද්දර පහසුකම තවම තිබේදැයි තැපෑලට ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නොමිලේ සැපයෙන තැපැල් මුද්දර භාවිතය තැපැල් දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් වී ඇතැයි එම දෙපාර්මේන්තු ආරංචි මාර්ග පවසයි. 30 November 2018
මන්ත්‍රීවරුන් 122 පෙත්සම් විභාගය 03 වැනි දාට කල් යයි විශ්වාස භංගයෙන් පරාජයට පත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම සහ මන්ත්‍රීවරුන් ඇමැති ධුරවල කටයුතු කිරීම වලක්වාලන ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 03 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 30 November 2018
හිටපු ලේකම් විලී ගමගේට පැනවූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කාර්යාලයක් පවත්වාගෙන යාමට ඉඩ සලසා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විලි ගමගේ මහතාට විදේශ ගතවීමේ තහනම තාවකාලිකව ඉවත් කළ ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ලබන වසරේ මාර්තු 01 වැනිදා දක්වා එම අවසරය අද(30) ලබාදුන්නේය. 30 November 2018
එජාපෙට සහය දෙන්න දෙමළ සන්ධානය ගත් තීරණයට ටෙලෝ සංවිධානයේ අප්‍රසාදය එක්සත් ජාතික පෙරමුණට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගනු ලැබූ තීරණයට දැඩි අප්‍රසාදය පලකරන ටෙලෝ සංවිධානය සහාය දුන් මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කරන බව සඳහන් කර සිටීයි. 30 November 2018
මන්ත්‍රීවරුන් 122 පෙත්සම විසි කරන්නැයි නීතීඥවරයා ඉල්ලයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි අදාළ පෙත්සමෙ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද ( 30) දැනුම් දෙන ලදී. 30 November 2018
වසර දෙකකදී මැතිවරණ 3 ක් ඉදිරි දෙවසර තුළ මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (30) පැවසීය. 30 November 2018
පෙට්‍රල්- ඩීසල් මිල පහළට පෙට්‍රල් සහ ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට රජය තීරණය ඇත. 30 November 2018
පොලිස්පති සහ සීඅයිඩී ප්රධානියාත් මඩකලපුවට යති අද උදෑසන මඩකලපුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන ගැන සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් කොළඹ සිට ගුවන් මගින් මඩකලපුව බලා පිටත් විය. 30 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026