( පුෂ්පකුමාර මල්ලවආරච්චි
යාපනය පලාලි ගුවන් තොටුපල ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය හා රුපියල් මිලියන 300 ක ප‍්‍රධානයක් මත කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව කාර්මික අපනයන ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඉන්දියානු මහා කොමසාරිස් තරංජිත් සිං මහතා හා පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමතිවරයා මේ බව අනාවරණය කළේය.
ඉන්දීය සහාය මත යාපනය ගුවන් තොටුපලේ මගී පර්යන්තය පුලූල් කෙරෙන අතර ගමන් මලූ පටිය ඉදිකිරීමට නියමිතය.
පසුගිය රජය කඩිමුඩියේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර කලාපීය ගුවන් ගමන් සදහා විවෘත කළද මේ වන විට එම ගුවන් තොටුපල නිසි ලෙස ක‍්‍රියාත්මක නෙින්‍ීම නිසා මේ පියවර ගෙන ඇත. යාපනය ගුවන් තොටුපලේ පොදු ගුවන් ගමන් පාලක උපකරණ හා බිම්ගත කිරීමේ උපකරණද නොමැති බව ඇමතිවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දීමෙන් පසු එහි සංවර්ධන කටයුතු කිරීමට එකගවී ඇත.
යාපනය ගුවන් තොටුපලෙන් පිටව යන මගීන් සදහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව සොයා බැලීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය යහපාලන රජය කරපු හැම සංවර්ධන වැඩකම "අඩුපාඩු" තිබේය කියා අරෙහෙන් මෙහෙන් පැලැස්තර අලවා රාජපක්ෂ සහෝදරයන්ගේ වැඩ හැටියට රටට පෙන්වා දීමට මේ ඇමතිගේ දායකත්වය හොඳම උදාරණයක්. අනේ හොඳයි... ඔහොම යන්.
අයියගෙයි මල්ලිගෙයි බූදලේ වගේ තීරණ ගන්නේ. අහෝ ශ්‍රී ලංකා ! වැඩක් කරන්න ඊට පස්සේ හම්බකරන්න.
ඔන්න කප්පම් ඉල්ලන්නනම් බෑ හරිද ?
දැනටමත් ඔය කියන කලාපීය ගුවන් තොටුපළ කරලා තියෙන්නේ... ආයේ ඉතිං ඔයාට කරන්න දෙයක් නැහැ... කොමිස් මුදලක් සොයා ගැනීමට කලොත් මිස...